Main Logo

Showing posts with label Caretaker Government. Show all posts
Showing posts with label Caretaker Government. Show all posts

Sunday, 22 December 2019

තොරතුරු මධ්‍යස්ථානයක අවශ්‍යතාව

      සිංහල ලිත් ඉලක්කම් 


තොරතුරු මධ්‍යස්ථානයක අවශ්‍යතාව




තවම බහුතර ආණ්ඩුවක් පත් කර ගෙන නැති නමුත් ඇතැමුන් කටයුතු කරන්නේ ආණ්ඩුව බහුතර යැයි ගනිමින්. දැනට ජනාධිපති කෙනකු පත් කර ගෙන ඉන්නවා. එතුමා අගමැති කෙනකු හා අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගෙන තියෙනවා. එය ඊනියා භාරකාර ආණ්ඩුවක් නොවෙයි. භාරකාර ආණ්ඩුවක් තිබිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි විටක දී. මේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්. ඕනෑම අවස්ථාවක එ ජා පෙරමුණට ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනත් ආණ්ඩුව පරද්දන්න පුළුවන්. 

Thursday, 7 November 2019

උපවාසයට පෙර හා පසු

         සිංහල ලිත් ඉලක්කම්

උපවාසයට පෙර හා පසු


සිංහලයා  මෝඩයා කැවුන් කන්න යෝධයා කියල කතාවකුත් තියෙනවා. ඒ කතාව කවුරු හදපු එකක් ද කියන එක පැහැදිලි නැහැ. ඒත් සිංහලයන් ඉතා ඉක්මණින් රවටන්න පුළුවන් කියන එක නම් පැහැදිලියි. මා ගිවිසුම් ගැන කියල තියෙනවා. ගිවිසුම්වලින් සිංහලයන් පැරදිලා තියෙන්නෙ. ඒක ඉතිහාසයට යන කතාවක්. මට හිතෙන්නෙ පෘතුගීසීන් එන්න ඉස්සර ඉඳල ම සිංහලයන් රැවටිලා තියෙනවා කියලා. සිංහල කියන වර්ගයට මා යක්‍ෂ දේව නාග රාක්‍ෂස කියන හෙළයනුත් ඇතුල් කරනවා. හෙළයන් කියන්නෙ සූූර්යයා සමග සම්බන්ධ කියන එක මිසක් හෙල්වල ජීවත් වූ අය නො වෙයි. කඳුවල ජීවත් වූ අය කවු ද? සමහර විට අපට හෙළයන් කිව්වෙ ග්‍රීකයන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපත් හෙලියොස් නමින් හැඳින්වුණු සූර්යයා පෞද්ගලිකකරණයට ලක් කළ ග්‍රීක නිකායක් සමග සම්බන්ධ වී ඉන්න ඇති. ඒ ග්‍රීකයන්ට අනුව සූර්යයා අශ්වයකු ඇද ගෙන යන කරත්තයක නැගී අහසේ යනවා. ඒ චිත්‍රය අවුරුදු දවස්වල අපත් අඳිනවා. හීලියම් කියන මූල ද්‍රව්‍යයට ඒ නම ලැබෙන්නේ පළමුව හීලියම් නිරීක්‍ෂණය කෙළේ සූර්යයාගේ වීම නිසයි.  

Wednesday, 6 November 2019

ජනාධිපතිවරණය කුමක් සඳහා ද?

      සිංහල ලිත් ඉලක්කම්



ජනාධිපතිවරණය කුමක් සඳහා ද?



ජනාධිපතිවරණය කුමක් සඳහා ද? මේ ප්‍රශ්නයට විවිධ පුද්ගලයන් විවිධ පිළිතුරු දෙනු ඇත. ඒ ඒ අය දරණ දේශපාලන ආර්ථික සංස්කෘතික මතිමතාන්තර අනුව ඒ පිළිතුරු වෙනස් වනු ඇත. මගේ පිළිතුරත් මා දරණ මත අනුව සකස් වන බව අමුතුවෙන් කිව යුතු නො වෙයි.

Saturday, 2 November 2019

ජනමාධ්‍ය, ගිවිසුම් හා භාරකාර ආණ්ඩුව

      සිංහල ලිත් ඉලක්කම් 

ජනමාධ්‍ය, ගිවිසුම් හා භාරකාර ආණ්ඩුව  




මේ ආණ්ඩුව තරම් තක්කඩි විජාතික ආණ්ඩුවක් තවත් තිබිලා නැහැ. ලෝක පුදුමයකින් සජිත් ජනාධිපති වුණත් තක්කඩිකම නැති වෙන්නෙ නැහැ. ඔහුගෙ අගමැති වෙන්න ඉඩක් තියෙන්නෙ මංගලට. ඔහුට පනවා ඇති කොන්දේසි අනුව නම් රනිල් අගමැති වෙන්න ඕන. කවුරු අගමැති වුනත්   තක්කඩිකම ඉවර වෙන්නෙ නැහැ. මංගලලා චම්පකලා රාජිතලා රවිලා ඉන්න ආණ්ඩුවක් තක්කඩි ආණ්ඩුවක් මිස වෙන එකක් නො වෙයි. සජිත්ගෙ ආණ්ඩුවකින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන බවට රාජිත චම්පක මංගල වැනි අය සහතික වේවි. ජ වි පෙ මේ ගිවිසුම ගැන දක්වන නිහැඬියාව කන් බිහිරි කරවන තරම්.

Monday, 29 April 2019

රනිල්, පඬියෝ හා හම්බන්තොට

රනිල්, පඬියෝ හා හම්බන්තොට 



අද නැවතත් භාරකාර ආණ්ඩුවක් ගැන කතා කෙරෙනවා. එය හොඳයි. එහෙත් කරුණු දෙකක් කියන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව භාරකාර ආණ්ඩුවක් කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඊළඟ අගමැති පත්වෙන තෙක් පවතින ආණ්ඩුවකට. අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රනිල් එකඟ වන එකක් නැහැ. එබැවින් පිහිටුවා ගන්න සිදුවන්නේ භාරකාර සම ආණ්ඩුවක්. එහි රනිල්, මලික් ආදීන් ඉන්න බැහැ. ඒ ඔවුන් වැඩ කරන්නේ බටහිර න්‍යාය පත්‍රයට අනුව නිසා.

Sunday, 14 October 2018

ඊනියා සභාග/භාරකාර ආණ්ඩුව


ඊනියා සභාග/භාරකාර ආණ්ඩුව



අතුරුදහන් වූ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි මුදල් ගෙවන එක ගැන කතාකරන්න තියෙනවා. ඒ ගැන ඉතා කෙටියෙන් කියන්න තියෙන්න රජයෙන් වන්දි ගෙවන්න ඕන එක්කෙ රජය වෙනුවෙන් යමක් කරන්න ගිහින් ඒ රාජකාරියේ දී මිය යන අයට, එහෙම නැත්නම් රජයේ යම්කිසි ක්‍රියාවක් නිසා වැරුද්දක් නැතිව මියගිය අයට. ඒ අවස්ථාවල මියගිය අයට පමණක් නොව ආබාධිත වූ අයට ද යම් වන්දියක් ගෙවන්න ඕන. කොටි ත්‍රස්තවාදීන් අයත්වන්නේ මේ වර්ග දෙකෙන් කොයි එකට ද? කොටි ත්‍රස්තවාදීන් රජය වෙනුවෙන් කටයුතු කළා ද? ඔවුන් මියගියේ වරදක් නැතිව ද? අපි එ ගැන තරමක් විස්තරාත්මක ව  ඉඩක් ලැබුණු විගස කතා කරමු. මෙයට අමතර ව රජයෙන් ආධාර කරන්නෙ ස්වාභාවික ආපදා නිසා විපතට පත් වූවනට. එ වන්දි නො වෙයි.

Saturday, 13 October 2018

වෙල්ගම මැතිඳු අද තනියම වෙල මැද්දේ


වෙල්ගම මැතිඳු අද තනියම වෙල මැද්දේ



පාර්ලිමේන්තු සභා ගැබේ ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය වෙන් කරන මැද කොටසටත් ඉංගිරිසියෙන් කියන්නෙ වෙල් කියලා. ඒකට සිංහලෙන් ලිඳ කියන්න බැහැ. ඕන ම නම් වල කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් සභා ගැබ මැද කියන්න පුළුවන්. ඒ එකක්වත් හරියන්නෙ නැත්තන් වෙල කියන්න පුළුවන්. වෙල් විදානෙත් ඉන්නෙ එකේ අපි වෙල කියලා කියමු. ඒත් ඒක අපි දන්න වෙල් යායවල් සමග පටලවා ගන්න එපා. මේකෙ යායක් නැහැ. ගායක් නම් තියෙනවා. මා කිව්වේ රථගාය ගැන පමණක් නොවෙයි.

Thursday, 11 October 2018

සූත්‍ර හා සූත්තර


සූත්‍ර හා සූත්තර



තෙල් මිල සූත්‍රය මංගලට තේරෙන්නෙ නැති බව කියනවා. මා ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ. මංගලට සූත්තර නම් තේරෙන බවක් පේනවා. ඔය තෙල් මිල සූත්‍රය ප්‍රසිද්ධ කරන්නෙ නැත්තෙ ඇයි? එහෙම සූත්‍රයක් නැද්ද? තෙල් මිල සූත්‍රය ගැන පඬියන්ගේ ඊනියා කියවීම මොකක් ද? බටහිරයන්ගේ ඕනෑම විකාරයක් හිස් මුදුණින් පිළිගන්නා පඬියන් දැන් චිත්‍රපටි ද නාට්‍ය ද කවි ද කියවනවා. හැබැයි ඔවුන් කරන්නෙ කියවන එක විතරයි.



තෙල් මිල සූත්‍රය කියන්නෙ බුද්ධිමතුන්ට පමණක් පේන එකක් ද? ඒක මංගලට පේන්නෙ නැත් ද? පෙනිලා කියවන්න බැරි ද? තෙල් මිල සූත්‍රය සූත්තරයක් පමණක් ද? එය සූත්‍රය ගැන කියමින් මාසෙ දහවැනි දාට තෙල් මිල වැඩි කරන සූත්තරයක් ද? සූත්‍රයක් කියන්නෙ සමීකරණයක් නො වෙයි. සමහරු සූත්‍ර හා සමීකරණ පටලවා ගන්නවා. මංගල එහෙම කරණ එකක් නැහැ. ඔහු ඒ දෙක ම දන්නෙ නැහැ. ඔහුට සූත්‍රය තේරෙන්නෙත් නැහැ.  හතේ අටේ වීජ ගණිතය කරපු සිසුන්ට තේරෙයි ද? ඒත් ඇත්තේ සූත්තරයක් මිස සූත්‍රයක් නො වේ නම් ඒ කාටවත් තේරෙන එකක් නැහැ.



ජනමාධ්‍යවේදීන් කියන අය වැඩ කරන්නෙත් අමුතු විධියකට. ඔවුන් මංගලගෙන් සූත්‍රය ලබා ගන්න උත්සාහ කරන පාටක් නැහැ. ඔවුන් ප්‍රශ්නයක් දෙකක් අහල පසුබහිනවා. මංගල මුදල් ඇමති. තෙල් ඇමති හරි මුදල් ඇමති හරි අගමැති හරි සූත්‍රය පාර්ලිමේන්තුවේ සභාගත කරන්න ඕන. එහෙම කරන්නෙත් නැහැ. හැබැයි පාර්ලිමේන්තුව උත්තරීතර කියල කියනවා. තෙල් මිල සූත්‍රය ඊටත් වඩා උත්තරීතර වෙනවා ඇති.



නවවැනි දා පැවති ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණේ රැස්වීමෙන් පස්සෙ ජනමාධ්‍යවේදීන් වෙනත් සූත්‍රයක් දැන ගන්න දැඩි වෙහෙසක් ගත්ත. ඒ රැස්වීමෙ දි භාරකාර සම ආණ්ඩුවක් හදන්න තීරණයක් ගෙන ඇති බවක් පේනවා. ඒත් වෙල්ගම කියන විධියට නම් එහෙම නො වෙයි. වැඩි දෙනෙක් ඒකට විරුද්ධ බවයි කියැවෙන්නෙ. සමහරුනට වැදගත් 2020ත් මන්ත්‍රී වෙලා ඇමතිවරයකු වෙන එක මිස රනිල් ඉවත් කරන එක නොවයි. ඒ අය හිතන්නෙ රනිල් 2020 වන තුරු හිටියොත් තමන්ට පහසුවෙන් ම මන්ත්‍රී වෙන්න පුළුවන් කියා.



භාරකාර ආණඩුවක් හදන්න තීරණය කළා නම් ඒ කරන්නෙ කොහොම ද කියන එක ඒ රැස්වීමෙ දි සාකච්ඡා වුණා ද නැද්ද කියන්න මා දන්නෙ නැහැ. සාකච්ඡා නූණ නම් හොඳය කියා හිතෙනවා. ඒ ක්‍රමයත් එක්තරා ආකාරයක සූත්තරයක් වෙන්න ඕන. එවැනි සූත්තරයක් දැන ගන්න ඕන ටික දෙනකු පමණයි. ඒකාබද්ධ විපක්‍ෂෙ ඔක්කොම ඒක දැන ගන්න ඕන නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණේ රැස්වීමෙ දි කරන්න තියෙන්නෙ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න එක විතරයි.  ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕන කිහිප දෙනකු මිසක් සියළු දෙනා නො වෙයි. ජනමාධ්‍යවේදීන් හිතන්න පුළුවන් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන විධියත් ජනතාව දැන ගන්න ඕන කියලා. ජනතාව ඒක දැන ගන්නවා කියන්නෙ ඒක නොකෙරෙන එක.



ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණෙ රැස්වීමෙ දි භාරකාර සම ආණ්ඩුවක් හරි වෙනත් ආණ්ඩුවක් හරි හදන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්ත නම් හොඳයි. බොහෝ කාලෙක ඉඳන්, අවුරුදු තුනක පමණ කාලෙක ඉඳන් මා යම්කිසි ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. ඒ ක්‍රමය ම ක්‍රියාත්මක කළ යුතු ය කියා මා කියන්නේ නැහැ. භාරකාර ආණ්ඩුවක් හදන්න තීරණය කරත් මොන ක්‍රමයක් ක්‍රියාත්මක කළත් ඒකාබද්ධ විපක්‍ෂය/පොදු ජන පෙරමුණ එය දැන් ම ජනතාවට කියන්න ඕන නැහැ.



ජනමාධ්‍යවේදීන් වඩා උනන්දු වෙන්න ඕන තෙල් මිල සූත්‍රය දැන ගන්න මිසක් ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කරන්න යන ක්‍රමය දැන ගන්න නො වෙයි. ජනතාවට රනිල් අගමැති කමෙන් ඉවත් කරන්න වුවමනාවක් තියෙනවා. ඒ අතර තෙල් මිල වැඩි වෙන එක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. ජනතාවට ඕන මොන සූත්තරේ දැන ගැනීමට ද? සූත්තරෙ දැන හෝ නොදැන හෝ රනිල් ඉවත් කිරීම ද?



ජනමාධ්‍ය ගැන කතා කරන විට මට සූත්තර කියන එක සංකර අකුරින් ලියන්නෙ කොහොම ද කියල හිතුන ඒක su කියල u අකුරට උඩින් ඉරක් ඇඳල ද පටන් ගන්න ඕන. ඉංගිරිසි අකුරට සිංහල පාපිල්ල දැම්මම කියැවෙන්නෙ කොහොම ද? සූ කියල ද? එහෙම නම් ඉංගිරිසි u අකුර ලියල ඊට උඩින් ඉරක් අඳින්නෙ අහවල් දේකට ද? ඒ ඌ කියල ලියන්න ද? එතකොට su (u ඉරක් සහිත ව) කියැවෙන්නෙ සූඌ කියල ද? මේවට හූ කියනව ද?   නැත්නම් hu  (u ඉරක් සහිත ව) කියනව ද? 



මේ ප්‍රශ්නවලට රූපවාහිනියේ ඉන්න Ru (පාපිලි ඉරි සහිත ව) සංකරයන් උත්තර දෙනව නම් අපට සූත්තර කියල සංකර අකුරෙන් ලියන්නෙ කොහොම ද කියල ඉගෙන ගන්න පුළුවන්.  ඒ අතර සූකරයන් කියල ලියන හැටිත් කියනවා ද?

Sunday, 7 October 2018

භාරකාර සම ආණ්ඩුවක්


භාරකාර සම ආණ්ඩුවක්



බැසිලිකාවේ පූජකයකුට අනුව කොටින්ට විරුද්ධව හමුදා මෙහෙයුම් කළ යුතු ය කියා සමහරු කියලා. සමහරු එහෙම නැහැ කියලා. තවත් සමහරු කොටි පරදවන්න පුළුවන් කියලා. මා දන්න කරුණ නම් පඬියන් සියල්ල කොටි පරදවන්න බැහැ කියද්දි, විදේශ බලවේග ප්‍රභාකරන් අනභිබවනීය කියද්දි මෙරට සාමාන්‍ය සිංහල ජනතාව කොටි පරදවන්න පුළුවන් කියා කිව්ව බවයි. චන්ද්‍රිකා විතරක් නොවෙයි මහින්දත් පඬියන් හා විදේශ බලවේග කියන විධියටයි වැඩ කෙළෙ. බැසිල් කෙනෙකු මොනව කරාද කියල ඒ දවස්වල කවුරුන්වත් දැන හිටිය ද දන්නෙ නැහැ. බැසිලිකාවෙ පූජකයන් ඒ දවස්වල කොහෙද හිටියෙ කියලා බැසිල් දන්නෙවත් නැතිව ඇති.

Tuesday, 20 March 2018

භාරකාර ආණ්ඩුවකින් විය යුතු දේ


භාරකාර ආණ්ඩුවකින් විය යුතු දේ



රනිල් ඉවත් කළ යුතු බව මා කී විට මුල දී කිසිවකු සතපහකට ගණන් ගත්තේ නැහැ. ඔහු බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ. ඔහුගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට හානියක් සිදු වෙනවා. එය විවිධ ක්‍රමවලින් කෙරෙන්නක්. මා ඒ සියල්ල විස්තර කරන්න යන්නේ නැහැ. මංගල සමරවීර, මලික් සමරවික්‍රම ආදීන් එහි දී ඔහුට ආධාර කරනවා. කිරිඇල්ල රජවාසල කවටයා. කීකරු ජයසූරිය ඔබට අකීකරු නැහැ කියමින් ඔහු රකිනවා.