Main Logo

Monday 1 October 2018

ගෝඨාභය, ඉන්දියාව බටහිර හා කිඹුලි

අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.



ගෝඨාභය, ඉන්දියාව බටහිර හා කිඹුලි



කොටි පරාද කිරීමේ දී ස්ථිර අධිෂ්ඨානයකින් යුක්ත ව එයට දායක වූයේ ගෝඨාභය රාජපක්‍ෂයි. මහින්දට පවා තීරණයක් ගැනීමට අපහසු වූ අවස්ථාවල ගෝඨාභය මහින්දටත් ශක්තිය සපයා දී තිබෙනවා. දැන් අහන්න එපා ශක්තිය සැපයීම කියන්නෙ මොකක් ද කියලා. ගෝඨාභය ශක්තිය සැපයූ ආකාරය දැනගැනීම සඳහා විවිධ අය ලියා ඇති දේ කියවන්න. විශේෂයෙන් අපට විරුද්ධ අය කියා ඇති දේ කියවන්න. මා එතනින් එහාට ඒ ගැන කියන්නේ නැහැ. එහෙත් මට ප්‍රශ්නයක් ව තියෙනවා ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරන්න පොහොට්ටුව මෙතරම් ප්‍රමාද වන්නේ ඇයි කියා. මට ඒ ගැන සැකයක් තියෙනවා. ඒ ඇමරිකානු රටවැසිකම නිසා හටගත් ප්‍රශ්නයක් ද? වෙනත් එකක් ද?




ප්‍රශ්නය වෙනත් එකක් නම් ගෝඨාභය ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීම ගැන කල්පනා කළ යුතුයි. එය අලුත් දේශපාලනයකට මුල පිරීමක් වෙන්නත් පුළුවන්. මේ බටහිරයන්ගෙන් ලැබුණු පක්‍ෂ දේශපාලනයෙන් අප කවදා නමුත් ඉවත් වෙන්න ඕන. අද එ ජා පක්‍ෂයට ඡන්දය දෙන්නන්ටත් ස්වාධීන ගෝඨාභය කෙනකුට ඡන්දය දෙන්න පුළුවන්.  කාලය කෙමෙන් ගෙවී යනවා. මා මෙතෙක් කතා කෙළේ 2020 ජනවාරි වන තෙක් පමණයි. එහෙත් බොහෝ දෙනාට තෙක්, දක්වා, පසු ආදිය ගැන, නිපාත ගැන, වැටහීමක් නැහැ. ඔවුන් අනාගෙන. සිංහලයන් බොහෝ විට අනාගන්නවා. අනාගන්නවා කියා වචනයක් තියෙන්නේත් එබැවින්. ඔවුන් 2020 ජනවාරියට පසු ගැන කතා කළා. මා කතා කෙළේ 2020 ජනවාරි තෙක්. සිංහලයන්ගේ අනාගැනීම් දැක්කම කණාගාටුවක් ඇති වෙනවා.



ඒ කතාව දැනට පැත්තකින් තබා ඉන්දියාව ගැන කතා තවදුරටත් කතා කරමු. 2009 මැයි 21 වැනි දිනට පසුව සිදු වූයේ කුමක් ද?  21 වැනි දා ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වුණා දහතුන ක්‍රියාත්මක කරන බවටත් දහතුන ඉක්මවා යන විසඳුමක් ගැන සාකච්ඡා කරන බවටත්. ඒ ඉන්දියාව අප කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලයක්. නන්දිකඩාල් ජයග්‍රහණය අපෙන් ගිලිහී ගියේ කඩදාසියකින්. අප යුද්ධයෙහි දක්‍ෂයන් වුවත් අපට ගිවිසුම් තේරෙන්නේ නැහැ. පොරොන්දුවේ ප්‍රතිඵලයක් ලෙස උගත් පාඩම් හා සංහිඳියා කොමිසම පත් කෙරුණා. දෙමළ කතාකරන ජනයාට ඇති ප්‍රශ්නයක් නැති බව මා කී විට එහි එක් සාමාජිකයකු කියා සිටියේ ඒත් දෙමළ කතාකරන ජනයාට යමක් දිය යතු ය කියා.



අප සැමදාමත් කියා ඇති ඉන්දියාව හා බටහිරයන් අතර වෙනසක් ඇති බව. ඔවුන් සියල්ලන්ට ම දෙමළ ජතිවාදය අවශ්‍යයි. ඒ සිංහල ථෙරවාදී බෞද්ධ සංස්කෘතියට පහර දෙන්න. එහෙත් ඉන්දියාවට කොටි පරාජය කිරීමේ අවශ්‍යතාව තිබුණා. බටහිරයන්ට ඒ අවශ්‍යතාව තිබුණේ නැහැ. මේ වෙනස තිබුණත් ඔවුන් දෙමළ ජාතිවාදය පෝෂණය කරනවා. ඉන්දියාව දෙමළ ජාතිවාදය පෝෂණය කරන්නේ තමිල්නාඩුව නිසා         නො වෙයි. ඔවුන්ට අවශ්‍ය නම් තමිල්නාඩුව මෙල්ල කරන්න පුළුවන්. ඔවුන් තමිල්නාඩුව නිදහසට කරුණක් ලෙස යොදා ගන්නවා පමණයි. ඔවුන්ට අවශ්‍ය ලංකාව තම ග්‍රහණයට නතු කර ගැනීමටත් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමටත්.



බටහිරයන් කියන්නේ තම රටවල ඉන්න විසුරුණු දෙමළ ජනයා නිසා ඔවුන්ට ඊනියා මානව අයිතිවාසිකම් රකින්න වෙන බවයි. විශේෂයෙන් ම එංගලන්තය කියන්නේ එයයි. එය බොරුවක්. එංගලන්තයේ ඉන්න දෙමළ කතා කරන ජනයාට මැතිවරණවල දී ඔය කියන බලපෑම කරන්න බැහැ.  බටහිරයන් ද සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියට පහර දීම සඳහා ඊනියා මානව අයිතිවාසිකම් කතා යොදා ගන්නවා. අද ඔවුන් මියන්මාරයේත් ඒ දේ කරනවා. අවුං සාන් සුකී ඔවුන් කී දේ කරන තාක් හොඳයි. ඔවුන්ගේ නොබෙල් තැග්ගත් දෙනවා. එහෙත් සුකී ඔවුන්ට විරුද්ධ වූ සැණින් ඇය ඊනියා මානව අයිතිවාසිකම් කඩන්නියක වෙනවා. බටහිරයන් වඩාත් විරුද්ධ වන්නේ ථෙරවාද බෞද්ධ සංස්කෘතීන්ට. ඔවුන් තම රටවල මුස්ලිම් සංස්කෘතියට විරුද්ධ වුණත් ජාත්‍යන්තර වශයෙන් ථෙරවාදයට එරෙහිව මුස්ලිම් අයත් යොදා ගන්නවා.



බටහිරයන් 2009 සැප්තැම්බරයේ සිට ම ලංකාවට විරුද්ධව ඊනියා මානව අයිතිවාසිකම් කඩ කිරීමේ චෝදනා ඉදිරිපත් කළා.  දරුස්මාන් වාර්තාවේ සිට බොරු 40000කට වඩා කියා ඇති. ඔවුන් බොරු කියන්නේ ව්‍යාජ ඉතිහාසයක් හා ව්‍යාජ චෝදනා මත පදනම් වෙමින්. මෙරට දෙමළ කතාකරන ජනයාගේ ඉතිහාසය ගැන කියන දේ පමණක් නොව ඊනියා අසාධාරණ අභිලාෂ ගැන කියන කතා ද බොරු. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු මේ කිසිවක් සම්බන්ධයෙන් අලුත් අදහසක් ඉදිරිපත් වී නැහැ. පඬියන් පඬි පෝතකයන් හා පෝතිකාවන් සමග මේ ගැන කතා කරල වැඩක් නැහැ. අද කරන්න තියෙන්නෙ ථෙරවාදී හා ථෙරවාදී නොවන රටවලටත්, නැගෙනහිර යුරෝපීය රටවලටත්, දකුණු ඇමරිකානු රටවලටත්, අප්‍රිකානු රටවලටත්, ට්‍රම්ප්ගේ නව ඇමරිකාවටත් මේ කතාව කියා දීමයි. පසුගිය දා චන්න ජයසුමන ඒ පිළිබඳ යම් ආරම්භයක් කරලා තියෙනවා. එය හොඳයි. එමෙන් ම පොදු ජන පෙරමුණේ නායකයන්ටත් මේ ව්‍යාජ ඉතිහාසය හා ව්‍යාජ අසාධාරණකම් ගැන කියා දෙන්න ඕන. පොදුජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් අපට ඒ අවස්ථාව ලබා දෙනවා ද?



බටහිරයන් දිගින් දිගට ම ජෙනීවාහි අපට විරුද්ධ වූ නමුත්  ඉන්දියාව එසේ කෙළේ නැහැ. ඔවුන් 2009 මැයි 21 ඒකාබද්ධ ප්‍රකාශය ගැන බලාපොරොත්තුවෙන් හිටියා. එහෙත් මෙරට ජාතික ව්‍යාපාරය 13ටත් 13+ටත් විරුද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මහින්ද 13+ ත් පොලිස් බලතලත් ඉඩම් බලතලත් අත් හැරීයා. මේ මහින්දගේ දේශපාලන උපක්‍රමයක් නො වෙයි. ඊනියා ඉන්දියාව කළමනාකරණයක් ද නො වෙයි. මහින්ද ජනමතයට කන්දීමක් පමණයි. අප එයට මහින්දට කෘතඥ වෙනවා. ඉඩම් බලතල සම්බන්ධයෙන් වැදගත් අධිකරණ තීන්දුවක් ද ලබා ගැනීමට ගෝමින් දයාශ්‍රී සමත් වුණා. ඉන්දියාව 2009 දී ජෙනීවාහි අපත් සමග සිටියා. එහෙත් මහින්ද වෙනස් වී ඇති බව තේරුම් ගැනීමෙන් පසු 2012 දී ජෙනීවාහි දී අපට විරුද්ධ වුණා. ඒ මදිවට පසුගිය දා ලංකාවත් ලංකාවට විරුද්ධ වුණා.



බටහිරයන් ලංකාවේ අරාබි වසන්තයක් ගැන සිහින මැව්වා. විදුලි පුටු කතා ඉදිරියට ආවා. මහින්දට ගෝඨාභයට හා රණවිරුවන්ට විරුද්ධ ව ඊනියා මානව හිමිකම් කැඩීම් චෝදනා ගෙන ආවා. මහින්ද ඉවත් කරන්න ඔවුන් කටයුතු කළා. එහි විශේෂ කාර්යභාරයක් ඉටු කෙළේ ඉන්දියාවේ රෝ මත්තු සේවයයි. මා  රෝ ඔත්තු සේවය වෙනුවෙන් වැඩ කළ සිංහලයන්ගේ නම් කියන්නේ නැහැ.



අප දැන් ඡන්දය දෙන්නේ අපට අවශ්‍ය අයට නොව ඉන්දියාවට අවශ්‍ය අයටයි. මාලදිවයිනේත් ඒ සිදු වෙනවා. දැන් නැවතත් ඉන්දියාව ලංකාවේ ආණ්ඩු පෙරළියකට සූදානම්. මහින්දවත් ගෝඨභයවත් ඒ ගැටයට හසු විය යුතු නැහැ. ඔවුන්ට හා රණවිරුවන්ට එරෙහි ව ගෙනා චෝදනාවලට මොක ද වුණේ. රනිල්ගේ ආණ්ඩුව මෙන් ම මෛත්‍රිපාලගේ ආණ්ඩුව ද කියන්නේ තමන් ඊනියා ජාත්‍යන්තරය ජයගෙන ඒ චෝදනාවලින් මහින්දත් ගෝඨභයත් රණවිරුවනුත් නිදහස් කර ගත් බවයි. එහෙත් සිදු වුණේ එය නො වෙයි. ඊනියා ජාත්‍යන්තරයට මහින්දලාට විරුද්ධ ව ඔප්පු කළ හැකි චෝදනා නැහැ.  ඔවුන් කරන්නේ වසරකට දෙවරක් ජෙනීවා හි අපට විරුද්ධ ව මහා ඝෝෂාවක් නගන එකත් විදේශීය තානාපතින් ලවා අප බය කිරීමත් පමණයි. මෛත්‍රිපාලවත් රනිල්වත් ජාත්‍යන්තරයෙන් අප බේරා ගැනීමට කටයුතු කර නැහැ.



ඒත් තම රටට විරුද්ධව යෝජනාවක් ගෙන ආ එක ම විදේශ ඇමති ලෙස මංගල සමරවීර වාර්තාවක් නම් තැබුවා. තම පැටියා මිනී නෙකෑම ගැන මාතර කිඹුලි වග කිව යුතුයි. කරන්න ඕන වැඩේ කරන්නෙ නැත්නම් බෙල්ලේ ගෝමර තිබුණත් ඔරු පාරු නවතා ගෙන සිටියත් පැටියගෙන් වැඩක් නැහැ.