Main Logo

Showing posts with label Sinhala Nationalists. Show all posts
Showing posts with label Sinhala Nationalists. Show all posts

Wednesday, 3 June 2020

නඩුව ජාතිකවාදී කඳවුර හා සුමන්තිරන්

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9




නඩුව ජාතිකවාදී කඳවුර හා සුමන්තිරන්



දැන් ඉතින් මොනව කරන්න ද? ඡන්දෙට ලැහැස්ති වෙන්න ඕන. සකලවිධ සිංහල විරෝධී විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී කඳවුරට ඡන්දෙ කරන්න වෙලා. ඔවුන් ඒකට අකමැති බව කවුරුත් දන්නවා. ඕන නම් හූල් වැඩේ ටිකක් පරක්කු කරන්න බොරු තර්ක ටිකක් ගේන්න පුළුවන්. ඒත් හුඟක් පරක්කු කරන්න බැහැ. මැතිවරණ කොමිසමට වැඩ ටිකක් වැඩි වෙනවා. අවශ්‍ය ම නම් මැතිවරණය දින දෙකක දි හරි තුනක දි හරි පවත්වන්නත් පුළුවන්. මැතිවරණ පනතෙ 24(3) වගන්තිය යටතෙ කොමිසමට ඒක කරන්න පුළුවන්. ඡන්ද පොළ සංඛ්‍යාව වැඩි කරන්න වෙයි. නිරෝධායන නීති රීති හින්ද දින කිහිපයක දි ඡන්දය පැවැත්වීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට කොහොම වුණත් රටේ සෞඛ්‍යයට හොඳයි. 

Wednesday, 3 April 2019

කඳවුර බිඳ දැමීම




කඳවුර බිඳ දැමීම


අපේ කඳවුර කියන එක පැහැදිලි ව නිර්වචනය කරන්න බැහැ. එහෙත් පොදුවේ ගත්තොත් එ ජා ප විරෝධී බවක් තියෙනවා. එසේ වුවත් එහි කිසිම ආකාරයක සජාතීය බවක් නැහැ. කඳවුරේ සාමාන්‍ය ජනතාව අතර නම් ජාතිකවාදීන් වැඩියි. එහෙත් නායකයන් අතර ජාතිකවාදීන් ඉතා අඩුයි. නායකයන් අතර වැඩියෙන් ඉන්නෙ ඊනියා වාම කේන්ද්‍රිකයන්. ඔවුන් හා ස්මාට් ජාතිකවාදීන් අතර මතවාදී ව යම් සම්බන්ධයක් තියෙනවා. කඳවුර මෙහෙයවෙන්නේ ඔවුන් අතින්. මහින්ද ඊනියා වාම කේන්ද්‍රිකයෙක්.