Main Logo

Showing posts with label Muthukuda. Show all posts
Showing posts with label Muthukuda. Show all posts

Wednesday, 27 June 2018

මුතුකුඩ හා ඊනියා තුන්වැනි ලෝකයේ මළකඳන්


මුතුකුඩ හා ඊනියා තුන්වැනි ලෝකයේ මළකඳන්



බොහෝ දේ ලිවීමට තිබුණත් මේ ලිපිය ප්‍රමාද කිරීමට බැහැ. මුතුකුඩ නාට්‍ය ගැන අදහස් කිහිපයක් යනුවෙන් පළ වූ ලිපියට ප්‍රතිචාර දැක් වූ පඬි පෝතකයකු මේ මුතුකුඩ ගැන දැයි අසා තිබුණා. පඬියන් හා පඬි පෝතකයන් මගේ ශෛලිය තවමත් දන්නේ නැත්නම් එයින් කියැවෙන්නේ ඔවුන්ගේ අල්තාර ශෛලියයි. මගේ ශෛලිය හාමුදුරුවරුන්ගේ බණ ශෛලිය මිස අල්තාර ශෛලිය නො වෙයි. හාමුදුරුවන් ධර්ම දේශනා කරන්නේ ඇතැම් විට යම් සූත්‍ර පාඨයක් ගෙන හැර දක්වමින්. එහෙත් උන්වහන්සේලා ඒ වටා තවත් බොහෝ කතා දේශනා කරනවා. කාට හරි හිතෙන්න පුළුවන් ඒ කතා සූත්‍ර පාඨයට අදාළ නැහැ කියලා. එහි අදාළත්වය තේරුම් ගන්නට අල්තාර ශෛලියෙන් බැහැර වෙන්න ඕන. මේ ශෛලි අතර වෙනසත් රේඛීය හා චක්‍රීය චින්තන අතර තවත් වෙනසක්.

Sunday, 24 June 2018

මුතුකුඩ ගැන අදහස් කිහිපයක්


මුතුකුඩ ගැන අදහස් කිහිපයක්



මේ මුතුකුඩ ටෙලි නාට්‍යය ගැන විචාරයක් නොවෙයි. මා කලක සිට නාට්‍ය, සිනමාව, නවකතා කෙටිකතා විචාරය කරන්නේ නැහැ. කවුද මාධ්‍ය කරුවකු කියලා තිබුණා මා චිත්‍රපටි විචාරය කරන්නෙ ඒ නොබලා කියලා. ඒ ඔහුගේ දැනුම. මෙහි සඳහන් වන්නේ මුතුකුඩ නාට්‍යයේ සමහර කොටස් නැරඹීමෙන් පසු මගේ හිතට ආ අදහස් ටිකක් පමණයි. ඒ නාට්‍යයේ මුල කොටස් බොහොමයක් මා නරඹා නැහැ. ඉන්පසුත් සමහර කොටස් මට මගඇරුණා.

Thursday, 24 May 2018

ජනාධිපති මෛත්‍රිපාල වෙතටයි


ජනාධිපති මෛත්‍රිපාල වෙතටයි



මේ වචන කිහිපය ඔබට ලිවීමෙන් මා තවත් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට පත්වෙනවා. ඔවුන් මා මෝඩයකු, පිස්සකු ගේම් කාරයකු ලෙස සලකාවි. එහෙත් මට ජනප්‍රසාදය වැදගත් නැහැ. ඔබ මේ ලිපිය කියවාවිද කියන්න බැහැ. මේ ලිපිය කොහොමටත් දෙතුන්සිය දෙනකුට වඩා කියවන්නේ නැහැ. ඔබට මුතුකුඩ නාට්‍යය නැරඹීමට වෙලාවක් තියෙනවා ද කියා මා දන්නේ නැහැ. ඔබ නූතන මොල්ලිගොඩ කෙනකු වනවා දකින්න මා කැමති නැහැ. මෙය ලියන්නේ එබැවිනුයි.