තුන්කොන් සටනකට ජී එල් ද?
මහා සංධානයක් හදන බව වාසුදේව නානායක්කාර කියනවා. එයට මාස එකහමාරක්
පමණ යයි කියා ඔහු හිතනවා. ඒකට කමක් නැහැ. ඒත් හුඟක් කල් ගන්න බැහැ. වාසුදේව
ජාතිකවාදියෙක් නො වෙයි. අද පාර්ලිමේන්තුවේ හා පොදුවේ දේශපාලනයේ ජාතිකවාදීන් කී
දෙනකු ඉන්නවා ද? ඒ නිසා ජාතිකවාදීන්ගෙන් පමණක් සමන්විත
සංධානයක් හදන්න බැහැ. එහෙත් ජාතිකවාදී මත මහා සංධානයේ මත විය යුතුයි.