නීල මහා යෝධයා හෙවත් ධර්මසිරි වීරසිංහ
ලංකාවෙබ් අඩවියේ නීල මහා යෝධයා හෙවත් ධර්මසිරි වීරසිංහ තමා බෞද්ධයකු
බව කියනවා. ඔහු බෞද්ධයකු යැයි කියා ගත්තත් ඔහුට කිසිම වැටහීමක් නැති බවත් ඇත්තේ
වෛරයක් පමණක් බවත් පහත සඳහන් උපුටා ගැනීම්වලින් මනාව පැහැදිලි වෙනවා. ඔහු ඉදිරිපත්
කරන ආගම, සංස්කෘතිය, ඥානය, විඥානය, දැනුම ආදිය පිළිබඳ ව පිළිතුරු දීමට පෙර ඔහුගේ බෞද්ධකම හා තර්කඥානය
(දැනුම නොව) මනාව පිළිබිඹු කරන කියුම් ගැන අවධානය යොමු කළ යුතු යැයි සිතනවා.