Main Logo

Showing posts with label K B Herath. Show all posts
Showing posts with label K B Herath. Show all posts

Tuesday, 21 August 2018

පරංගි සමයම





පරංගි සමයම





අර 140 සීමාව සකර්බර්ග්ගෙ වැඩක් නොව ට්විටර් සීමාවක් කියලා මුහුණු පොතෙත් සැරිසරන අයකු පෙන්වා දී තිබුණා. ඔහුට පින්. ඔහු මගේ ලොකු පුතාගෙ මිතුරෙක්. ඔවුන් පාසලෙත් විශ්වවිද්‍යාලයෙත් එකට ඉගෙන ගෙන තියෙනවා. නෑ නෑ ඒක ලංකාවෙ විශ්වවිද්‍යාලයක්. මා පුතාලගෙන් පමණක් නොව මුණුබුරාලගෙනුත් ඉගෙන ගන්නවා. ඒත් මුහුණු පොතේ සැරිසරන බොහෝ දෙනකු නම් හිතන්න බැරි අය. දෙමළ කියා ජාතියක් නැත්නම් දෙමළ ජාතිවාදයක් තියෙන්න පුළුවන් ද කියල ඔවුන් අහනවා. ජාතිය ජනවර්ගය භාෂාවක් කතා කිරීම ජාතිවාදය ආදිය ගැන ඔවුන්ට කිසිම පැහැදිලි අවබෝධයක් නැහැ. හැබැයි ලියන්නෙ සියල්ල දත් මහා තාර්කික ඥානයක් ඇති අය ලෙස.  විවිධ සපත්තු ජාතිත් තියෙනවා. සපත්තුවලත් ජාතිවාදයක් තියෙනව ද කියල ඔය පඬියකු අහන්න බැරි නැහැ. තවත් පඬියකු අහලා තිබුණෙ අපට ඕන විද්‍යාව වෙනුවට ජාතික චින්තනයට යෑමට ද කියා. ඔහුට චින්තනය විද්‍යාව ආදිය ගැන තේරුමක් නැහැ. විද්‍යාවක් එය පදනම් වන හෝ නොවන හෝ චින්තනයකින් ආදේශ කරන්න බැහැ.

Wednesday, 27 June 2018

මුතුකුඩ හා ඊනියා තුන්වැනි ලෝකයේ මළකඳන්


මුතුකුඩ හා ඊනියා තුන්වැනි ලෝකයේ මළකඳන්



බොහෝ දේ ලිවීමට තිබුණත් මේ ලිපිය ප්‍රමාද කිරීමට බැහැ. මුතුකුඩ නාට්‍ය ගැන අදහස් කිහිපයක් යනුවෙන් පළ වූ ලිපියට ප්‍රතිචාර දැක් වූ පඬි පෝතකයකු මේ මුතුකුඩ ගැන දැයි අසා තිබුණා. පඬියන් හා පඬි පෝතකයන් මගේ ශෛලිය තවමත් දන්නේ නැත්නම් එයින් කියැවෙන්නේ ඔවුන්ගේ අල්තාර ශෛලියයි. මගේ ශෛලිය හාමුදුරුවරුන්ගේ බණ ශෛලිය මිස අල්තාර ශෛලිය නො වෙයි. හාමුදුරුවන් ධර්ම දේශනා කරන්නේ ඇතැම් විට යම් සූත්‍ර පාඨයක් ගෙන හැර දක්වමින්. එහෙත් උන්වහන්සේලා ඒ වටා තවත් බොහෝ කතා දේශනා කරනවා. කාට හරි හිතෙන්න පුළුවන් ඒ කතා සූත්‍ර පාඨයට අදාළ නැහැ කියලා. එහි අදාළත්වය තේරුම් ගන්නට අල්තාර ශෛලියෙන් බැහැර වෙන්න ඕන. මේ ශෛලි අතර වෙනසත් රේඛීය හා චක්‍රීය චින්තන අතර තවත් වෙනසක්.