මුස්ලිම් ඇමතිවරු ෂාෆි සහ තවත් අය
මුස්ලිම් ඇමතිවරුන් සියළු දෙනා ඇමතිකම් බාරගන්න තීරණය කරලා. රනිල් ඒ ඇමතිකම් නිර්දේෂ කළ බවයි පේන්න තියෙන්නෙ. දිවුරුම් දීම අද හෙට සිද්ද වෙන්න පුළුවන් කියලයි කියන්නෙ. අතන මෙතන රතන හිමියන් උපවාස කෙළෙ බද්‍යුද්දීන් හිස්බුල්ලා හා අසාද් සාලි අස්කරන්න කියලයි. අසාද් සාලි හා හිස්බුල්ලා නම් දැන් තමන් දැරූ ආණ්ඩුකාර පදවිවලින් අස්වෙලා. අතන මෙතන රතන හිමියන් උපවාසය නතර කෙළෙ ඔවුන් දෙදෙනා අස්වුණාම. ඒ වෙලාවෙ බද්‍යුද්දීන් අස්වෙලා හිටියෙ නැහැ. ඔහු අනෙක් මුස්ලිම් ඇමතිවරුත් එක්ක අස්වුණෙ ඊට පස්සෙ. අතන මෙතන රතන හිමියන්ගෙ උපවාසෙට බද්‍යුද්දීන් අදාළ නැති වෙන්න ඇති. බද්‍යුද්දීන් නැවත ඇමතිකමේ දිවුරුම් දුන්නත් අතන මෙතන රතන හිමියන් උපවාසයක් ආරම්භ කරාවිය කියල හිතන්න අමාරුයි.