මුතුකුඩ ගැන අදහස් කිහිපයක්
මේ මුතුකුඩ ටෙලි නාට්‍යය ගැන විචාරයක් නොවෙයි. මා කලක සිට නාට්‍ය,
සිනමාව, නවකතා කෙටිකතා විචාරය කරන්නේ නැහැ. කවුද මාධ්‍ය කරුවකු කියලා තිබුණා
මා චිත්‍රපටි විචාරය කරන්නෙ ඒ නොබලා කියලා. ඒ ඔහුගේ දැනුම. මෙහි සඳහන් වන්නේ
මුතුකුඩ නාට්‍යයේ සමහර කොටස් නැරඹීමෙන් පසු මගේ හිතට ආ අදහස් ටිකක් පමණයි. ඒ නාට්‍යයේ
මුල කොටස් බොහොමයක් මා නරඹා නැහැ. ඉන්පසුත් සමහර කොටස් මට මගඇරුණා.