මහින්ද අගමැති කරනවට විරුද්ධ කවුද?
ඊයෙ මහා බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කිව්ව රුපියල අවප්‍රමාණය
වීම නිසා ආර්ථිකය කඩා වැටිලා නැහැ, ජීවන
වියදම නම් ඉහළ යාවි කියලා. ඔහු කියන එකෙත් ඇත්තක් තියෙනවා. රුපියල මේ විධියට අවප්‍රමාණය
වෙන්න කලින් ආර්ථිකය කඩා වැටිලා තිබුණෙ. බන්දුල ගුණවර්ධන අර ආර්ථික පර්යේෂණේ ද
මොකක් ද එකේ ඉඳන් හැමදාම වගේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වනවා. ජනමාධ්‍යයත් ඒවට ප්‍රචාරය
දෙනවා. ඔය සංඛ්‍යානය ගැන මට නම් ඒතරම් විශ්වාසයක් නැහැ. ඉංගිරිසි කියමනක් සිංහලට
හැරෙව්ව ම කියවෙනවා බොරු, පට්ටපල් බොරු සහ සංඛ්‍යාන කියා.
සංඛ්‍යානත් එක එක ප්‍රවාද මත
හිඳිමින් ගණනය කරන දේ. සංඛ්‍යා කිව්ව ම (සංඛ්‍යාන නො වේ) මිනිසුන්ගෙ හිතේ තියෙනවා
ඒවා හරි කියල. 1+1 =2 නේ ද කියලා අහනවා. එය මිනිසුන්ගෙන්
ස්වායත්ත (ස්වාධීන) නො වේ ද කියල අහනවා. නැහැ සංඛ්‍යාත් මිනිසුන්ගේ නිර්මාණ පමණයි.
වැලි ගොඩක් වැලි ගොඩකට දැම්ම ම වැලි ගොඩවල් දෙකක් ලැබෙන්නෙ නැහැ. 1+1=2 වෙන්නෙ යම් යම් අවශ්‍යතා යටතේ. සංඛ්‍යා ගැනවත්
සංඛ්‍යානය ගැනවත් මගේ ඊනියා වාස්තවික විශ්වාසයක් නැහැ. මේ හැම එකක් ම මිනිසුන්ගෙ
නිර්මාණ. එකතු කරනවා කියන එකත් මිනිසුන්ගෙ නිර්මාණයක්. සමහර සංස්කෘතීන්වල එකතු
කිරීම තියා තුනෙන් පසු සංඛ්‍යාත් නැහැ.
බන්දුල ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂෙ යම් පිරිසක් රුපියල 200 ගහන තුරු බලා ඉන්නවා. ඒ රනිල්, මංගල විවේචනය කරන්න. රුපියල 200 ගහන එක නතර කිරීම සඳහා බන්දුලලා රනිල්
ඉවත් කරන්න කටයුතු කරන්නෙ නැත්තෙ ඇයි? මේ රට මෙවැනි ප්‍රපාතයකට වැටිච්ච කාලයක් මතක
නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ සමහර අයගෙ මතයක් තියෙනවා 2020 වෙනකම් හිටියොත් ජනතාව අතර ආණ්ඩු (රනිල් හා මෛත්‍රිපාල) තව තවත් අප්‍රසාදයට
පත්වෙලා තමන්ට ලෙහෙසියෙන් ම බලයට පත්විය
හැකි ය කියා. මෙයට ඕන නම් අප්‍රසාද උපක්‍රමය කියල කියන්න පුළුවන්. පහුගිය
පළාත් පාලන මැතිවරණයේදීත් තමන්ට බලය නොලැබෙනවා නම් හොඳ යැයි හිතූ පිරිසකුත්
හිටියා. ඔවුන් හිතුවෙ එවිට ජනතා අප්‍රසාදය හේතුවෙන් තමන්ට 2020 දී පහසුවෙන් ම බලයට පත්විය හැකි ය කියා.
අද ආර්ථිකයෙ තරම ව්‍යාපාරිකයන් දන්නවා. පාරිභෝගිකයන් දන්නවා. සංඛ්‍යාන
අවශ්‍ය නැහැ. ඊනියා ආර්ථික පර්යේෂණත් අවශ්‍ය නැහැ. කොහොමටත් මේ පර්යේෂණ කියන්නෙ
බොහෝ විට දත්ත එකතු කිරීම්වලට. නව සංකල්ප, ප්‍රවාද නිර්මාණය කිරීමට නම් නො වෙයි. වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ පර්යේෂණ
ගැන හොයලා බලන්න. ඒ කියන්නෙ ඊනියා පර්යේෂණයක් කරන්න. ආර්ථිකයෙ නිෂ්පාදන මොනවා ද?
අපනයන මොනවා ද? ආනයන මොනවා ද? කොමිස් ලබා ගන්නෙ කවු ද කොහොම ද?
දැන් පඬියකු කියාවි කොහොමත් කොමිස් ලැබෙනවා
කියා. මා අහන්නෙ සාමාන්‍ය සම්මතයට එහා ගිහින් ලැබෙන කොමිස්.
ආර්ථිකය පැත්තකින් තියන්න. අද පාතාලය රජයනවා. පාතාලය හා දේශපාලනඥයන්
අතර සම්බන්ධකම් තියෙන බව පැහැදිලියි. අද පාරෙ යන්න බැරි තත්වයක් උදා වෙලා. කොයි වෙලාවෙ
වෙඩි උණ්ඩයක් ලැබෙයි ද කියන්න බැහැ. ගෙදරට
ඇවිත් මිනිසුන් කපා කොටනවා. ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, වැඩි වෙලා කියන එක ඒ ගැන ලාවට කීමක්
පමණයි. හොරකම, මංකොල්ලකෑම ගෙවල් කොල්ලකෑම, ආදී අපරාධ වේගයෙන් වැඩිවෙලා. ඒ අතර යාපනයේ දෙමළ
ජාතිවාදය බලවත් වෙලා. උතුර සිංහලයන්ට
අහිමි වෙන තත්වයකට පත් වෙලා. නැගෙනහිර මුස්ලිම් බලය වැඩි වෙලා. උතුරේ බුදු පිළිම
වහන්සේ නමක් තැන්පත් කිරීම යම යුද්ධයක් වෙලා. අද සිංහල බෞද්ධයනට සිංහල බෞද්ධ වීම
නිසා ම පමණක් ප්‍රශ්න තියෙනවා. අර යාපන විශ්වවිද්‍යාලෙ සිංහල බෞද්ධ සිසුන්ගෙන් අහන්න.
මේ සියල්ල අතර එකාබද්ධ විපක්‍ෂෙ බොහෝ දෙනා බලා ඉන්නවා. ඒ අර අප්‍රසාද
උපක්‍රමය අනුව. ඒකාබද්ධ විපක්‍ෂෙ ඇතැමුනට ඕන රට තව තවත් පහළට යවලා 2020 දී පහසුවෙන් බලයට පත් වෙන්න. බලයට පත් වෙන්න ඒ
දවස් වෙන කොට රටක් තියේවි ද? රටක් තිබුණත් බලයට පත් වුණත් රට මේ
අගාධයෙන් ගොඩ ගන්න පුළුවන් වේවි ද? ඒකාබද්ධ
විපක්‍ෂෙ අය හිතනවා ඇති මොනව වුණත් ඔවුන්ට 2020 දි
විසඳුම් තියෙනවා කියලා. එහෙම හිතන අයට නම් මේ ලිපියෙන් වැඩක් නැහැ. කොහොමටත්
ඒකාබද්ධ විපක්‍ෂෙ බොහෝ අයට මගේ ලිපි වහ කදුරු වගේ.
මා කලක සිට කියන්නේ 2020 වන
තුරු බලා නොසිට රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරලා මහින්ද අගමැති කරන්න කියා. දැන්
නම් 2020 වන තුරු ඉන්න එක මහා භයානක වැඩක්
වෙලා. 2019 ජනාධිපති අපේක්‍ෂකයා කවු ද කියන එකට
වැඩිය අද ඇති ප්‍රශ්නය 2020 වන තුරු මේ විධියෙන්වත් රට පවත්වාගෙන
යෑම. අගමැති වෙනස් කරන්න මැතිවරණයක් අවශ්‍ය නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්
ජනාධිපතිට ඒ බලය තියෙනවා. ව්‍යවස්ථාවේ
අදාළ වගන්ති කලින් කියා ඇති. 2015
ජනවාරියෙ රනිල් අගමැති කෙරුවෙ මැතිවරණයකින් පස්සෙ නො වෙයි. ජනාධිපතිවරණයක් කියන්නෙ
මැතිවරණයක් නො වෙයි.
මෛත්‍රිපාල ජනාධිපති ධුරයෙන් පහ කරලා ප්‍රශ්නය විසඳන්න බැහැ. එහෙම
වුණොත් රනිල් පළමුව තාවකාලික ව ජනාධිපති වෙනවා. ඊට පස්සෙ පාර්ලිමේන්තුව ඔහු
ජනාධිපති ලෙස පත් කර ගනීවි. එබැවින් එදත් අදත් 2020ට පෙර ඇති එකම විකල්පය රනිල් අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද අගමැති
කිරීමයි. මෙය මැතිවරණ, ජනාධිපතිවරණ සමග පටලවා ගන්න එපා.
ඒකාබද්ධ විපක්‍ෂෙ කිහිප
දෙනකු මහින්ද අගමැති කරනවට විරුද්ධයි. ඔවුන් කියනවා මෛත්‍රිපාල එක්ක සංධාන හදන්න එපා කියලා. ඒ
ඔවුන්ගෙ ඊළඟ මැතිවරණ බලාපොරොත්තු වෙනුවෙන්. ඔවුන් රටක් ගැන බලන්නෙ නැහැ. කොහොමටත්
මෙතන සංධාන කතාවක් නැහැ. 2019 ජනාධිපතිවරණයක් හරි මැතිවරණයක් හරි
ගැන නොවෙයි මේ කතා කරන්නෙ. රට නැති කරන්න කලින් රනිල් ඉවත් කරන්න.
මෙයට සිරිජාතිකවාදය බැරි නම් ඕනෑම එකක් කියන්න. ඒකට කමක් නැහැ.
තවදුරටත් රටක් තියෙන්න නම් රනිල් අගමැති
ධුරයෙන් ඉවත් කළ යුතුයි. දැන් කුමන්ත්‍රණ කතාත් ඇහෙනවා. ඒ ඇත්ත නම් ඒ කාගෙ
සැලැස්මක් වුණත් ඒකෙ වාසිය කාට ද? අද
අපට මෛත්‍රිපාලටත් මහින්දටත් අණ දිය හැකි හාමුදුරුනමක් නැහැ. අර ට්රොවෝ ලිං කියල
තියෙනවා ථෙරවාද රටවල රාජ්‍යය සංඝයා වහන්සේ රජු ජනතාව කියන ලිප් ගල් තුන මත තියෙන
එකක් කියලා. මේ එකක්වත් දුර්වල වුණොත් රාජ්‍යය කඩා වැටෙනවා. පිරිවෙන් විශ්වවිද්‍යාල
කිරීමෙන් පසු සංඝයා වහන්සේ දුර්වල වෙලා. එදා හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවො
බණ්ඩාරණායක මැතිණියට අණ කළා දේශපාලනයට එන්න කියා.
දැන් මේ හදිසියේ භික්‍ෂූු අධ්‍යාපනය
සකස් කරන්න බැහැ. අපට එක් භික්‍ෂුන් වහන්සේ නමක් නැත්නම් සංඝ සභා හැටියට රැස්වෙලා
මහින්දට හා මෛත්‍රිපාලට රට රැකීමට එකතු වන්න සංඝාඥාවක් පැනවිය හැකි ද? වෛරයකින්/ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව වැඩ කිරීම
පැත්තකට දැමිය යුතුයි. 2020න් පසු තම පෞද්ගලික න්‍යාය පත්‍ර මුදුන්පත් කර
ගන්නේ කෙසේ ද යන්න අමතක කර රටේ න්‍යාය පත්‍රයක් වෙනුවෙන් වැඩ කළ යුතුයි. ජනාධිපති අපේක්‍ෂකයා කවුද යන්න වැදගත්. එහෙත්
ජනාධිපතිවරණය වන තෙක් රට තව තවත් අගාධයට නොයවා පවත්වා ගැනීම එයට වඩා වැදගත්.