0 1 2 3 4 5 6 7 8 9
කොවිඩ් ට්‍රම්ප් හා බටහිර විද්‍යාව
ඇතැමුනට අනුව එක්සත් රාජ්‍යවල (ඇමරිකාවේ) කොවිඩ් 19 පාලනය කර ගැනීමට නොහැකි වී ඇත්තේ ට්‍රම්ප් (බටහිර) විද්‍යාව නොසලකා හැරි නිසයි. මේ කියන අය ඊනියා විිද්‍යාඥයන් ද කියා මා දන්නේ නැහැ. එහෙත් මොවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වන කරුණක් නම් මොවුන් බටහිර විද්‍යාව වුවත් ඉගෙන ගෙන නැති බවයි. පඬි නැට්ටකු සුපුරුදු පරිදි කියන්න පුළුවන් මා ඉන් කරන්නේ බටහිර විද්‍යාව අගය කිරීමක් බව. මා එයින් කියන්නේ ඔවුන් අගය කරන බටහිර විද්‍යාවවත් ඔවුන් ඉගෙන ගෙන නැති බවයි. බටහිර විද්‍යාවේත් අද නිව්ටන්ගේ කාලයේ තරම්වත් සාධාරණ (general) පරීක්‍ෂණ කෙරෙන්නේ නැහැ. සමහර විට එක් නිරීක්‍ෂණයකින් පමණක් නිගමනවලට එනවා. ඇතැම් පරීක්‍ෂණවලට විශාල මුදලක් යන බැවින් ඒ පරීක්‍ෂණ නැවත නැවත කිරීමේ හැකියාවක් නැහැ.