අපේ පරමාධිපත්‍යය අපට තියෙනවා ද
පරමාධිපත්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදය වගේ ම අපට බටහිරින් ලැබුූණු
සංකල්පයක්. සඟ සසුනේ හැරෙන්න ලෝකයේ කිසිම කලක සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබී නැහැ.
පැරණි ග්‍රීක පුර රාජ්‍යවල සෘජු ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා යැයි කීවත් එහි වහලුන්ට
හා ස්ත්‍රීන්ට ඒ කියන සාකච්ඡාවලට සහභාගි වීමට අවස්ථාව ලැබී නැහැ. කාට හරි කියන්න
පුළුවන් වහලුන් අද අර්ථයෙන් පුරවැසියන් නොවීය කියා. ප්‍රශ්නයත් ඇත්තේ එතැනමයි.
පුරවැසියා කවුද කියා තීරණය කරන්නේ කවුද? රෝමයේ නායකයන් ජනතාව ඇමතුවේ රෝමවරුනි රටවැසියනි (Romans and Countrymen) කියා. රෝමය නගරයක්. මෙහි කන්ට්‍රි කිව්වෙ
නගරයෙන් පිට වැනි අර්ථයකින්. ඉතාලිය රටක් වුණේ බොහෝ කලකට පස්සෙ ගැරිබෝල්ඩි යටතේ
එක්සත් කරනු ලැබීමෙන් පසුව.