Main Logo

Showing posts with label Nominations. Show all posts
Showing posts with label Nominations. Show all posts

Monday, 4 May 2020

කඩිකුලප්පුවක් හැදුණු විපක්‍ෂය ඉන්නෙ ලංකාවෙ ද?

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්


0  1   2    3    4   5  6  7  8  9 





කඩිකුලප්පුවක් හැදුණු විපක්‍ෂය ඉන්නෙ ලංකාවෙ ද?



අප ඊයේ තර්ක ගැන කතා කළා. මිනිසුන් බොහෝ විට තර්ක ඉදිරිපත් කරන්නේ තම මතයක්, නිගමනයක් යුක්ති යුක්ත කිරීමට බව  අප සඳහන් කළා.   තර්කයකින් නිගමනයකට එනවාට වඩා ඊනියා නිගමනයක් සඳහා තර්ක ගෙනෙන එක තමයි කෙරෙන්නෙ. සාමාන්‍ය පෙළ ගණිතය හැදෑරූ සිසුන් මේ බව දැන සිටින්න ඕන. බොහෝ දෙනා හිතන්නේ ගණිතයේ තර්කයෙන් නිගමනවලට එනවා කියා. එහෙත් සිදු වන්නේ අනෙක් පැත්ත. නිගමන (හිතට ලැබෙන අදහස්) වෙනුවෙන් තර්ක කරනවා. 

Friday, 20 March 2020

කොවිඩ් 19, වීරයෝ හා මැතිවරණය

      සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් 19, වීරයෝ හා මැතිවරණය




නිරෝධායනය කියන වචනය තේරුම් ගැනීමට නොහැකි ව ඇතැම් පිරිසක් ඉන් කට්ටි පනින්න හදල තියෙන බව පැහැදිලියි. ඔවුන් සමහර දෙනකු තමන් ඉතාලියේ සිට පැමිණෙන බව වසන් කිරීම සඳහා එංගලන්තය ප්‍රංශය ආදී රටවලින් ගුවන් යානාවලට ගොඩ වී තියෙනවා. මුල සිට ම දෙයියන්නෙ ලෙඩක් ඒකට වෙන් කරන්න ඕන කිවුව නම් සමහර විට ප්‍රශ්න බොහොමයක් විසඳ ගන්න තිබුණා.

එහෙම වුණත් සමහර උදවිය ඉන්නේ බෑන් චූන් සංස්කෘතියෙ. ඒකට ආතල් සංස්කෘතිය හරි ෆන් සන්ස්කෘතිය හරි කිවුවත් කමක් නැහැ. ආණ්ඩුව මේ දිනවල නිවාඩු දීල නැහැ. සෙනසුරාදා ඉරිදා පමණයි නිවාඩු. අනෙක් දවස්වල ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් නම් එහෙම කරන්න ඕන. ඒ කොහොම වුණත් ගෙදර ඉන්නෙ ෆන් ගන්න නොවෙයි. මේ කාලෙ සමහරු සිරීපාදෙ යන්නෙත් ෆන් ගන්න.