කඳවුර බිඳ දැමීම
අපේ කඳවුර කියන එක පැහැදිලි ව නිර්වචනය කරන්න බැහැ. එහෙත් පොදුවේ
ගත්තොත් එ ජා ප විරෝධී බවක් තියෙනවා. එසේ වුවත් එහි කිසිම ආකාරයක සජාතීය බවක්
නැහැ. කඳවුරේ සාමාන්‍ය ජනතාව අතර නම් ජාතිකවාදීන් වැඩියි. එහෙත් නායකයන් අතර
ජාතිකවාදීන් ඉතා අඩුයි. නායකයන් අතර වැඩියෙන් ඉන්නෙ ඊනියා වාම කේන්ද්‍රිකයන්.
ඔවුන් හා ස්මාට් ජාතිකවාදීන් අතර මතවාදී ව යම් සම්බන්ධයක් තියෙනවා. කඳවුර
මෙහෙයවෙන්නේ ඔවුන් අතින්. මහින්ද ඊනියා වාම කේන්ද්‍රිකයෙක්.