Main Logo

Showing posts with label Management of India. Show all posts
Showing posts with label Management of India. Show all posts

Sunday, 30 September 2018

දෙමළ ජාතිවාදය පරාජය කිරීම නිෂේධ කිරීම


දෙමළ ජාතිවාදය පරාජය කිරීම නිෂේධ කිරීම



කොටි පැරදවිය හැකි ය හා පැරදවිය යුතු ය යන්න මා කීවේ අවුරුදු විසිපහකටත් එහා. ඒ ගැන බොහෝ දෙනා කතා නොකිරීම වෙන ම ප්‍රශ්නයක්. අද නම් බොහෝ දෙනා කියන්නේ තමන් එදත් කොටි පැරදවිය හැකි බව කී බවයි.  මා ඒ නිගමනයට පැමිණියේ සිංහලයන්ගේ ඉතිහාසයත් කොටින්ගේ ක්‍රියාකලාපයත් පමණක් නොව ඉන්දියාවේ මැදිහත්වීම් ද සැලකිල්ලට ගෙන. 1987 පරිප්පු අත්දැකීම මෙන් ම ඉන්දු ලංකා ගිවිසුම හා ඊනියා සාම සාධක හමුදාවේ නොහැකියාව ද අපට හේතු වුණා. ඊනියා සාම සාධක හමුදාවට මෙරට සාමයක් ඇති කිරීමට පවත්වාගෙන යැමට හැකි කමක් තිබුණේ නැහැ. අනෙක් අතට ප්‍රේමදාස යන්න කී විට ඊනියා සාම සාධක හමුදාවට යන්න වුණා. ඊනියා සාම සාධක හමුදාව ආවේ ඉන්දු ලංකා ගිිවිසුම අනුවයි. ඉන්දු ලංකා ගිවිසුම වැන්නක් නැතිව ඉන්දියාවට තම හමුදා ලංකාවට එවන්න බැහැ.