Main Logo

Showing posts with label Hambanthota. Show all posts
Showing posts with label Hambanthota. Show all posts

Friday, 11 October 2019

හම්බන්තොට අරවින්දතොට කරමු ද?

           සිංහල ලිත් ඉලක්කම්


හම්බන්තොට අරවින්දතොට කරමු ද? 


අද පඬියන් කියන කතාවක් තමයි මෙරට සියළු දෙනා ම සමානය කියන එක. පඬියන් කට ඇරියොත් එක දිගට කියා ගෙන යනවා සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් කතාව. සමහරු කියන්නේ ඒ ජාතීන් ගැන. තවත් සමහරු ජනවර්ග කියා කියනවා. ඒ කොහොම කිව්වත් ඉන් කියැවෙන්නෙ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සමානය කියලා. මා දන්නෙ නැහැ අලි සබ්‍රි කියන්නෙත් ඒකම ද කියලා. ඒත් පඬියන් කොහොම කිව්වත් මෙරට සියළු සංස්කෘතීන් සමාන වෙන්නෙ නැහැ. 

Monday, 29 April 2019

රනිල්, පඬියෝ හා හම්බන්තොට

රනිල්, පඬියෝ හා හම්බන්තොට 



අද නැවතත් භාරකාර ආණ්ඩුවක් ගැන කතා කෙරෙනවා. එය හොඳයි. එහෙත් කරුණු දෙකක් කියන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව භාරකාර ආණ්ඩුවක් කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඊළඟ අගමැති පත්වෙන තෙක් පවතින ආණ්ඩුවකට. අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රනිල් එකඟ වන එකක් නැහැ. එබැවින් පිහිටුවා ගන්න සිදුවන්නේ භාරකාර සම ආණ්ඩුවක්. එහි රනිල්, මලික් ආදීන් ඉන්න බැහැ. ඒ ඔවුන් වැඩ කරන්නේ බටහිර න්‍යාය පත්‍රයට අනුව නිසා.

Wednesday, 3 January 2018

චීන කොඩිය හා ලස්සෙට කොඩිය

චීන කොඩිය හා ලස්සෙට කොඩිය


චීනා හම්බන්තොට වරාය අත්පත් කර ගත් බව පෙන්වන කොඩිය ප්‍රදර්ශනය කරලා. මේ කොඩි ඉස්සීම බටහිරයන්ගේ පුරුද්දක්. පිටරටක්, රාජ්‍යයක් තම රජු වෙනුවෙන් අත්පත් කර ගැනීමෙන් පසු තම කොඩිය අදාළ රටේ ඔසවා එරට දැන් තමන් යටතේ ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ඔවුන් පුරුදුව සිටියා. දැනුත් එසේ කරනවා. හඳට ගිය ඇමරිකන් එක්සත් රාජ්‍ය අජටාකාශගාමීන් එහි තම කොඩිය එසෙව්වා. දැන් කවුරු හරි අහන්න  බැරි නැහැ ඔවුන් ඇත්තට ම හඳට ගියා ද කියා. ඒ කොහොම වුණත් මට අහන්න තියෙන ප්‍රශ්නය දැන් හඳ අයිති කාට ද යන්නයි. හඳත් ඇමරිකන් එක්සත් රාජ්‍යවල ම කොටසක් ද? හඳ සාක්කි කියන එකක් නැහැ. අනාගතයේ දී හඳේ අයිතිය වෙනුවෙන් ලෝක යුද්ධයක් ඇති වන්න පුළුවන් ද?