ජනමාධ්‍ය, ගිවිසුම් හා භාරකාර ආණ්ඩුව
මේ ආණ්ඩුව තරම් තක්කඩි විජාතික ආණ්ඩුවක් තවත් තිබිලා නැහැ. ලෝක පුදුමයකින් සජිත් ජනාධිපති වුණත් තක්කඩිකම නැති වෙන්නෙ නැහැ. ඔහුගෙ අගමැති වෙන්න ඉඩක් තියෙන්නෙ මංගලට. ඔහුට පනවා ඇති කොන්දේසි අනුව නම් රනිල් අගමැති වෙන්න ඕන. කවුරු අගමැති වුනත් තක්කඩිකම ඉවර වෙන්නෙ නැහැ. මංගලලා චම්පකලා රාජිතලා රවිලා ඉන්න ආණ්ඩුවක් තක්කඩි ආණ්ඩුවක් මිස වෙන එකක් නො වෙයි. සජිත්ගෙ ආණ්ඩුවකින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන බවට රාජිත චම්පක මංගල වැනි අය සහතික වේවි. ජ වි පෙ මේ ගිවිසුම ගැන දක්වන නිහැඬියාව කන් බිහිරි කරවන තරම්.