රනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය
අද රටේ තියෙන්නෙ පාර්ලිමේන්තු ඒකාධීිපතිවාදයක්. මෛත්‍රිපාල ජනාධිපති
වෙලා රනිල් අගමැති ලෙස පත්කරපු වෙලාවෙ ඉඳලා මේ ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වෙනවා. 2015 ජනවාරි අටවැනි දා ඉඳලා එය ක්‍රියාත්මක වෙන්න
පටන්ගත්තා කිව්වත් කමක් නැහැ. එයට මූලික වශයෙන් වග කියන්න ඕන මේ රටේ ජනතාව කියන
අය. බටහිරයන්ගෙ හා රෝ සංවිධානයෙ මෙහෙයීමෙන් ජනතාව කියන අය මුළා වෙලා මෛත්‍රිපාලට
ඡන්දෙ දුන්නා. මහින්ද පැරදුණෙ සමහරුන් කියන විධියට මුස්ලිම් ඡන්ද නොලැබිච්ච හින්ද
නො වෙයි. සිංහල බෞද්ධ ඡන්ද අවශ්‍ය ප්‍රමාණයට නොලැබිච්ච හින්දයි. එහෙම නොවෙයි කියන
පඬියන් කළ යුත්තේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම පමණයි. මුහුණු පොතේ
තරුණ තරුණියන් ඊනියා යහපාලනයක් සඳහා මෛත්‍රිපාලට ඡන්දෙ දුන්නා. ඒක සම්පූර්ණයෙන් ම
මුහුණු පොත මගින් කරන ලද මෙහෙයුමක්.
මහින්ද ඡන්ද ප්‍රතිඵල සම්පූර්ණයෙන් පිටවෙන්න කලින් ම රනිල් මගින්
ආණ්ඩුව භාරදුන්න. එහි වැරදි දෙකක් තිබුණ. එකක් ප්‍රතිඵල සම්පූර්ණයෙන් පිටවන තෙක්
බලා නොසිටීම. දෙවැන්න මෛත්‍රිපාලට ආණ්ඩුව භාර නොදීම. සමහරවිට මෛත්‍රිපාල හොයා ගන්න
අමාරු වෙන්න ඇති. සංධානයෙ අය සිදුවන දෙයින් තැති ගත්ත. ශ්‍රී ල නි ප මෙරට
ජාතිකත්වයේ පක්‍ෂය වුණත් එහි නායකයන් අති විශාල පිරිසකට ජාතිකත්වයක් නැහැ. ඔවුන්
බොරු සමාජවාදියො. මේ විසංවාදය බටහිරයන් හා රෝ සංවිධානය තේරුම් ගෙන තියෙනවා. ශ්‍රී
ල නි ප මන්ත්‍රීවරුන් මහින්ද අතහැර යැමේ ප්‍රවණතාවක් තිබුණා. අද ඒකාබද්ධ විපක්‍ෂෙ
පොරවල් වෙලා ඉන්න කිහිප දෙනෙක් එදා ඇමතිවරුන් වෙන්න උත්සාහ කළා. කී දෙනකු මලික්
සමරවික්‍රම හමු වුණා ද? මහින්දට මාස දෙක තුනක් යනකම් ඇතැමුන්
දුරකතනයෙන්වත් සම්බන්ධ කර ගන්න බැරි වුණා. මේ තත්වය යටතේ මහින්ද ශ්‍රී ල නි ප
නායකත්වය මෛත්‍රිපාලට භාර දුන්න. මහින්ද තව පෝය දෙකක් එදා බලං හිටිය නම් තත්වය
වෙනස් වෙන්න තිබුණා. නුගේගොඩ රැස්වීමෙන් පසු මෛත්‍රිපාලට ජනබලයක් නැති බව පෙනී
ගියා. දැන් පෝය දෙකේ කතාවල වැදගත් කමක් නැහැ.
මෛත්‍රිපාලට ශ්‍රී ල නි ප නායකත්වය පැවරීමෙන් ඡන්ද පනස්අට ලක්‍ෂයක
අගය නැති වුණා. ඡන්ද පනස්අට ලක්‍ෂයකට අද පාර්ලිමේන්තුවේ කිසිම වැදගත් කමක්
නැහැ. දහනවවැනි සංශෝධනයට ඡන්දය දීමෙන්
සංධානය හා මහින්ද සියතින් ගෙළ සිඳ ගත්තා. අගෝස්තු මැතිවරණයෙන් සංධානය එ ජා පෙරමුණට
පරාජය වුණා. ඒත් ආසන එකොළහක් පමණයි අඩු වුණේ. ඉන් පසුව රනිල් ශ්‍රි ල නි ප එකතු
කරගෙන ඊනියා ජාතික ආණ්ඩුවක් හැදුවා. ශ්‍රී ල නි ප පාර්ලිමේන්තුවේ නියෝජනය වන පක්‍ෂයක්
නො වෙයි. ම එ පෙ, ජා නි පෙ වැනි පක්‍ෂ පාර්ලිමේන්තුව
නියෝජනය නොකරන බව තීරණය කරන රනිල්ට අවනත
කතානායක ශ්‍රී ල නි ප පාර්ලිමේන්තුවේ පක්‍ෂයක් ලෙස පිළිගන්නවා. මේ රනිල්ගෙ
පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වන ආකාරය. මෙය නීති විරෝධි ආණ්ඩුවක් වුණත්
ඒකට විරුද්ධව අධිකරණයට යන්න බැහැ.
මෛත්‍රිපාල ආසන හතළිහක් පමණ තිබූ රනිල් අගමැති කළ අවස්ථාවෙ සංධානය
විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවෙ නැත්තෙ කියන එක ප්‍රශ්නයක්. ඒ වෙලාවෙ සංධානයට මන්ත්‍රීවරුන්
බහුතරයක් සිටියා. සංධානය පිටුපස විදේශීය හස්තයක් තිබෙනව ද? සංධානය දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයටත් ඡන්දය
දුන්නා. මේ නිකම් ම සිදුවූ දේ නො වෙයි. අද පාර්ලිමේන්තුව රනිල්ගෙ පාර්ලිමේන්තුව
වෙලා. රනිල් විහිළු කරමින් තර්ජනය කරමින් කතානායකට උපදෙස් දෙමින් පාර්ලිමේන්තුව
ගෙන යනවා. මේ තමයි ඊනියා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ලංකාව වගේ රටවල ක්‍රියාත්මක
වන විධිය.
ඒකාබද්ධ විපක්‍ෂයට එක්කෝ තේරුමක් නැහැ. එහෙම නැත්නම් ඔවුන් කරන්නෙ
රඟපෑමක්. ඊයෙ අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රය පිළිබඳ විවාදය ආණ්ඩුව දිනුවා. ඒකාබද්ධ
විපක්‍ෂයට කෑ ගහල දිනන්න බැහැ. පාර්ලිමේන්තුවෙ සිදුවන දේ අධිකරණයක අභියෝග කරන්න
බැහැ. පාර්ලිමේන්තුවෙ සිදුවන දේ හරි ද වැරදි ද කියලා තීරණය කරන්නෙ කතානායක මිසක්
ජනමාධ්‍යවේදීන්වත් අධිකරණයවත් නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂය 2019 ගැන හිතනවා. ඒ අතර රනිල් තමන්ට අවශ්‍ය දේ කර
ගන්නවා. ඊයෙ අඩු තරමින් හම්බන්තොට වරාය ගැන විවාදයවත් පවත්වගන්න ඒකාබද්ධ විපක්‍ෂයට
බැරි වුණා. ඒකාබද්ධ විපක්‍ෂය ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම වගේ පරාජය උරුම කර ගෙන.
රනිල්ගෙ කතානායක කෙනෙක් ඉන්න විට විපක්‍ෂය මෙයට වඩා කල්පනාවෙන් සැලසුම් සහගත ව වැඩ
කරන්න ඕන.
අද ඡන්ද පනස්අට ලක්‍ෂයක් ගණන් ගන්නෙ නැහැ. ඒ වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය
සාධාරණයක් ඉටු කරන්නෙත් නැහැ. මෙය පාර්ලිමේන්තු ඒකාධිපතිවාදයක්. බහුතරයේ ආධිපත්‍යයක්
ගැන සිංහලයන්ට විරුද්ධ ව කෑමොර දෙන සිවල් සාමාජිකයන්ට හා පඬියන්ට හැටදෙලක්‍ෂයක්
පනස්අටලක්‍ෂයක් පාගා දැමීම පෙනෙන්නෙ නැහැ. පඬියන් කෑ ගහන්නෙ 75:25 අනුපාතයක් ගැන. ඔවුන්ට එ ජා පෙ, සංධාන 52:48 අනුපාතය පෙනෙන්නෙ නැහැ. ඊනියා ජාතික ආණ්ඩුව
සංධානයෙ ප්‍රධානත්වයෙන් හදන්නත් තිබුණා. එවිට අනෙක් බොහෝ පක්‍ෂ සංධානයට සහයෝගය
දෙන්න තිබුණා.
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් තවත් සරදමක් තියෙනවා. එ ජා පෙ ඡන්දෙ
ඉල්ලුවෙ වරාය බදු දෙන්න විකුණන්න නොවෙයි. සම්පූර්ණයෙන් ම එකී ව්‍යාපෘතියට
විරුද්ධව. එවිට හැටදෙලක්‍ෂෙ ඡන්දෙ දීල තියෙන්නෙ වරාය චීනුන්ට දෙන්න නො වෙයි. එ ජා
පෙ චීනුන්ට විරුද්ධවයි ඡන්දෙ ඉල්ලුවෙ. අද ඔවුන් චීනුන්ට රට විකුණනවා. ලංකාවෙ කිසිම
ඡන්දදායකයකු චීනුන්ට රට විකුණන්න ඡන්දෙ දීල නැහැ. අද ආණ්ඩුව කටයුතු කරන්නෙ කාගෙ
අවශ්‍යතාවකට ද? කිසිම ආණ්ඩුවකට අනුනව අවුරුදු ගිවිසුම් පිටරට සමාගම්, ආණ්ඩු සමග අත්සන් කරන්න බැරිවෙන වගන්ති ව්‍යවස්ථාවෙ
තියෙන්න ඕන.
ඒකාබද්ධ විපක්‍ෂය තමන් බලයට පත් වූ විගස මෙවැනි ගිවිසුම් අහෝසිකරන
බවට ප්‍රකාශයක් කරන්නෙ නැත්තෙ ඇයි? ඒකෙ
ඉන්න පඬියන් කියනව වෙන්න පුළුවන් එසේ අහෝසි කිරීම ඊනියා ජාත්‍යන්තර නීතියට විරුද්ධ
කියලා. ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට විරුද්ධව කටයුතු කරන්න මගක් හදා ගන්න ඕන.
ඊයෙ පාර්ලිමේන්තුවෙ සිදු වූ දේ රනිල් හරියට ම දන්නවා. අඩුම තරමෙන්
ඔහුගේ උපදේශකයන් දන්නවා. බැඳුම්කරයෙන් රනිල් පන්නන්න හිතන් ඉන්න අයට ඊයෙ වෙච්ච දේ
හොඳ පාඩමක්. ඒක මෛත්‍රිපාලටත් පාඩමක්. රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාල පියවර
නොගත්තොත් මෛත්‍රිපාල ඉවත් කිරීමට රනිල් පියවර ගනීවි.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජූලි 29