රනිල්ගේ ම නොවන රනිල්ගෙ ආණ්ඩුව හෙවත්
සුමන්තිරන්ගෙ ආණ්ඩුව
රනිල් උපාසක මහත්තයා දළදා මාළිගාවට ගිහින්. ඔහු නිළමෙළාත් එක්ක
පින්තුරෙකුත් අරගෙන. රනිල්ට ඕන කෙනකු එක්ක පින්තූර ගන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන්
නිළමෙළා පිරිවරාගෙන පින්තූර ගන්නෙ රාජ්‍ය නායකයා. මට සුභ සහ යස සිහිවෙනවා. කවටකමට
හරිි රජ්ජුරුවන්ට අඳින එක හොඳ වැඩක් නො වෙයි. රනිල් අනුරාධපුරෙත් ගිහින්. ශ්‍රී
මහා බෝධීන් වහන්සේට සිවුරු පූජා කරලා. තම හිසින් බෝධීන් වහන්සේ ස්පර්ශ කරලා. රනිල්
දැන් වයසට ගිහින් ද? වයසට යන විටත් පරලොව මතක් වන විටත්
මිනිසුන් ඔහොම හැසිරෙනවා. ඒත් රනිල්ගෙ සංස්කෘතිය මොකක් ද? රනිල්ට අවශ්‍ය තමන් සිංහල බෞද්ධ සංස්කෘතියෙ
ආරක්‍ෂකයා කියල පෙන්නන්න ද?