Main Logo

Showing posts with label Mahinda Amaraweera. Show all posts
Showing posts with label Mahinda Amaraweera. Show all posts

Tuesday, 17 September 2019

සිංහලයන්ට අබ සරණ ද?

      සිංහල ලිත් ඉලක්කම්


සිංහලයන්ට අබ සරණ ද? 


ඊයේ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේ දී මෛත්‍රිපාල තරමක උද්වේගයකින් කතා කරලා. අර චීන සමාගම ගැන කී දේ නොකියා සිටියා නම් හොඳයි. මා කියන්නේ නැහැ මහින්දගේ ආණ්ඩුව තව්තිසාවෙන් පහළ වූ ආණ්ඩුවක් කියා. ඒකෙත් දූෂිතයන් හිටියා. ඒත් මහින්දවාදීන් කැමති නැහැ ඒ ආණ්ඩුවේ කිසිම වරදක් දකින්න. ඒ වගේ ම ඔවුන් කැමති නැහැ මෛත්‍රිපාලගෙ කිසිම හොඳක් දකින්න. 

Sunday, 7 April 2019

මහින්දගෙ ප්‍රකාශය

මහින්දගෙ ප්‍රකාශය

ඇතැමුන් තමන් මහින්දවාදීන් කියා කිවුවත් ඔවුන් මහින්ද කියන දෙයක් විශ්වාස නොකරන බව පැහැදිලියි. අයවැයට ඡන්දය දීම ගැන ශ්‍රී ල නි පක්‍ෂයේ එහෙත් ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායමේ නොවන මන්ත්‍රීවරුන් තුන් ආකාරයකට කටයුතු කර තිබෙනවා. කිහිප දෙනෙකු අයවැයට පක්‍ෂව ඡන්දය දීලා. දුම්න්ද දිසානායක, අප්පච්චි මළෝ වැනි අය අද එ  ජා පාක්‍ෂිකයන් ලෙසයි කටයුතු කරන්නෙ. ඔවුන් ඒ පක්‍ෂයේ සාමාජිකත්වය අරගෙන නැතිව ඇති. ඒත් මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වෙනව නම් ඒ එ ජා පක්‍ෂයෙන්. 

Wednesday, 9 January 2019

ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කළ යුතුයි


ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කළ යුතුයි



මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස කතානායක නැවතත් නම් කරලා. සුමන්තිරන්ගේ පරාජයේ ගමන ඇරඹිලා. ඔහුගේ බොරු තර්ක තවදුරටත් වලංගු වන්නේ නැහැ. අනුර දාසනායකටත් දැන් යන එන මං නැහැ. ඔහු ජනමාධ්‍යයට බණිනව. වොයිස්කට් දේශපාලනය ගැන. ඔහු කරන්නේ මොන දේශපාලනයක් ද? ඒකත් වොයිස්කට් ම තමයි. ජඩමාධ්‍ය මොන තරම් සාධාරණ දැයි පෙන්නුම් කරන්න උත්සාහ කළත් දාසනායක මොන තරම් සමාජවාදියකු දැයි පෙන්නුම් කරන්න උත්සාහ කළත් ජඩමාධ්‍ය නැත්නම් අනුර දාසනායක නැහැ. ඔහු අද ෆෙඩරල්වාදියකු වෙලා. ඔහු ෆෙඩරල් ක්‍රමයට ආවඩමින් කරන ප්‍රකාශවලට ජඩමාධ්‍යවල ඉතාමත් අවම ප්‍රචාරයක් ලැබෙන්නෙ. ඒ ඔහු ආරක්‍ෂා කිරීමට. දාසනායක විධායකය අහෝසි කරන්න කියල බෙරිහන් දෙන්නෙ පළාත් සභා තියාගෙන.