Main Logo

Showing posts with label Bhavana. Show all posts
Showing posts with label Bhavana. Show all posts

Wednesday, 25 March 2020

අනාර්ය අධිපරිභෝජනය

    සිංහල ලිත් ඉලක්කම්


අනාර්ය අධිපරිභෝජනය



ඊයෙ බොහෝ තැන්වල ජනයා උපදෙස් පිළිපදිමින් සංවර ව මීටරයක දුරින් ඉඳගෙන අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගන්නවා දැක ගන්න තිබුණා. මාත් මහරගම නගරයට ගියා පළතුරු ටිකක් හා පොල් ගෙඩි කිහිපයක් මිල දී ගැනීමට. මා ඒවා වවාගෙන නැත්තේ මොකද කියල පඬියකු අහන්න පුළුවන්. කෙහෙල් ගස් කිහිපයක් තිබුණට හැමදා කෙහෙල් හැදෙන්නෙ නැහැ. පොල් ගහේ ගෙඩි තියෙනවා. අවාසනාවකට මට ගස් යන්න බැහැ. ඒ කොහොම වුණත් මා දිග පෝලිම් දැක්කා. සතොස පෝලිම කිලෝ මීටර බාගයකට වඩා දිගයි. ඔවුන් මීටර පරතරය තියා ගෙන හිටියා. 

Friday, 11 May 2018

ක්‍ෂණික නිවන හා මැක්ඩොනල්ඩ් ශාසන


ක්‍ෂණික නිවන හා මැක්ඩොනල්ඩ් ශාසන



දශක හතරක් පහක් තිස්සෙ බුදුදහම විවිධ ආකාරයෙන් අර්ථදක්වන ගිහි පැවිදි පිරිස් දකින්න පුළුවන්. මේ පැවිදි පිරිසෙන් බොහෝ දෙනෙක් මෑතක් වන තුරු ගිහි ව සිටි අය. ඇතැම් බෞද්ධයන් ද මේ අලුත් අර්ථදැක්වීම්වලට කැමැත්තක් දක්වනවා. මේ අය කවුද? දේශකයන් කියන්නේ නම් මේ අලුත් අර්ථදැක්වීම් නොවෙයි ඒ තමයි නිවැරදි බුදුදහම කියලා. මේ අතර අභිධර්මය ඉගෙනීමට භාවනා පංතිවලට යෑමට කැමැත්ත දක්වන අයත් ඉන්නවා.