Main Logo

Showing posts with label nation. Show all posts
Showing posts with label nation. Show all posts

Tuesday, 28 July 2020

සිංහල බහුතර මතය නොසලකා ලාංකික වෙන්න බැහැ


                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9



සිංහල බහුතර මතය නොසලකා ලාංකික වෙන්න බැහැ

ජාතිය ද ජාතික රාජ්‍යය ද කලින් ඇතිවුණෙ කියල බටහිර බුද්ධිමතුන් අතර වාදයක් තියෙනවා. මෙරට පඬියන්ට ඒ ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි ව යා හැකි දෙයක් බටහිරයකු කියා ඇත්නම් එය ඉස්මතු කර පට්ටා ගැහීම පමණයි. ඊනියා ජාතික රාජ්‍ය ඇතිවීමට පෙර යුරෝපයේ රාජ්‍යවලට නිශ්චිත මායිම් තිබුණෙ නැහැ. ඒවා වෙනස් වුණා. දු කුමරිය විවාහ වෙන විට ඇතැම් විට රටෙන් කොටසක් දෑවෑද්දට දුන්නා. රටක් රාජ්‍යයක් කියන්නෙ පරවේණියට ලබුණු තම හිතු මතේට වෙනස් කළ හැකි දෙයක් ලෙසයි වැඩවසම් යුගයේ සැලකුණේ. පඬියන්ට හැරෙන්න අන් අයට නම් ලංකාවේ වැඩවසම් රාජ්‍යයක් තිබී නැහැ. 

Monday, 27 July 2020

උප්පැන්න සහතිකය සිංහලයන්ගේ මරණ සහතිකය නොවිය යුතුයි

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




උප්පැන්න සහතිකය සිංහලයන්ගේ මරණ සහතිකය නොවිය යුතුයි

උප්පැන්න සහතිකය මෙන් ම විවාහ සහතිකය ද මරණ සහතිකය ද බටහිරයන්ගෙන් අපට ලැබුණු දේ. නමුත් ඒකෙන් කියැවෙන්නේ නැහැ බටහිරයන් එන තෙක් සිංහලයන් නොඉපදී විවාහ නොවී නොමැරී හිටි බවක්. සමහරවිට පෘතුගීසින් එන විට එකගෙයි කෑම වැනි සිරිතක් එකතු වී තිබෙන්නට ඇති. එය අපට කෙසේ කවදා ලැබුණේ ද යන්න ගැන හරි (සංගත) මතයක් නැහැ.  එහෙත් අපේ පැරණි ඉතිහාසයේ අහවලා අහවලාගේ බිරිඳ ආදී වශයෙන් හඳුන්වලා තියෙනවා. නන්දිමිත්‍රගේ බිරිඳ අහවල් ලෙන පූජා කළ බව සඳහන් වෙන සෙල්ලිපි තියෙනවා. 

Sunday, 26 July 2020

එලිසබෙත් රැජින එංගලන්තයේ ද බිරිතානියේ ද රාජධානියේ ද?

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9


එලිසබෙත් රැජින එංගලන්තයේ ද බිරිතානියේ ද රාජධානියේ ද?

පඬියන්ට එක්සත් රාජධානියේ (United Kingdom)  වාසය කරන රටවැසියන් හැඳින්විය හැකි නමක් (නාම පදයක්) ලබා ගැනීම එතරම් පහසු වෙන එකක් නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ (United States of America) රටවැසියන් හඳුන්වන්න නම් ඔවුන් නමක් හදාගෙන තියෙනවා. ඒ ඇමරිකානුවා යන්නයි. දැන් ඇමරිකානුවා කියන්නේ රටක රටවැසියකු ද නැත්නම් මහාද්වීපයක ස්ථිර පදිංචි කරුවකු ද? මහාද්වීපයක් රටක් නොවන නිසා එහි රටවැසියන්වත් රාජ්‍යයක්වත් නැහැ. පඬියකු ඕස්ත්‍රේලියාව ගැන ලියාවි. නවසීලන්තය ඕස්ත්‍රේලියා මහාද්වීපයට අයත් ද? එය දුපත් කිහිපයක්. ලංකාව ආසියා මහාද්වීපයට අයත් ද? අප දුපතක්. එංගලන්තය ඇතුළු බිරිතානිය යුරෝපා මහාද්වීපයට අයත් ද? කරුණාකර මහාද්වීපයක් අර්ථදක්වනවා ද? නිර්චනය කරනවා ද? අර්ථදැක්වීම හා නිර්වචනය යනු දෙකක් ද? ඒ දෙක ම එකම ඉංගිරිසි වචයකට දී ඇති සිංහල වචන.

Saturday, 25 July 2020

මුට නමක් කියාපියෝ

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




මුට නමක් කියාපියෝ 

උප්පැන්න සහතිකයේ ආකෘතිය වෙනස් කිරීමට තීරණය කෙරුණේ ජඩපාලන ආණ්ඩුව විසින්.  එය ක්‍රියාත්මක වීමට යන්නේ දැන්. මෙරට උප්පැන්න නොව මරණය ගැනවත් ඊනියා ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා මේ ආණ්ඩුවට නව උප්පැන්න සහතික ආකෘතිය වෙනත් ම ආකාරයකට වෙනස් කිරීම ප්‍රශ්නයක් වීමට බැහැ. 

Friday, 24 July 2020

ප්‍රශ්නය කාගෙ උප්පැන්න ගැන ද?

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9





ප්‍රශ්නය කාගෙ උප්පැන්න ගැන ද? 

උප්පැන්න සහතිකයේ ජාතිය සඳහන් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගිලා.  මේ ප්‍රශ්නයත් බටහිර සංකල්පවල අවුල් සහගත භාවයත් ඒ සංකල්ප සිංහලට පරිවර්තනය කිරීමේ දී ඇති වන තව තවත් අවුල් නිසාත් ඇති වන දෙයක්. අප ජීවත්වන්නේ ක්‍රිස්තියානි සංකල්ප, ප්‍රවාද ඇතුළු දැනුම්, නීතිය පමණක් නොව ආකෘති ද යොදා ගනිමින්. ලෝකයේ ම තානාපති කාර්යාල ලිපි ගණුදෙනු කරන්නේ ඉනුත් ඉංගිරිසි ආකෘතියේ. උප්පැන්න සහතිකය පමණක් නොව ගමන් බලපත්‍රය ද ඉංගිරිසි ආකෘතියේ.

Wednesday, 27 May 2020

කඳවුරු දෙකක සටනක් හා බොරු තර්ක

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





කඳවුරු දෙකක සටනක් හා බොරු තර්ක 





මිනිසුන් තර්කවලින් නිගමනවලට පැමිණෙණ්නේ යැයි කීම කවුරුන් ඇති කරන ලද කතාවක් වුණත් වැඩ සිද්ධ වෙන්නේ එහෙම නො වෙයි. අප නිගමනවලට (උපකල්පනවලට) පැමිණ ඉන් පසු තර්ක හොයනවා. හිතනවාද නිවුටන් ගුරුත්වාකර්ෂණය ගැන තර්කානුකූල ව නිගමනය කළා කියා. ජීවිතයේ කිසිම දිනෙක දැනුමක් සංස්කරණය නොකළ අයකු නම් එසේ සිතනවා ඇති. 

Tuesday, 27 August 2019

ශ්‍රී ල නි ප පොහොට්ටුව හා ගෝඨාභය

          සිංහල ලිත් ඉලක්කම්


ශ්‍රී ල නි ප පොහොට්ටුව හා ගෝඨාභය 




අද ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර සාකච්ඡා දෙවැනි වටයකට යනවා කියලා කියනවා. ඇතැමුන් කියන්නේ සාකච්ඡා ජනාධිපතිවරණය හා සම්බන්ධ බවයි. මෙය පැහැදිලි නැහැ. තව චුට්ට දුරයි කියල කිලෝමීටර දහයක් විතර යන අයට නම් ඒ පැහැදිලි ඇති. ඒත් චුට්ට කියන්නේ කොච්චර ද කියල කලින් කියනව නම් හොඳයි. 

Sunday, 25 August 2019

ජාතික අපේක්‍ෂකයා, තිස්ස විතාරණ හා ඊනියා ස්මාට් ජාතිකවාදීන්

    සිංහල ලිත් ඉලක්කම් 


ජාතික අපේක්‍ෂකයා, තිස්ස විතාරණ හා ඊනියා ස්මාට් ජාතිකවාදීන්


ගෝඨාභය පක්‍ෂයක අපේක්‍ෂකයා නොව ජාතික අපේක්‍ෂකයා බව බොහෝ දෙනා පිළිගන්නවා. ඒත් මෙතැන දි ප්‍රශ්නයක් පැන නගිනවා. මේ ජාතිය කියන්නෙ මොකක් ද කියන එක. සිංහලෙන් ජාතිය කියන නාමය විවිධ දේට යොදා ගන්නා. කුලයටත් ජාතිය කියල කියනවා. කාරෙකේ ජාතිය මොකක් ද කියල අහනවා. රට ජාතිය ආගම කියලත් කියනවා. 

Saturday, 1 April 2017

සිංහලයෝ හා ලාංකිකයෝ


සිංහලයෝ හා ලාංකිකයෝ





ලාංකිකයා යනු කවුද යන ප්‍රශ්නයට දෙන පිළිතුර කුමක් ද? අප ලාංකිකයකු හඳුනා ගන්නේ කෙසේ ද? පඬියකු අසන්නට පුළුවන් අප සිංහලයකු හඳුනා ගන්නේ කෙසේ ද කියා. සිංහල භාෂාව ලිවීමට නොහැකි සිංහලයන් සිටිනවා. වැඩි පිරිසක් නොවූවත් සිංහල භාෂාව කතා කිරීමට නොහැකි සිංහලයන් ද සිටිනවා. සිංහලයකු හඳුනා ගැනීමට ඇති නිර්ණායක කවරේ ද? සිංහලයකු වන්නේ උත්පත්තියෙන් ද? දෙමව්පියන්ගෙන් එක් අයකුවත් සිංහල නම් යමකු සිංහල වන්නේ ද? සිංහල දෙමව්පියන්ගේ දරුවන් අනිවාර්යයෙන් ම සිංහලයන් වන්නේ ද? දෙමවුපියන් සිංහල නොවීත් යමකුට සිංහල විය හැකි ද?සිංහලයන් අනිවාර්යයෙන් ම ලංකාවේ රටවැසියන් විය යුතු ද?