Main Logo

Saturday 22 July 2017

ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය


ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කර ගනු ලැබුයේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ ගෙනෙන ලද යෝජනා සම්මතයකින්. එහි ආරම්භයේ ම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවට ශ්‍රී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවක් තිබුණු බව ය. මෙය පට්ටපල් බොරුවක්. ශ්‍රී ලාංකික ජනතාව අතර ඒ සම්බන්ධ එකඟතාවක් නැහැ. මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශයෙන් ද ඒ බව තහවුරු වෙනවා.




එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යයට නිර්ලජ්ජිත ව ද්‍රෝහි ව සහභාගි වෙනවා. අද ඒකාබද්ධ විපක්‍ෂය ජාතිකත්වයෙන් ක්‍රමයෙන් කසිකබල් ව්‍යාජ සමාජවාදයකට මාරුවෙමින් පවතිනවා. ඔවුන් සයිටම් වෙනුවෙන් දක්වන විරුද්ධතාව ව්‍යවස්ථාව වෙනුවෙන් දක්වන්නේ නැහැ. එහි  ප්‍රකාශකවරු තමන් නොදන්නා වෙසක් උත්සව ගැන නිදහස් අධ්‍යාපනය ගැන මාධ්‍ය සාකච්ඡාවල බෙරිහන් දෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය ෆෙල්ට්මන් හමුවෙලා තමන් ඒකීයත්වය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම ගැන දරණ ස්ථාවරය දැන්වීම හොඳයි. ඒත් එය මදි.



රනිල් වචන හරඹයකින් අසම්මත ආකාරයකින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න හදනවා. ඒ සමස්ත ක්‍රියාවලියෙන් ම ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් වෙන්න ඕන. ඔය ව්‍යවස්ථා මණ්ඩලයෙ හිටියා කියලා කිසිම සෙතක් නැහැ. අනුකාරක කමිටු හයේ හිටිය කියලා මොනව ද ලැබුණෙ. තමන්ගෙ යෝජනා අනුකමිටු වාර්තාවල කොපමණ තිබුණ ද? අද ජා නි පෙ ව්‍යවස්ථා මණ්ඩලයෙන් අයින් වෙලා. දැන් ඒකට වලංගුබවක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය තවදුරටත් එහි රැඳී සිටින්නේ ඇයි? 



සම්බන්ධන්ලාට අවශ්‍ය වචන හරඹයකින් ඒකියබවත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමත් නැති කරන්න. ඔහු ඕස්ත්‍රේලියානු විදේශ ඇමතිවරිය හමුවෙලා නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම කල් යන බවට පැමිණිලි කරලා. ඔහු සහ තවත් අය බටහිර ආධාර ඇතිව ව්‍යවස්ථාව සම්පාදනය කරනවා. ඒකාබද්ධ විපක්‍ෂය කුමක් දෝ හේතුවකට රනිල්ට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අනියමින් හවුල් වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් පෙනී සිටන ජනමාධ්‍ය හා එහි නිවේදකයන් ව්‍යවස්ථාවට වඩා සයිටම් ආයතනයට තැන දෙනවා. මේ නිවේදකයන් වැඩ කරන්නෙ අයිතිකාරයන්ගෙ වුවමනාවට බව අපට හොඳහැටි වැටහෙනවා.



ව්‍යවස්ථා මණ්ඩලය පත් කර ගැනීමේ දී සම්මත වූ යෝජනාවේ පළමු වගන්තිය මෙහි පළවෙනවා. කලින් කී පරිදි යෝජනාවේ කුමක් සඳහන් වුවත් ජනතාව අතර ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට එකඟත්වයක් නැහැ. මේ බොරු යෝජනාවට ඒකාබද්ධ විපක්‍ෂය ඡන්දය දුන්නා! මෙහි සඳහන් වන්නේ මුළු පාර්ලිමේන්තුව ම සමන්විත වන පරිදි මන්ත්‍රීවරුන්ගේ (මන්ත්‍රිවරයන්ගේ - නීතිපති දෙපාර්තමේන්තුවේ සිංහල)  පූර්ණ කාරක සභාවක බලතල ඇති මණ්ඩලයක් පිහිටුවන බවයි. එය ස්ථාවර නියෝග යටතේ පත් කළ පූර්ණ කමිටුවක් නො වෙයි. එය පූර්ණ කමිටුවක බලතල ඇති මණ්ඩලයක්. පූර්ණ කමිටුවක් හා පූර්ණ කමිටුවක බලතල ඇති මණ්ඩලයක් අතර වෙනසක් තියෙනවා. මේ මණ්ඩලය පාර්ලිමේන්තු සභා ගැබේ රැස්වුණාට ස්ථාවර නියෝග යටතේ පත්කළ කමිටුවක් නො වෙයි. මෙය රනිල්ගේ හා බටහිරයන්ගේ උප්පරවැට්ටියක්.



ඒ මණ්ඩලය පාර්ලිමේන්තුව ම සමන්විත වන පරිදි පත් කළ මණ්ඩලයක්. එහි සාමාජිකත්වයෙන් ජා නි පෙ අස්වීම ඉතා වැදගත්. තවදුරටත් මේ මණ්ඩලයට වලංගුබවක් නැහැ. අර කවුදෝ නීතිඥ පඬියකු කියා තිබුණත් ඒ මණ්ඩලයෙන් අස්වීම නිසා ජා නි පෙ මන්ත්‍රීවරුන් ගෙදර යා යුතු නැහැ. මේ අවලංගු වූ මණ්ඩලයේ ඒකාබද්ධ විපක්‍ෂක්‍ෂය තවදුරටත් රැඳී ඉන්නේ ඔවුන්ට ඡන්දය දුන් අයගේවත් පොදුවේ භික්‍ෂූන් වහන්සේගේවත් වුවමනාවට නො වෙයි. එහෙනම් ඒ කාගේ වුවමනාවට ද කියලා අහන්න වෙනවා.  





ආණ්ඩුකම  ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා යෝජනා සම්මතය



ශී ලංකාවට ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු යැයි ශී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවයක් ඇති හෙයින් ද 



ශී ලංකාව සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සලකා බලා ජනතාවෙග් අදහස් හා උපෙදස් ලබාගෙන ආණ්ඩුකම ව්‍යවස්ථාවේ   75 වන ව්‍යවස්ථාව යටෙත් ඒ වෙත පැවරී ඇති බලතල කියාත්මක කරමින් පාර්ලිමේන්තුව විසින් සලකා බලනු පිණිස ආණ්ඩුකම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සැකසීමේ  කාර්ය සඳහා සමස්ත පාර්ලිමේන්තුවම සමන්විත වන පරිදි සැදි පූර්ණ කාරක සභාවක බලතල ඇති හා පාර්ලිමේන්තු මන්තීවරයන්ගෙන් සමන්විතවන මෙහි මින් මතු “ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය” යනුවෙන් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවක් තිබිය යුතු යැයි, මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි. “







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූලි 22