සිංහල ජාතිය නැති කරනවා ද?
ඉංගිරිසින් අපට දුන් තේ අප බොන්නේ කුමකට ද? තොටගමුවේ ශ්රී රාහුල හිමියන් වැණූ ආකාරයට තරුණියන්ගේ සිරුර සකස් කර ගැනීමට, තරුණයන්ට තම පෙම්වතියගේ දෙමව්පියන්ගේ සිත් දිනා ගැනීමට, ලෙන්ගතුකම ඇති කර ගැනීමට සහ තවත් දේට. ඉංගිරිසින් අපට දුන් ක්රිකට් අප ක්රීඩා කරන්නේ කුමකට ද? බිග් මැච් යනුවෙන් හඳුන්වන තරගවල දී සිසුන්ට මත්පැන් පානය කරන්න, බාලිකා පාසල්වලට කඩා වැදීමට, රට වෙනුවෙන් ක්රීඩා කරන්නේ යැයි කියන අයට ධනය රැස් කර ගැනීමට, ඔවුන්ට වැඩි වැඩියෙන් තරග පැරදීමට, පුහුණු කරුවන්ට දේශපාලනඥයන්ට පමණ නැති වුවත් මුදල් උපයා ගැනීමට අවස්ථාව ලබා දීමට සහ තවත් දේට.