මහින්දගේ සරුංගල් දේශපාලනය
මා මහින්දවාදියකු නො වෙයි. මා අතින් කෙරුණු එක් වරදක් නම් මහින්ද
ජාතිකවාදියකු කිරීමට සුළුවෙන් හරි උත්සාහ කිරීමයි. ඔහු නන්දිකඩාල් ජයග්‍රහණයට පසු දා ම 2009 මැයි විසිවැනි දා ම ඉන්දියාවට දී ඇති
පොරොන්දුව මා දැන ගත්තේ බොහෝ කලකට පසුවයි. ඒ දැන සිටියේ නම් මා එවැනි උත්සාහයක්
දරන්නේ නැහැ. මහින්ද කිසි දිනෙක ජාතිකවාදියකු ව සිට නැහැ. ඔහු කොටි සංවිධානය
පැරදවීමට හමුදාවට දේශපාලන නායකත්වය දුන්නා. අප එය අගය කරනවා. එහෙත් ඔහු ඒ කෙළේ
නොකර බැරි විටයි. කිසිවකුට කියන්න පුළුවන් ඔහු එතෙක් සේනා සංවිධානය කළා කියා. නැහැ
ඔහුට එවැනි දැක්මක් තිබුණේ නැහැ. ඔහු වරක් සෝමවංශ අමරසිංහගෙන් අසා තිබෙන්නේ යුද්ධ
කරන්නේ අහවල් එකෙන් ද කියා. ඒ සේනා සංවිධානය කළ අයකුගේ කතාවක් නොව බැහැ කියන
අයකුගේ කතාවක්.