පරමාධිපත්‍යය එ ජා පෙ මන්තීවරුන්ට නොවේ
මා මෙහි මොනවා කිව්වත් ඉන් නඩුවලට වැඩක් නැති බව නොදන්නවා නො වෙයි.
නඩුවල දී වැදගත් වන්නේ නීතිඥයන් ඉදිරිපත් කරන කරුණු. කොහොමටත් ශ්‍රේෂ්ඨාධිකරණය
තීන්දුව දෙන එක හෙටට කල් දාලා. අපි එතෙක් බලා ඉමු. ඕනෑම තීන්දුවකට මුහුණ දීමට
සූදානම් වෙමු. නඩු තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස මැතිවරණයක් පවත්වන්නේ නම් එක සංවිධානයකින් එක ලකුණක් යටතේ දිවයිනේ හැම
දිස්ත්‍රික්කයකට ම තරග කරමු. ඇතැම් දිස්ත්‍රික්කයක වෙන වෙන ම තරග කිරීමෙන් වාසි
අත්වන්නේ එ ජා පෙරමුණටයි. රනිල් අගමැති ධුරය දැරීම නතර කෙරුණේ මෛත්‍රිපාල මහින්ද
එකතුවෙන්. මොන හේතුවකටවත් එය කඩන්න ඉඩ දෙන්න බැහැ. නූතන මොල්ලිගොඩලට 2018, 1818ක් කරන්න දෙන්න බැහැ.