Main Logo

Saturday 8 July 2017

රැවටීම


රැවටීම



ඊයේ ( හත්වැනි දා) ඉන්දියාවේ හින්දු පුවත්පතේ පළවූ වාර්තාවක් මෙසේ සම්පූර්ණයෙන් පළ කරනවා. මේ ප්‍රවෘත්තිය ප්‍රංශ පුවත් ඒජන්සියකින් ලබා ගත් එකක්. ඉන් කියැවෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි සුළුතර දෙමළ ජනයාට වැඩි බලතල ලබා දීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙනෙන බවයි. ඒ ප්‍රවෘත්තිය පළවන්නේ බෞද්ධ විරෝධය නොතකා  වැඩි බලතල දෙමළ ජනයාට දීමට ශ්‍රී ලංකාව පොරොන්දු දීමක් ලෙසයි. මේ බෞද්ධ විරෝධය යනුවෙන් කියැවෙන්නේ පූජ්‍ය ආනමඩුවේ  ධම්මදස්සි හිමිපාණන් වහන්සේ නව ව්‍යවස්ථාවකට භික්‍ෂූන් වහන්සේ විරුද්ධ බවට කරන ලද ප්‍රකාශයක්.




මේ වාර්තාව උපුටා ගෙන ඇත්තේ කිනම් ඒජන්සියකින් වුවත් එය පළ වී ඇත්තේ හින්දු පුවත්පතෙහි. හින්දු පුවත්පත බ්‍රාහ්මණ පවුලකට අයත් වන අතර චෙන්නායි මූලික කරගෙන පළ වෙන්නක්. එහි එක් තැනක ධම්මදස්සි හිමියන්ට ධම්මදස්සි මහතා යනුවෙන් ලියා තිබෙනවා. හින්දු පුවත්පත භික්‍ෂූන් වහන්සේට මහතා යැයි නොකියන බව නොදන්නේ ද? මේ පිළිබඳ ව ආණ්ඩුව හින්දු පුවත්පතට අඩු තරමෙන් විරෝධයවත් පානවා ද? ප්‍රංශ ඒජන්සියත් මේ ප්‍රවෘත්තිය පළ කර ඇත්තේ කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැති.



ඔවුන් කියන විධියට දෙමළ සුළුතරය තමන්ට අධ්‍යාපනයෙහි හා රැකීරක්‍ෂාවන්හි කෙරෙන්නේ යැයි කියන අසාධාරණවලට විරෝධය පාමින් 1972 දී   ආයුධ අතට ගත් බවයි. විදේශ වාර්තාකරුවන් ප්‍රශ්නයේ ආරම්භයට යන්නේ නැහැ. සිංහල උගතුන් ද ප්‍රශ්නයේ ආරම්භයට නොයන විට විදේශ වාර්තාකරුවන් ප්‍රශ්නය ගැඹුරින් අධ්‍යයනය කරාවි ද? බොහෝ සිංහලයන් ද ප්‍රශ්නය දකින්නේ 1956න් පසුව ඇතිවූවක් ලෙසයි. ප්‍රශ්නයේ ආරම්භය 1831 දක්වා දිව යන බව සාක්‍ෂි සහිතව කී විටත් ඔවුන් ඒ පිළිගන්නේ නැහැ. මා අවුරුදු විසිපහකට වැඩි කාලයක් මේ කතාව කිව්වත් බොහෝ දෙනා එය පිළිගන්නේ නැහැ.



මේ වාර්තාවෙහි රාජිතගේ පුරාජේරු කතාවක් ද සඳහන් වෙනවා. ඔහු කියන්නේ මොන විරුද්ධතා මැද වුවත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවයි. ඔහු ඊනියා ජනවරමක් ගැන කියනවා. අප මේ ජනවරම ප්‍රශ්නය ඊයේත් කතා කළා. එහෙත් මෙහි වැදගත් ම කොටස සිරිසේන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව කීමයි. ඔහුටත් අවශ්‍ය දෙමළ ජාතිවාදීන් සැනසීමට. එය චන්ද්‍රිකාගෙන් ලැබෙන පණිවුඩය විය හැකියි. එහෙත් මෛත්‍රිපාල තවමත් චන්ද්‍රිකාට හිස නමන්නේ ඇයි?



කොහොමටත් අපට අහන්න වෙන ප්‍රශ්නය මෛත්‍රිපාල සනසන්නේ කාව ද? ඔහු ඇත්ත කියන්නේ කා කහට ද? භික්‍ෂූන් වහන්සේට ද  ජනමාධ්‍යවේදීන්ට ද? ඔහු භික්‍ෂූන් වහන්සේට ඇත්ත කියන බව අපි විශ්වාස කරමු ද? මේ රැවටිල්ල හැමදාමත් තිබුණු තිබෙන දෙයක්. මෛත්‍රිපාල දළදා සමිඳු ඉදිරියේ භික්‍ෂූන් වහන්සේට ඇසෙන පරිදි නව ව්‍යවස්ථාවක් නොගෙනන බවට ප්‍රතිඥාවක් දෙනවා ද? මහින්දත් කිසිම නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකට සහභාගි නොවන බවට ප්‍රතිඥාවක් දෙනවා ද? මෙයින් අදහස් කරන්නේ ජේ ආර්ගේ 1978 ව්‍යවස්ථාව රකිනවා කියන එක නො වෙයි. ඒ සිංහල බෞද්ධ විරෝධී සන්ධීය ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. අඩු තරමෙන් දේශපාලනික ව පරාජය කර ඇති දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නෛතික ව අහෝසි කළ යුතුයි. එහෙත් දෙමළ ජාතිවාදීන්ගේ අවශ්‍යතාවට ජේ ආර් ව්‍යවස්ථාව අහෝසි කර සහසන්ධීය ව්‍යවස්ථාවක් ඇති නොකළ යුතුයි.



සිංහල බෞද්ධයන් තරම් රැවටීමට භාජනය කළ හැකි තවත් ජාතියක් ජනවර්ගයක් නැහැ. සිංහලය රාජ්‍ය භාෂාව කියලා අප හිතනවා. ඒ අතර දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කියලා ව්‍යවස්ථාවේ ම කියනවා. බුද්ධාගම රකිනවා කියලා කියනවා. ඒ සමග අනෙක් ආගම් ද බුද්ධාගම තත්වයට ම පත් කෙරෙනවා. අපේ මූලික ප්‍රශ්නය රාජ්‍ය භාෂාව කියන්නෙ මොකක් ද බුද්ධාගමට නිසි තැන දෙනවා කියන්නෙ මොකක් ද ආදිය නොදන්න එක. බුද්ධාගමට නිසි තැන දෙන රටේ අධිකරණ නායක හාමුදුරුවරු රෝම ලන්දේසි නීතියෙ පිහිට පතා උසාවියට වැඩම කරනවා!





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා  



2017 ජූලි 08



Sri Lanka vows Tamil autonomy despite Buddhist resistance


Colombo, July 06, 2017 00:00 IST

Updated: July 06, 2017 03:48 IST

http://www.thehindu.com/todays-paper/tp-international/article19218406.ece/alternates/FREE_300/th-6-Sri-Lanka-GAR21TDHA3jpgjpg

Maithripala Sirisena  


Colombo, July 06, 2017 00:00 IST

Updated: July 06, 2017 03:48 IST

Sirisena says he wants to prevent a repeat of separatist fight

Sri Lanka vowed on Wednesday to grant greater autonomy to its Tamil minority in a new Constitution after an influential Buddhist monk said the clergy opposed the plan.

President Maithripala Sirisena has said the new Constitution will grant extensive autonomy to Tamils concentrated in the island’s northern and eastern regions. He has said he wants to prevent a repeat of a bloody separatist conflict that claimed 1,00,000 lives between 1972 and 2009.

On Tuesday, the senior monk, Anamaduwe Dhammadassi, said the clergy opposed the plan, which would “create unnecessary problems.”

But government spokesman Rajitha Senaratne said the national Parliament would not roll back the process, which began in April last year to draft a new statute that will be put to a referendum.



‘People’s mandate’

“The monks can have their views, but the people’s mandate at two elections in 2015 was to change the Constitution,” Mr. Senaratne said. “We will not work against the people’s will just because Buddhist monks want us to do so.”

Advertisement:



Nearly 70% of the island’s population is Buddhist and the monks, who hold huge sway, have generally opposed any political concessions to the mostly Hindu Tamils community.

Mr. Dhammadassi said senior monks were united in their opposition to constitutional reforms.



New challenge

The latest move by the Buddhist leadership is seen as a new challenge to Mr. Sirisena, also a Buddhist from the Sinhalese majority, who is committed to ethnic unity. Hardline Sinhalese oppose a federal system that would ensure more political power for minority Tamils.

The island’s Tamils took up arms in 1972 claiming they faced discrimination in education and employment.



While many of the grievances were addressed over the years, the militancy grew into a full-fledged guerilla war with Tamil Tiger rebels controlling a third of the country’s territory before they were eventually crushed in May 2009.