ක්‍රමය නැත්නම් පද්ධතිය වෙනස් කිරීම
- සිස්ටම් චේන්ජ්, වෙනස් කිරීම ගැන නැවතත් කතා වෙනවා. මේ කතාව කූඹියෝ නාට්‍යයෙ තුමිඳු ජනප්‍රිය ම නළුවා හැටියට සම්මාන ලැබීමත් එසේ සම්මාන ලැබීමෙන් පසු කරන ලද කතාවත් නිසා. මේ සිස්ටම් වෙනස් කිරීම් හිස් කතා පමණයි. මේවායින් සිද්ධ වෙන්නෙ සමාජයෙ කියන විධියට ඒ ඒ අය පොරවල් වීම පමණයි. සිස්ටම් එක නැත්නම් පද්ධතිය හරි ක්‍රමය හරි ඔය කියන විධියට වෙනස් වෙන්නෙ නැහැ. ඊනියා ජාතිකවාදීන්ටත් තුමිඳු අඳුරගන්න බැරි වෙලා. මා නම් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙ මා හිටපු කාලෙ ඉඳන් දන්නවා. ඉතාමත් කෙටියෙන් කියනවා නම් ඔහු ජාතිකවාදියකු නම් නො වෙයි.