Main Logo

Showing posts with label Federalism. Show all posts
Showing posts with label Federalism. Show all posts

Thursday, 17 January 2019

කාට කියන්න ද?

කාට කියන්න ද?

ඊනියා විද්වතුන්ගේ හෙවත් විශේෂඥයන්ගේ කමිටුවේ වාර්තාව ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරලා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවන බව රනිල් එකහෙළා කියනවා. නිල වශයෙන් ගත්තම ඒක වාර්තාවක් තමයි. ඒත් නොනිල වශයෙන් ගත්තම ඒක තමයි නව ව්‍යවස්ථාව. ඒ වාර්තාවෙහි  සංශෝධන කිහිපයක් පසුව ඇති වෙයි. එහෙත් නව  ව්‍යවස්ථාව දැන ගැනීමට නම් ඒ ඊනියා විද්වත් වාර්තාව කියවන්න ඕන.

Thursday, 5 October 2017

දයාන්ගේ මැද තැන


දයාන්ගේ මැද තැන



දයාන් ජයතිලක තමා දේශපාලන විද්‍යාඥයකු ලෙස හඳුන්වා ගන්නවා. ඩලස් අලහප්පෙරුම දයාන්ගේ දේශපාලන විචාර ඉතා ඉහළින් පිළිගන්නවා. පසුගිය දා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ යම් රැස්වීමක දේශනයක් සඳහා දයාන්ට ආරාධනය කර තිබෙනවා. ඔහුට එසේ ආරාධනය කෙළේ කවුද යන්නවත් කුමකට ද යන්නවත් මා දන්නේ නැහැ. වර්ධරාජ  පෙරුමාල් ප්‍රේමදාස ආදීන් සමග වූ කීර්තිමත් ඉතිහාසයක් ඔහුට තිබෙනවා. එකල ප්‍රේමදාස හිතවාදියකු වූ මහින්දපාලගේ කතෘත්වයෙන් පළ වූ ඔබ්සර්වර් පත්‍රයෙහි ඔහු අනුරුද්ධ තිලකසිරි නමින් ජාතික චින්තනයට විරුද්ධව ලිපි පෙළක් පළ කළා. ඒ ලිපි සිංහලට පරිවර්තනය කෙරී සිළුමිණ පත්‍රයෙහි පළවූවා.

Tuesday, 12 September 2017

විග්නේස්වරන්ගේ පුහු කතා හා මාධ්‍ය


විග්නේස්වරන්ගේ පුහු කතා හා මාධ්‍ය



ඊයේ සැප්තැම්බර් 11. මෙරට පඬියන්ට එය අමතක වුණා ද? ඔවුන් හා මාධ්‍ය පඬියන් තම සුපුරුදු පඬි බව ප්‍රදර්ශනය කරමින් එ ගැන කතා කෙළේ 9/11 යනුවෙන්. දළදා මාළිගාවට පහර දීම ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළ ඝාතන අමතක වුවත් පඬියන්ට 9/11 අමතක වුණේ නැහැ. පඬියන්ට ඊයේ 9/11 අමතක වුණා ද? ඔවුන් දැන් ඊනියා ජාත්‍යන්තරවාදයෙන් කැඩිල ද? මට නම් 9/11 මතක් වෙන්නේ මෙරට මාධ්‍යයේ දීන බව විදහා දැක්වුණු සිද්ධියක් ලෙස.

Thursday, 9 February 2017

කැලිෆෝනියාව වෙන් වෙයි ද?

කැලිෆෝනියාව වෙන් වෙයි ද?

පසුගිය ජනවාරි විසිහත්වැනි දා නිවුස්වීක් සඟරාවේ ලිපියක කැලිෆෝනියාව එක්සත් රාජ්‍යවලින් වෙන් වීම පිළිබඳ ප්‍රශ්නය නගා තිබුණා. එය අද සිදුවිය හැකි දෙයක් නො වෙයි. එහෙත් ඒ ගැන කතා කිරීම වුනත් වැදගත්. එක්සත් රාජ්‍ය ලෝකයේ බලවත් ම සන්ධීය රාජ්‍යය බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. එහෙත් කැලිෆෝනියාව වෙන්වීමක් ගැන අදහසක් වුනත් ඉදිරිපත් වීමට ඒ බලගතු රාජ්‍යයේ වුවත් ඉඩක් තිබෙනවා. එක්සත් රාජ්‍ය යනු රාජ්‍ය කිහිපයක එකතුවෙන් සැදුම් ලත් සන්ධීය රාජ්‍යයක්. එය ඒකීය රාජ්‍යයක් කඩා බිඳ දමා නිර්මාණය කරන ලද සන්ධීය රාජ්‍යයක් නො වෙයි.