Main Logo

Showing posts with label Olcott Buddhagama. Show all posts
Showing posts with label Olcott Buddhagama. Show all posts

Tuesday, 7 January 2020

මහින්දගේ වැදගත් ම ප්‍රශ්නය

 සිංහල ලිත් ඉලක්කම්


මහින්දගේ වැදගත් ම ප්‍රශ්නය

දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකට මහින්ද රාජපක්‍ෂ එළඹිලා. සිංහල බෞද්ධයන් තරම් තම ආගමට පූජ්‍ය පක්‍ෂයට හරි පූජක පක්‍ෂයට හරි ගරහන පිරිසක්  ලෝකයේ තවත් නැත් ද? මහින්ද ඒ ප්‍රශ්නයක් ලෙස අසන්නේ නැහැ. ඔහු ප්‍රශ්නයට ඔව් යන පිළිතුර දී ඇති බවයි මට හැඟෙන්නේ. එය එතරම් වැදගත් නැහැ. ප්‍රශ්නය හරි පිළිතුර හරි ඉදිරිපත් කිරීම ගැන මහින්දට පිං දෙන්න ඕන.

Tuesday, 12 November 2019

ජනාධිපතිවරණ නොනගතය

  සිංහල ලිත් ඉලක්කම්


ජනාධිපතිවරණ නොනගතය


ජනාධිපතිවරණයෙහි දී අඩුවෙන් ම කතා වුනෙ ආධ්‍යාත්මික ගුණ වගාව. ආර්ථිකය, දේශපාලනය ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කතා වුනා. නමුත් සංස්කෘතික පැත්ත ගැන කතා කෙරුණෙ අඩුවෙන්. අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසය හා සංස්කෘතිය ගැන කියවුනත් ආධ්‍යාත්මික ගුණ වගාව ගැන කතා කෙරුණා නම් ඒ ඉතා අඩුවෙන්. 

Tuesday, 1 October 2019

ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය

     සිංහල ලිත් ඉලක්කම්

ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය


ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය අධිකරණ තරාදියට දාලා. එහි දී අධිකරණයට ගිහිල්ල තියෙන්නෙ මෙරට බිහි වූ විශිෂ්ටතම බුද්ධිමතුන් මෙන් ම ගවේෂකයන් ද වූ දෙදෙනෙක්. එක්කෙනෙක් කලකට ඉහත සමසමාජ පක්‍ෂ කාර්යලයෙදි මෙරට සමාජවාදයෙහි මහගෙදර දී සමාජවාදය පරාදවීම ගැන දුක්ඛ දොමනස්සයට පාත්‍ර වූ අයෙක්. අනෙක් අය බැරල් මගින් එකල තිබූ මාර්ග බාධකවලට විරුද්ධ ව සෞන්දර්යාත්මක විප්ලවයක් කළ අයෙක්. මා හිතන්නේ ඔවුන් ශාස්ත්‍රීය ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභයගේ ජාතික හැඳුනුම්පත හා මෙරට රටවැසි සහතිකය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු හෙළදරවු කර ගෙන ඇති බවයි. එහෙත් රාජිත ඔවුන්ට නිසි ගෞරවය ලබා දීමට සූදානම් නැහැ. රාජිතට අනුව නඩුව එ ජා පක්‍ෂයේ වැඩක්! රාජිත විශිෂ්ට බුද්ධිමතුනට නිසි තැන දීමට කැමැත්තක් නැද්ද?  

Friday, 25 May 2018

ජාතිකත්වය බෙදීම හා රනිල්




ජාතිකත්වය බෙදීම හා රනිල්



මෙරට දේශපාලනයෙහි වම හා දකුණ යන්න අද වන විට ව්‍යාජයක් බවට පත්වෙලා. වම දකුණ දේශපාලනයක් 1952ට ඉස්සෙල්ල තිබුණා. ඒ දේශපාලනයෙහි ජාතිකත්වයක් තිබුණෙ නැහැ කියන්න බැහැ. එහෙත් ජාතිකත්වය වමේ මෙන් ම දකුණෙත් දකින්න පුළුවන් වුණා. එකල එ ජා පක්‍ෂය එක් පැත්තකත් අනෙක් පැත්තෙ සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ වගේ ම විප්ලවකාරී සමසමාජ පක්‍ෂයත් තිබුණා. විප්ලවකාරී සමසමාජ පක්‍ෂය කියන එක අද ඉන්න අය දන්නෙ නැතිව ඇති. ඒකෙ නායකයා වුණෙ පිලිප් ගුණවර්ධන.

Tuesday, 10 April 2018

මේ කොයි යන්නේ

මේ කොයි යන්නේ

විශ්වාසභංගය පැරදුණේ කා නිසා ද යන්න වැදගත් ප්‍රශ්නයක්. ඉතා පැහැදිලිව බටහිර රටවල හා ඉන්දියාවේ තානාපති හා ඔත්තු සේවා ඇතැමුනට, විශේෂයෙන් ම දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවල මන්ත්‍රීවරුනට බලපෑම් කර තිබෙනවා. ඒ අතර මෛත්‍රිපාල තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට දිය යුතු නායකත්වය දී නැහැ. චන්ද්‍රිකා තවමත් දුමින්ද, අමරවීර හා තවත් අය මගින් එම කණ්ඩායමේ බහුතරයක් මෙහෙයවනවා. දුමින්ද හා අමරවීර ඒ ඒ ලේකම් පදවිවලින් ඉවත් කරනවා නම් හොඳයි. එහෙත් මෛත්‍රිපාලට ඒ සඳහා ශක්තිය නැහැ. අද කළ යුතු ප්‍රධාන ම කාර්යයක් නම් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් ඒ දෙදෙනා එකී තනතුරුවලින් ඉවත් කිරීමයි. එහෙත් එය කරන්නේ කොහොමද යන්න නම් ප්‍රශ්නයක්.

Friday, 9 March 2018

දීර්ඝ ගමනක අවසානය


දීර්ඝ ගමනක අවසානය



අද හැම තැනක ම වගේ ඇහෙන්නෙ සාම කතා. සාමය නැත්තෙ සිංහල බෞද්ධයන් නිසා කියන කතා. සිංහල බෞද්ධ උගතුන් යැයි කියන්නන් ඒවාට වටලප්පන් කතා කියනවා. අප වටලප්පම බෙදා ගන්නවා කියනවා. මෙරට ජාතිවාදයක් නැහැ කියලා හැමෝම වගේ අපට කියනවා. ඒ වුණාට කොත්තුව බෙදා ගන්නෙ නැහැ. කොත්තුවට වඳ පෙති දාලා කියනවා. බැලුව ම ඒක වඳ පෙත්තක් නොවෙයි. ඒක පිටි ගුළියක් කියලා කියනවා.

Sunday, 10 September 2017

ධර්මසිරි හා ධර්මසිරි


ධර්මසිරි හා ධර්මසිරි

ධර්මසිරි සෙනෙවිරත්න හා ධර්මසිරි වීරසිංහ කියන්නේ දෙන්නෙක්. වීරසිංහ ලංකා වෙබ් අඩවියේ සංස්කාරක/පරිපාලක පමණක් නොව නීල මහා යෝධයා නමින් එම වෙබ් අඩවියට ලියන්නෙක්. සෙනෙවිරත්න නම් මට හමුවී තිබෙනවා. දෙදෙනාගෙන් ධර්මසිරි කවුරුන් දැයි දැනගැනීම ඔබට භාරයි. 

Wednesday, 30 August 2017

නීල මහා යෝධයා හෙවත් ධර්මසිරි වීරසිංහ


නීල මහා යෝධයා හෙවත් ධර්මසිරි වීරසිංහ



ලංකාවෙබ් අඩවියේ නීල මහා යෝධයා හෙවත් ධර්මසිරි වීරසිංහ තමා බෞද්ධයකු බව කියනවා. ඔහු බෞද්ධයකු යැයි කියා ගත්තත් ඔහුට කිසිම වැටහීමක් නැති බවත් ඇත්තේ වෛරයක් පමණක් බවත් පහත සඳහන් උපුටා ගැනීම්වලින් මනාව පැහැදිලි වෙනවා. ඔහු ඉදිරිපත් කරන ආගම, සංස්කෘතිය, ඥානය, විඥානය, දැනුම ආදිය පිළිබඳ ව පිළිතුරු දීමට පෙර ඔහුගේ බෞද්ධකම හා තර්කඥානය (දැනුම නොව) මනාව පිළිබිඹු කරන කියුම් ගැන අවධානය යොමු කළ යුතු යැයි සිතනවා.

Wednesday, 23 August 2017

දහම ආගම හා සංස්කෘතිය  - 2


දහම ආගම හා සංස්කෘතිය  - 2





ධර්මසිරි වීරසිංහ මට විද්‍යූත් ලිපියක් එවා තිබෙනවා. එය මෙහි සම්පූර්ණයෙන් ම පළකරන්නේ ඔහුගේ කුහකබව හෙළිදරවු කිරීමටයි. මේ ලිපි පෙළින් මෙරට හා පිටරට ජීවත්වන ඇතැම් බෞද්ධයන්ගේ ඊනියා බෞද්ධකම ගැන ද උගත්කම ද තාර්කික බව ද කියැවෙනවා.

Sunday, 20 August 2017

දහම ආගම හා සංස්කෘතිය


දහම ආගම හා සංස්කෘතිය



ලංකාවෙබ් නමින් පළවන වෙබ් අඩවියේ පරිපාලක ධර්මසිරි වීරසිංහ නමැත්තෙක්. ඔහු කියනා පරිදි ඔහුගේ වයස අවුරුදු හැත්තෑදෙකක් පමණ වන අතර වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. ඔහු එංගලන්තයට ගොස් අවුරුදු හතළිහකට වැඩි බව පැවසෙනවා. ඔහු එංගලන්තයට ගොස් ඇත්තේ පළමු ජ වි පෙ ත්‍රස්තවාදී මිනීමැරුම්වලින් පසුව. එයින් කියැවෙන්නේ නැහැ ඔහු ජ වි පෙ අනුගාමිකයකු බව. මා එසේ කියාත් නැහැ. ඔහු අපහාසාත්මක ව යොදා ගන්නා මහත්තයෝ යන ව්‍යවහාරය නම් ජ වි පෙ පටන්ගත් එකක්. එහෙත් එයිනුත් ඔහු ජ වි පෙ අනුගාමිකයකු බව කිංයැවෙන්නේ නැහැ. මා ඔහු ජ වි පෙ අනුගාමිකයකු බවවත් කියා නැතත් ඔහු සිතන්නේ මා ඔහු ජ වි පෙ ත්‍රස්තවාදියකු යැයි කියා ඇති බවයි. ඔහුගේ වටහා ගැනීමේ ශක්තියට එය නිදසුනක්. ඔහු සිතන්නේ මා ඔහුට අපහාස කර ඇති බවයි. මගේ අගෝස්තු 04 වැනි දා ලිපිය කියවීමෙන් මා ඔහුට අපහාස කර ඇත් ද යන්න තීරණය කරන්න පුළුවන්.



විජයදාස වික්‍රමය, සුදු ආධිපත්‍යය හා ට්‍රම්ප්, රනිල්ගේ නිහැඬියාව හා බැඳුම්කර ආදී මාතෘකා රාශියක් තිබිය දී ධර්මසිරි වීරසිංහට පිළිතුරු දීමට ප්‍රමුඛතාව දෙන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක් විය හැකියි. මේ පිළිතුරු ලිපි එක දිගට පළවන්නේ නැහැ. අතරින් පතර අනෙක් මාතෘකා ගැන ලියන අතර මේ ලිපි පළ වේවි. මේ ලිපි පෙළ පළ කරන්නේ මෙරට උගතුන් යැයි කියන්නන් අද වැටී ඇති තත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට.  



ධර්මසිරි වීරසිංහ දැනට වසර එකහමාරකට පමණ පෙර මගේ ලිපි ලංකාවෙබ් අඩවියේ පළ කළා. එහෙත් පසුව මා බුදුදහම ගැන කියන අදහස්වලට විරුද්ධ ව නීල මහා යෝධයා නමින් ප්‍රතිචාර දැක්වූවා. නීල මහා යෝධයා යනු ධර්මසිරි වීරසිංහ බව මා හඳුනාගත් පසු ඔහු මගේ ලිපි තම වෙබ් අඩවියේ පළ කිරීම නැවැත්තුවා.  ඉන් කලකට පසු ඔහු මගේ ලිපි නැවතත් පළ කළා. මා ඔහුට මගේ ලිපි යැවුවේ නැහැ. එහෙත් ඔහු ඒ ලිපි පළ කළා. ඕල්කට් බෞද්ධයන් ගැන මා ළඟ දී ලියූ ලිපියක සඳහන් කරුණුවලට විරුද්ධ ව ඔහු නීල මහා යෝධයා නමින් මා පුහු චින්තකයකු බව සඳහන් කරමින් ලිපියක් තම වෙබ් අඩවියේ පළ කළා. එය අප ඊයේ කාලය වෙබ් අඩවියේ පළ කළා.



ඔහු නැවතත් මගේ ලිපි තම වෙබ් අඩවියේ පළ කිරීම නවත්තලා. නීල මහා යෝධයා ගැන කී පමණින් ධර්මසිරි වීරසිංහ නම් බෞද්ධයා උරණ වෙලා මගේ ලිපි පළ කිරීමත් නවත්තලා! වීරසිංහ නීල මහා යෝධයා ගැන සැලකිලිමත් වෙනවා. වීරසිංහ නොපිළිගත්තත් නීල මහා යෝධයා නමින් ලියන්නේ ඔහු. තම වෙබ් අඩවියේ තමන් අනුමත නොකරන ඇතැම් ලිපියකට ඔහු ඊනියා පිළිතුරක් දෙන්නේ නීල මහා යෝධයා නමින්. තමාට දිරවා ගත නොහැකි ලිපි ඔහු පළ කරන්නේ නැහැ. ඒ පිළිබඳ ව මගේ විරුද්ධතාවක් නැහැ. ඔහු අනුමත නොකරන ලිපි පළ නොකිරීම ඔහගේ වැඩක්. අපට එයට විරුද්ධ වන්න බැහැ.



එහෙත් නීල මහා යෝධයා නමින් පෙනී සිට තමන් අනුමත නොකරන ලිපිවලට තම වෙබ් අඩවියේ ම පිළිතුරු දීම කිසිම සදාචාරයකට එකඟ නැහැ. විවිධ පුද්ගලයන් ආරුඪ (වීරසිංහට අනුව අන්වර්ථ) නම්වලින් ලිපි ලියනවා. සඟරාවක හරි පුවත්පතක හරි සංස්කාරකවරයකු එක ලිපියකට වඩා ලියන අවස්ථාවල දී, දේශපාලන හේතුමත හෝ වෙනත් කරුණක් නිසා හෝ සැඟ වී සිටීමට අවශ්‍ය වූ විට ආදී වශයෙන් එසේ ලියනවා. එහෙත් නීල මහා යෝධයා නමින් ලිවීමට ධර්මසිරි වීරසිංහට ඇති හේතුව කුමක් ද? ඔහුට ධර්මසිිරි වීරසිංහ නමින් ම ලියන්න පුළුවන්. තම වෙබ් අඩවියට ආරූඪ නමකින් ලියා ධර්මසිරි වීරසිංහ සැඟ වී සිට පහර දෙන නිවටයකුගේ තත්වයට පත්වෙනවා.



මා සිංහල බෞද්ධයෙක්. මා මිනිසුන් විවේචනය කරනවා. මා ධර්මසිරි වීරසිංහ නිවටයකුගේ තත්වයට පත් වන්නේ යැයි කියන්නේ මට බොරු සුචරිතවාදියකු වීමට අවශ්‍ය නැති නිසා. ධර්මසිරි වීරසිංහ කියන අන්දමට ඔහුත් සිංහල බෞද්ධයෙක්. ඒ නිසා ම දෝ ඔහු කාලය වෙබ් අඩවිය වැරහැල්ලක් ලෙස හඳුන්වනවා. ම පුහු චින්තකයකු ලෙස හඳුන්වනවා. ඒ සියල්ල අපහාසත්මකයි. මා නම් කිසි දිනෙක මා චින්තකයකු ලෙස හඳුන්වා ගෙන නැහැ. මා චින්තකයකු යැයි ඇතැමුන් කියනවා. එහෙත් ඒ මා ඔවුන්ට එසේ කීමට කියා නැහැ. මගෙන් ඉගෙන ගත් බොහෝ දෙනා මට විරුද්ධයි. ඔවුන් අතර දේශපාලනඥයන්, ඕල්කට් බෞද්ධයන්, ඉන්දීය හා චීන ගැත්තන්, සයිටම් විරුද්ධවාදීන්, මහින්දවාදීන් ආදීන් ඉන්නවා. ඔවුන් මට වඩා යෝධයන්. මා අඟුටුමිට්ටකු බව ඔවුන් නොකීවාට මා දන්නවා. මා චින්තකයකු, බුද්ධිමතකු, උගතකු නො වෙයි.  ඒ බව මා කියා ඇත්තේ එක් වරක් නො වෙයි. මා දැනට කරන්නේ ලිවීම පමණයි. එය එක්තරා ආකාරයකින් ගත් කළ උපන්නාට කරන දෙයක් පමණයි.



මා කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගැන් වූ බව ඇත්තයි. එය මා ඉගැන්වූ එක ම විශ්වවිද්‍යාලය නො වෙයි. කෙසේ වෙතත් ධර්මසිරි වීරසිංහ නමැති බෞද්ධයා කැලණිය විශ්වවිද්‍යාලය හඳුන්වන්නේ පිරිවෙන් විශ්වවිද්‍යලයක් ලෙස. ඒ එකී විශ්වවිද්‍යාලයට කරන ගෞරවයක් ලෙස නොවන බව පැහැදිලියි. පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමෙන් පිරිවෙන නැති වීම ගැන මට ඇත්තේ අපේ දෙයක් නැති වීම පිළිබඳ කණගාටුවක්. එහෙත් ධර්මසිරි වීරසිංහට ඇත්තේ පිරිවෙනට ඊනියා විශ්වවිද්‍යාල තත්වයක් ලබා දීම පිළිබඳ කණගාටුවක්. ඔහු නොකියා කියන්නේ පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමෙන් විශ්වවිිද්‍යාලවල තත්වය බාල්දු වූ බවක්. ඔහුගේ ඕල්කට් බෞද්ධකම එයින් ද පැහැදිලි වෙනවා. ඕල්කට් බෞද්ධයන් ජාත්‍යන්තරවාදීන්. ඊනියා විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ආයතන. පිරිවෙනක් ජාත්‍යන්තර තත්වයකට පත් වන්නේ කෙසේ ද යන්න ඕල්කට් බෞද්ධයන්ගේ සිත්වල තියෙනවා.



ධර්මසිරි වීරසිංහට අනුව මා ඊනියා සිල්වා කෙනෙක්. ඔහු ඊනියා කියන වචනයේ තේරුම දන්නේ නැති බව පැහැදිලියි. මට පෘතුගීසි නමක් ඇති බව පැහැදිලියි. එහෙත් එය මගේ පියාගෙන් ලැබුණු නමක්. එහි ඇති ඊනියා බවක් නැහැ. අවුරුදු හතළිස් ගණනක් එංගලන්තයේ ජීවත් වීම නිසා සිංහල අමතක වන්න විධියක් නැහැ. ඔහු ඕල්කට්තුමා විසින් පිහිටුවන ලද පාසලක ඉගෙන ගත් බවත් ඒ නිසා ඔහුට දේශීය හා විදේශීය උපාධි ලැබුවත් මගේ අබෞද්ධ අදහස් දකින විට පිළිකුළක් ඇති වන බවත් කියන්නේ ඔහු ලැබූ පාසල් අධ්‍යාපනය ගැන ආඩම්බරයෙන්. එහෙත් ඒ අධ්‍යාපනයෙන් ඊනියා යන වචනයේ තේරුම දැන ගැනීමට ඔහු අසමත් වී තිබෙනවා. කෙසේ වෙතත් දේශීය හා විදේශීය උපාධි ලැබීමෙන් යම් හානියක් වීමට ඉඩ ඇති බව ඔහු පිළිගෙන තිබෙනවා. ඔහු නොපිළිගන්නා දෙය නම් පාසල් අධ්‍යාපනයෙනුත් ඒ හානිය සිදු වන වන බවයි.



(මතු සම්බන්ධයි)







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 20  

     

Saturday, 19 August 2017

නීල මහා යෝධයා




නීල මහා යෝධයා 


නීල මහා යෝධයා නමින් ද ලිපි ලියන  lankaweb හි සංස්කාරකවරයකු ලියා ඇති ලිපියක් මේ සමග පිළිවෙනවා. ඔහු එංගලන්තයේ ජීවත්වන වයස අවුරුදු හැත්තෑවට වැඩි බෞද්ධයෙක්. මා ඔහු විශ්වාස කරන  බුදුදහම හා  ඔහුගේ සංස්කෘතික බුද්ධාගම සමග එඟ නොවන බැවින් ඔහු මේ ලිපිය තම වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. ඉන් පසු ඔහු මගේ කිසිම ලිපියක් තම වෙබ් අඩවියේ පළ නොකිරීමට තරම් මෛත්‍රිය උපදවාගෙන. ඔහුට පිළිතුරු කාලයේ කොටස් වශයෙන් පළ වේවි.

Tuesday, 15 August 2017

ඕල්කට් බුද්ධාගම

ඕල්කට් බුද්ධාගම




දින කිහිපයකට මේ ලිිපිය පළවන්නේ නැහැ.  ලිපිය අගෝස්තු 19 වැනි දින සිට  නැවත පළ කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඕල්කට් බෞද්ධයන් ගැන මා ලියූ ලිපියට පිළිතුරු ලිපියක් නීල මහා යෝධයා නමින් තම වෙබ් අඩවියේ ම ලිපි ලියන එහි පරිපාලකයකු ලියා තිබෙනවා. එය පසුව පළ කිරීමට බලාපෙරොත්තු වෙනවා.


එතෙක් ඕල්කට් බෞද්ධයන් ගැන ලියු ලිපිය නැවතත් මෙසේ පළ කරනවා.


නලින් ද සිල්වා

2017 අගෝස්තු 15



Friday, 4 August 2017

ඕල්කට් බුද්ධාගම


ඕල්කට් බුද්ධාගම



එංගලන්තයේ පළ කෙරෙන ලංකාවෙබ්  අඩවියට නීල මහා යෝධයා නමින් ලියන අයකු නැවතත් හදිසියේ නැගිටලා. ඔහු කුම්භකර්ණ මෙන් කාලයක් නිදා ගන්නවා ද කියා දන්නේ නැහැ. ඒත් ඒ කුම්භකර්ණ ගැන තියෙන එක් විවරණයකට අනුවයි. ඇතැමුන්ට අනුව කුම්භකර්ණ කියන්නේ කුඹුක්කන් ඔය ප්‍රදේශයට අධිපති වූ අයකු. ඔහු රාවණගේ සොහොයුරකු ලෙස ඒ ප්‍රදේශය රාවණ වෙනුවෙන් කරවූ අයකු ලෙස හැඳින්වෙනවා. බිම්තැන්න මහියංගණය වුණා සේ කුඹුක්කන් කුම්භකර්ණ බවට පත් වී තියෙනවා. ඉන්පසු එයට අර්ථකථන කෙරෙනවා . කුඹුක්කන් නිදා සිටි තැනැත්තකු ලෙස අර්ථදක්වන්න බැහැ. මේ ගැන දැනට තවදුරටත් කතා කරන්නේ නැහැ. මා මෙයින් තැත් කරන්නේ විවිධ අර්ථනිරූපණ, විවරණ ඇති බව පෙන්වීමට පමණයි. ඒ අර්ථනිරුපණ අනුව තව තවත් කතා ගෙතෙනවා. ලෝක විවිධයි. මගේ ලෝකය කියවූ අයකු ඒ ගැන දන්නවා.