ලේඛකාධිකාර හාමුදුරුවන්ගෙ අනුශාසනය
ඊයේ ජාතික සමතා බලවේගයේ රැස්වීමේ දී අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි
ස්වාමින් වහන්සේ, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන්
වහන්සේගේ අනුශාසනය සිංහල බෞද්ධයන් අවබෝධ කර ගනීවි ද යන්න ගැන මට සැකයක් තියෙනවා.
උන්වහන්සේගේ අනුශාසනයේ හරය වූයේ දේශපාලනඥයන් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී නොසිටින
බවයි. පසුගිය දා ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ඊනියා වාර්තාවේ ඇමිණුම් කියවන
විට ඒ අදහස ඇති වෙනවා.