Main Logo

Showing posts with label Muslim Extremists. Show all posts
Showing posts with label Muslim Extremists. Show all posts

Tuesday, 21 April 2020

පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19 



අද ඉරිදාවක් නොවෙයි. ඒත් අදට ගිය අවුරුද්දෙ පාස්කු ඉරිදා ගෙවිල වසරක් ගත වෙනවා. පාස්කුව යුදෙව්වන්ගෙන් ලැබුණු එකක්. ඒක චන්ද්‍ර දින දර්ශනය මත පදනම් වෙලා තියෙන්නෙ. පාස්කු දිනය ජූලියන් දින දර්ශනයට අනුව වසරින් වසර හුඟක් වෙනස් වුණා. ග්‍රෙගරියානු දින දර්ශනය සකස් කිරීමටත් මේ කරුණ මුල් වුණා. පාස්කු ප්‍රහාරය පන්සල්වලට එල්ල කෙළෙ නැත්තෙ ඇයි කියල බොහෝ දෙනා ඇහුව. මාත් ඇහුව. මා යම් යම් පිළිතුරුත් දුන්න. මුස්ලිම් අන්තවාදීන්ට සිංහල බෞද්ධයන් උසි ගැන්වීමට වුවමනාවක් නොතිබුණේ ඇයි?  පසුව අපි ඒ ගැන කෙටියෙන් කතා කරමු. දැනට නැවතත් කෙටියෙන් මැතිවරණය හා ඊයේ ජනාධිපති - ලලිත් වීරතුංග සාකච්ඡාව ගැන යමක් කියන්න ඕන. 

Saturday, 7 March 2020

එංගලන්තයේ වැඩ කිඩ

           සිංහල ලිත් ඉලක්කම්


එංගලන්තයේ වැඩ කිඩ




පසුගිය දා තිළින ගමගේ කොමිසමක් ඉදිරියේ ඉතා වැදගත් ප්‍රකාශයක් කරල තිබුණා. ඔහුගේ ප්‍රකාශයෙන් කියැවුණේ මෙරට බිරිතානි මහා කොමසාරිස් කාර්යාලයෙන් නාවික හමුදාවෙන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් යැයි කියැවෙන නඩුවේ දී ඒ නඩුව විනිශ්චය කළ තමාට බලපෑම් සිද්ධ වූ බවයි. මේ ප්‍රකාශය ගැන වැඩිදුරටත් සොයා බැලීමට රජය කටයුතු කළ යුතුයි. එය සත්‍යයක් ද නැත් ද යන්න දැන ගැනීමට අපට අයිතියක් තියෙනවා. 

Friday, 17 January 2020

පඬි කතා හා ලාල්කාන්තගෙ කාන්තිමත් කතා

   සිංහල ලිත් ඉලක්කම්


  පඬි  කතා  හා ලාල්කාන්තගෙ කාන්තිමත් කතා

ලාල්කාන්ත තිස්ස අත්තනායකගේ කතාව නැවත කියලා. ලාල්කාන්ත නිර්ධන පංති ආඥාදායකත්වය පිහිටුවීමට පෙනී සිටින විප්ලවවාදියෙක්. එය සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීම වගේ වැඩක් නො වෙයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් කියන්නෙ මොකක් ද කියල මාක්ස් හරි වෙනත් බටහිරයකු හරි කියල නැහැ. ඒ නිසා එහෙම රාජ්‍යයක් තියෙන්න පුළුවන් කියලවත් පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් හිතන්නෙ නැහැ. බටහිරයකු කියල නැති දෙයක් ලෝකයේ තියෙන්න පුළුවන් ද? 

Monday, 22 July 2019

සිංහලයන්ට වින කරන නායකයෝ

සිංහලයන්ට වින කරන නායකයෝ 

ඊයේ පාස්කු ප්‍රහාරයට මාස තුනක් පිරීම නිමිත්තෙන් විවිධ සැමරීම් පැවැත්වුණා. කටුවපිටිය පල්ලිය නැවත බැතිමතුන්ට විවෘත වුණා. සමහර පල්ලිවල බෞද්ධ ක්‍රමයට පින් දීලා. ක්‍රිස්තියානි (කතෝලික) ආගම මෙරටට පැමිණියේ යටත්විජිතවාදීන් සමග. එමෙන් ම බටහිරින් පැමිණි යටත්විජිතවාදීන් බුදුදහමට බුද්ධාගමට (බෞද්ධ සංස්කෘතියට) නිගා කළා, පහර දුන්නා. මේ සියළු දේ සමගින් බෞද්ධයන් හා කිතුණුවන් අතර ප්‍රශ්න ඇති වුණා. එහෙත් ඒ අතරත් කුල වශයෙන් ගත් කල බෞද්ධයන් හා කිතුණුවන් අතර ආවාහ විවාහ කටයුතු කෙරුණා. ඇතැම් විට ආගමට වඩා කුලය වැදගත් වුණා.

Thursday, 18 July 2019

මෙහෙමත් වැඩ්ඩෙක්

මෙහෙමත් වැඩ්ඩෙක් 


රනිල් කියන විධියට මුස්ලිම් අන්තවාදය සම්පූර්ණයෙන් ම පරාජය කරලා ඉවරයි. පොලිසිය කියන විධියට බද්‍යුද්දීන් කිසිම චෝදනාවකට වැරදිකරුවකු නොවෙයි. අර ජාතික තව්ෆීඩ් ලොක්කටත් ඇප දීලා. ඇප දෙනව ද නැද්ද යන්න තීරණය කරන්නෙ අධිකරණය වුණාට එතැනට ඇප ඉල්ලුම් කරන්න හරි නොකරන්න හරි අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කරන්නෙ පොලීසියයි. පොලීසියට ඕන නම් ඇප දෙන විධියට ඒ ලේඛන ඉදිරිපත් කරන්න පුළුවන්. එවිට ඇප ලැබෙනවා. ඇප දෙන්න එපා කියන විධියට ලේඛන ඉදිරිපත් කළහොත් තමයි අධිකරණයට තීන්දුවක් ගන්න වෙන්නෙ.

Sunday, 7 July 2019

සිංහලයන්ට වින කරන පක්‍ෂ දේශපාලනය

සිංහලයන්ට වින කරන පක්‍ෂ දේශපාලනය

දයාසිරි ජයසේකර නිතර අතහරින බෝම්බ ගැන පොහොට්ටුවේ උදවිය මෙයට වඩා කල්පනා කරන්න ඕන. ඔහු මෛත්‍රිපාලත් සමග ම මෙන් යහපාලනයට ගිය කෙනෙක්. යහපාලනයට ගිය ශ්‍රී ල නි පාක්‍ෂිකයන් දළ වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෛත්‍රිපාල මෙන් ම එක් කොටසක් ගියේ ඇතැම් රාජපක්‍ෂලාගේ තාඩන පීඩන ඉවසා ගන්න බැරුව. ඒ රාජපක්‍ෂලා හිතුවේ තමන් මහා බලසම්පන්න රජවරුන් කියා. අනෙක් අයට තිබුණේ ඔවුන්ට සවන් දී කියන දෙකක් කිරීම පමණයි.