Main Logo

Sunday 10 September 2017

ධර්මසිරි හා ධර්මසිරි


ධර්මසිරි හා ධර්මසිරි

ධර්මසිරි සෙනෙවිරත්න හා ධර්මසිරි වීරසිංහ කියන්නේ දෙන්නෙක්. වීරසිංහ ලංකා වෙබ් අඩවියේ සංස්කාරක/පරිපාලක පමණක් නොව නීල මහා යෝධයා නමින් එම වෙබ් අඩවියට ලියන්නෙක්. සෙනෙවිරත්න නම් මට හමුවී තිබෙනවා. දෙදෙනාගෙන් ධර්මසිරි කවුරුන් දැයි දැනගැනීම ඔබට භාරයි. 








පහත සඳහන් ලිපිය ධර්මසිරි සෙනවිරත්න මහතා විසින් තම මුහුණු පොතට ලියන ලද්දක්.



//මහාචාර්ය නලින් ද සිල්වා ශුරීන්ට මඩ ගසා ඔහු කොන් කිරීමේ ව්‍යාපාරයක් දැන් අරම්බී ඇත .බටහිර මිෂනාරී උගතුන් නලින් සම වයිර බැඳගෙන ඇත්තේ .සසර දිගුකරන සියලුම දැනුම් හා විද්‍යාවන් යය කියන ඒවා බුදුදහමට සමග සසඳනවිට පට්ට පල බොරුයය් ඔහු කියන නිසය්ලන්කාවෙබ් අඩවියේ නීලමහායෝධයාත් ,ධනපාල නම් කැනඩාවේ පාසල් ගුරුවරයෙකුත් නලින්ද සිල්වා '''පුහුචින්තකයෙක් '''යය අවමන් කරය නලින් දරුවන් නොමග යවන්නේකිය් කියය්.මමනම් එජාපයෙක් නොවූයේත් මාක්ස් වාදීයෙක් නොවූයේත් ෆෙඩරල් වාදියෙක් නොවූයේත් සැබෑ ජාතිකවාදියෙක් වුයේත් නලින් ගෙන් ලද මග පෙන්වීම නිසය් .එතුමාට පින් . මීට අමතරව දැන් සුද්දන්ට මග පෙන් වන සොය්සා කෙනෙකුත් ජරා කතා කියමින් නලින් ට අපහාස කරය සොය්සා කියන්නේ ''උඩරට තැබෑරුම් ඇරලාසුද්දන්ට උදවු කරලා සිංහලයන් විනාශ කලේ නලින් ද සිල්වාගේ පැරන්නො 'බවත් දැනුත් වෙනයම් ක්‍රමවලින් එදේම කරන බවය්//



සෙනෙවිරත්න මහතා ලංකා වෙබ් අඩවියට පිළිතුරක් ලෙස යවා තියෙනවා. එහෙත් ඔවුන් එය පළ කර නැහැ. එයින් ලංකා වෙබ් සංස්කාරකවරයාගේ බෞද්ධකම ගැන යමක් කියැවෙනවා.  මා ඒ නොපළ ලිපිය ද මෙසේ පළ කරනවා.







// බුදු හිමි යෝ  පට්ටපල් බොරුවිද්යා  දුටු හැටි

ධර්මසිරි සෙනෙවිරත්න



 දිනක් බුදු හිමියෝ තවත් භික්ෂුවක් සමග වදින අතර ගඟකින් එතෙර වීම සඳහා තොටියා එන තුරු ගඟ අද්දර වැඩ සිටියා .එවිට එක  ධ්‍යාන ලාභී අන් ආගමික තවුසෙක් එතනට පැමිණ ආඩම්බරෙන් බුදුහිමියන්ටත් පෙනෙන්න දිය මත ඇවිද ගෙන ගඟින් එගොඩ වුනා ..තවුසා එදා කලේ අද වචනයෙන් කියනවනම් බුදුහිමියන්ට ''කෝචෝක්''හිනාවක් දාල ඔන්න මමදන්න විජ්ජාවල බලය  කියල පෙන්වීමය් .තවුසා හිතුවේ එයා මහා විජ්ජාවක් දන්නවා කියල 'දැන්කාලේ සමහරු  අහස්යානා හදපු ක්‍රම විද්‍යාව බොරුනම් ඒවා කදාවටෙන්න ඕන නෙදය් අහනවා .කඩා වැටෙන්නේ නැත්නම් ඒ විද්‍යාව බොරුවෙන්නේ කොහොමද කියල අහන ගමන් .ඒවා බොරුය් කියන අ යට කෝචෝක් කරනවා පිස්සෝ ,පුහු චින්තකයෝ  ආදීවශයෙන් කියල ...විද්‍යාව හරියට ඉගෙන ගෙන නැහැ ආචාර්ය මහාචාර්ය වුනේ හරියට ඉගෙන නොගෙන වැනි කඩප්පුලි කතාත් කියනවා



        එදා තවුසත් බුදුහිමියන්සමග සිටි භික්ෂුව ටත් පෙනෙන්න ''ශිල්ප දැක්කුවේ ''තමුසෙගෙ ලොක්ක දන්නා කෙළ මලක් නැහැ බුදුවුනා අරක මේක කිව්වට මම වාගේ දක්ෂයෙක් නොවෙය .බලනවකො මට පුළුවන් දියමත ඇවිදින්නත් .ඔය ලොක්කාගෙන් තමුසේ වෙන් නොවුනොත් මේවා ඉගෙන ගන්න බහ එනවා මෙව්වා ඉගෙන ගන්නවා අයි සේ ,.ඉපදීමේ යථාර්තය මම වාගේ දක්ෂයින් වීම මිසක් ඉපදීම නවත්වන එක නොවෙය ඉපදෙන්නේ නැතුව මෙව්වා කොරන්න පුලුවන්ද .සසර කෙටි කරන මාර්ග වලින් වෙන්නේ අපි වාගේ දක්ෂයින්ට තැන නැතිවීමය් '''''ආදීවශයෙන් අර බෞද්ධ භික්ෂුව පෙලම්බවීමටය් .. භික්ෂුවත් හිතුව තවුස නම් '''නියම වැඩකාරයෙක් ''කියල එහෙම හිතල බුදුහිමියන්ට කිව්වා '''ස්වාමීනි අරතවුසා අපට අපහාසෙට දියමත ඇවිදගෙන ගියා අපිවාගේ ''නිකම් බලාගෙන තොටියා එනතුරු දක්ෂයෝ ප්‍රබලයෝ ඉන්නේ නැහැ කියල රටට පෙන්නන්න.මේවා දැක්කම මිනිස්සු හිතන්නේ ඔබවහන්සේ එයාල තරම් දන්නේ නැහැ සම්මා සම්බුධ්ධත්වය ලබාගත්ත කියන ඒවා බොරු වෙන්නැති  ආදීවශයෙන් මිනිස්සු හිතන්න පුළුවන් . එච්චර නොවෙය අනාගතයේත් මෙයාල ඉපදිලා ඔයවාගේ  දේවල්  බුදුබනටත් ඉහළය කියල මිනිස්සු රවටන්න පුළුවන් . ඒ හින්ද ස්වාමීනි ඔබ වහන්සේත් ඊට වඩා වේගෙන් දියමත ඇවිදලා පෙන්වන්න කියල ඉල්ලා හිටියා ..''''''



     බුදු හිමි තොටියා එනතුරු  නිශ්ශබ්දව ඉඳල ඇහැව්වා ''තොටියෝ කීයක් ගන්නවද ගඟෙන් එතෙර කරන්න ''කියල තොටියා කිව්වා '' තුට්ටුදෙකය් '''කියල .(ඒකාලේ තුට්ටු තිබුනේනහ .කිව්වේ තේරුම් ගන්න සුලුමුදලක් කියල ) බුදුහිමි භික්ෂුවදෙසට හැරී මෙහෙම කිව්වා '''අරතවුසා කලේ තුට්ටු දෙකේ වැඩක් මහා ලොකුවැඩ ක් නොවෙය ..ඔව්වා බොරුවැඩ  මිනිස්සු මුලාකරලා සසර දිගු කරන වැඩ .මම යන්නේ වෙන මගක සසර කෙටිකරන මගක තව ඕනේ තරම් ඔය වාගේ බොරු විද්‍යාත් ඕවට වඩා පට්ටපල් බොරුවිද්යාත් තියෙනවා අනාගතේ තවත් ඇතිවේවි .ඒවායින් මිනිස්සු මුලාවේවි ..අපට මීට වඩා කරන්න දේවල් තියෙනවා '' '''ඔයවගේ මිනිස්සු බිහිවෙලා මහා උගත්තු ආචාරී මහාචාරී  කියල හඳුන්වාගෙන ඔයවාගේ දේවල් උලුප්පල මගේ බනටත් ඒවා ගැලපෙනවා කියල කියය .දැනුම් තේරුම් ඇතිඅ ය එව්වා බොරු දේවල් නිවන් මග අවුරන දේවල්  සසර දිගු කරන දේ බොරු '' කියල කිව්වම එයාලට ගරහය්''' පුස්සෝ ''' කියල කාමයේ තවත් ඇලෙන දෙයින් වෙන්වෙන එකය් කරන්න ඕනේ .ඕව හොඳය් ජීවත්වෙනකම් කාමසම්පත් වැඩි කරගන්න ''''''' භික්ෂුව කරුණු තේරුම් ගත්තා .



       භික්ෂුව දැන ගත්තා සංසාරේ පුරාම මේවගේ තවුසෝ   බොරුවිද්යා  වලින් ලොකුකම් පෙන්නලා  ලෝකයේ වැජඹෙන්න මාර්ග සොයන්න ඉඩ ඇතිබව .ඔවුන් සාමාන්‍ය මිනිස්සු නිවන් මගින් ඈත් කරමින්පවු පුරවා ගන්න හැටි භික්ෂුව මෙනෙහි  කළා.මෙහෙමත් හිතුවා ''හොඳ වෙලාවට බුදු හිමි මා ලංගම හිටියා නැත්නම් මමත් තවුසා ට රැවටිලා සරනයනවනේ '' කියල // 





ධර්මසිරි මහතා මගේ ශිෂ්‍යයකු නො වෙයි. එහෙත් මා ඔහු හඳුනනවා. ඔහුත් දන්නා පරිදි අවුරුදු තිස්පහක් පමණ මාක්ස්වාදීන්, දෙමළ ජාතිවාදීන් රාජ්‍ය නොවන පඬියන් ආදීන් මා විවේචනය කළා. එහෙත් දැනට අවුරුදු අටක නවයක පමණ කාලයක සිට ජාතිකවාදීන් ද මා විවේචනය කරනවා. ව්‍යවහාරික භාෂාවෙන් කියනවා නම් මට මඩ ගහනවා. ඔවුන් මාක්ස්වාදීන් රාජ්‍ය නොවන පඬියන් ආදීන්ට වඩා විෂමයි. කිහිප දෙනකු හැරෙන්නට ඊනියා ජාතිකවාදීන් හා ඔවුන් අනුව යන මාධ්‍යවේදීන් මා කොන් කරනවා.  



මේ නව විවේචකයන් (මඩ ගහන්නන්) බොහෝ දෙනා සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටිනවා. ඕල්කට් බෞද්ධයා යන සංකල්පය නිර්මාණය කෙරී කලක් ගත වී ඇති නමුත් එය විවේචනයට භාජනය වූයේ තිස්ස දේවේන්ද්‍ර මහතා අතින් පමණයි. ඔහු ද එසේ කෙළේ වැරදි වැටහීමකින්. ඔහු සිතා සිටියේ මා ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් ඇති කළ පාසල්වලින් බිහි වූවන් ඕල්කට් බෞද්ධයන් ලෙස හඳුන්වන්නේ ය කියා. ඒ එසේ නොවන බව මා පැහැදිලි කර දීමෙන් පසු ඔහු නිහඬ වුණා. ඒ සම්බන්ධයෙන් ඒ දිනවල දි අයිලන්ඩ් පුවත්පතේ ලිපි කිහිපයක් පළ වුණා. වෙනත් කිසිවකු ඒ සංකල්පය ගැන එදා කතා කෙළේ නැහැ.



සියල්ල වෙනස් වන්න පටන් ගත්තේ අවුරුදු අටකට නවයකට පමණ පෙර මා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීමෙන් පසුව හා අදෘශ්‍යමාන ප්‍රාණීන්ගෙන් සන්නිවේදනය මගින් දැනුම ලබා ගත හැකි යැයි කීමෙන් පසුව. බොහෝ ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය තමන් භාවිතයෙන් ඕල්කට් බෞද්ධයන් බව පෙන්වමින් මට මඩ ගහන්න පටන් ගත්තා. මේ කරුණු සම්බන්ධයෙන් මා සමග වාද කිරීමට ලංකාවට පැමිණෙන ලෙස මා බෝධි ධනපාලට ආරාධනය කෙළේ ඔහුට ගුවන් ප්‍රවේශ පත්‍රයක් ද ලබා දීමට පොරොන්දු වෙමින්. එහෙත් ඔහු ඒ ආරාධනය පිළිගත්තේ නැහැ. අද මා ඒ ආරාධනය ධර්මසිරි වීරසිංහටත් කරනවා.



මේ ඊනියා ජාතිකවාදීන්ට බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදෙන්න බැහැ. ඇතැමුන් මගෙන් අහනවා අපේ ප්‍රවාද කෝ කියා. මා අවුරුදු ගණනක් විදුසර පුවත් සඟරාව හා වෙනත් ජනමාධ්‍ය මගින් කෙළේ අපේ ප්‍රවාද නිර්මාණය කිරීමයි. දෙමළ ජාතිවාදය පිළිබඳ ව මා නිර්මාණය කළ දැනුම් පොත්පත්වල තිබෙනවා. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකිය කියා අප කීවේ ඒ දැනුම මත පදනම් වෙමින්. අප දැනුම ලබාගන්නා ක්‍රම අද යටපත් කර තිබෙනවා. මේ අධිපතිවාදීන් අපේ ක්‍රමවලට ඉඩ දෙන්නේ නම් ලෝකය පතිරූප දේශයක් වේවි. 



අද මේ ඊනියා ජාතිකවාදීන් මගේ කුලය ද ඇදගන්නවා. සොයිසා යන තැනැත්තා මෙන් ම නීල මහා යෝධයා ද එසේ කරනවා. කිසිම බෞද්ධයකුට එය වටින්නේ නැහැ. මේ අය අද ඕල්කට්තුමා වෙනුවෙන් ධර්මපාලතුමාට නැවත පහර දීමට පටන් ගෙන තිබෙනවා. ඔවුන් ධර්මපාලතුමා මෛත්‍රිපාල සිරිසේනටත් සංසන්දනය කළා.



මේ ඊනියා උගත් බෞද්ධයන් තමන්ට නොතේරෙන අභිධර්මය වනපොත් කිරීමට වෙන් කරන කාලයෙන් බිඳක් ධර්මසිරි සෙනෙවිරත්න මහතා කියන කතන්දර හා ජාතක පොත කියවීමට යොදන්නේ නම් රටට යහපතක් වේවි. සෙනෙවිරත්න මහතාට බටහිර විද්‍යාව පට්ටපල් බොරුය යන්න එක් ආකාරයකට අවබෝධ වෙනවා.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.






නලින් ද සිල්වා

2017 සැප්තැම්බර් 10