ජාතික අපේක්‍ෂකයා, තිස්ස විතාරණ හා ඊනියා ස්මාට් ජාතිකවාදීන්
ගෝඨාභය පක්‍ෂයක අපේක්‍ෂකයා නොව ජාතික අපේක්‍ෂකයා බව බොහෝ දෙනා පිළිගන්නවා. ඒත් මෙතැන දි ප්‍රශ්නයක් පැන නගිනවා. මේ ජාතිය කියන්නෙ මොකක් ද කියන එක. සිංහලෙන් ජාතිය කියන නාමය විවිධ දේට යොදා ගන්නා. කුලයටත් ජාතිය කියල කියනවා. කාරෙකේ ජාතිය මොකක් ද කියල අහනවා. රට ජාතිය ආගම කියලත් කියනවා.