අනාර්ය අධිපරිභෝජනය
ඊයෙ බොහෝ තැන්වල ජනයා උපදෙස් පිළිපදිමින් සංවර ව මීටරයක දුරින් ඉඳගෙන අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගන්නවා දැක ගන්න තිබුණා. මාත් මහරගම නගරයට ගියා පළතුරු ටිකක් හා පොල් ගෙඩි කිහිපයක් මිල දී ගැනීමට. මා ඒවා වවාගෙන නැත්තේ මොකද කියල පඬියකු අහන්න පුළුවන්. කෙහෙල් ගස් කිහිපයක් තිබුණට හැමදා කෙහෙල් හැදෙන්නෙ නැහැ. පොල් ගහේ ගෙඩි තියෙනවා. අවාසනාවකට මට ගස් යන්න බැහැ. ඒ කොහොම වුණත් මා දිග පෝලිම් දැක්කා. සතොස පෝලිම කිලෝ මීටර බාගයකට වඩා දිගයි. ඔවුන් මීටර පරතරය තියා ගෙන හිටියා.