තොරතුරු මධ්‍යස්ථානයක අවශ්‍යතාව
තවම බහුතර ආණ්ඩුවක් පත් කර ගෙන නැති නමුත් ඇතැමුන් කටයුතු කරන්නේ ආණ්ඩුව බහුතර යැයි ගනිමින්. දැනට ජනාධිපති කෙනකු පත් කර ගෙන ඉන්නවා. එතුමා අගමැති කෙනකු හා අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගෙන තියෙනවා. එය ඊනියා භාරකාර ආණ්ඩුවක් නොවෙයි. භාරකාර ආණ්ඩුවක් තිබිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි විටක දී. මේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්. ඕනෑම අවස්ථාවක එ ජා පෙරමුණට ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනත් ආණ්ඩුව පරද්දන්න පුළුවන්.