Main Logo

Showing posts with label Asgiriya Mahanayaka Thero. Show all posts
Showing posts with label Asgiriya Mahanayaka Thero. Show all posts

Sunday, 7 July 2019

සිංහලයන්ට වින කරන පක්‍ෂ දේශපාලනය

සිංහලයන්ට වින කරන පක්‍ෂ දේශපාලනය

දයාසිරි ජයසේකර නිතර අතහරින බෝම්බ ගැන පොහොට්ටුවේ උදවිය මෙයට වඩා කල්පනා කරන්න ඕන. ඔහු මෛත්‍රිපාලත් සමග ම මෙන් යහපාලනයට ගිය කෙනෙක්. යහපාලනයට ගිය ශ්‍රී ල නි පාක්‍ෂිකයන් දළ වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෛත්‍රිපාල මෙන් ම එක් කොටසක් ගියේ ඇතැම් රාජපක්‍ෂලාගේ තාඩන පීඩන ඉවසා ගන්න බැරුව. ඒ රාජපක්‍ෂලා හිතුවේ තමන් මහා බලසම්පන්න රජවරුන් කියා. අනෙක් අයට තිබුණේ ඔවුන්ට සවන් දී කියන දෙකක් කිරීම පමණයි. 

Monday, 1 July 2019

පාක්‍යසෝති හා රාජ්‍ය නොවන සංවිධාන

පාක්‍යසෝති හා රාජ්‍ය නොවන සංවිධාන

පසුගිය ජූනි විසිහයවැනි දා මා පාක්‍යසෝති ගැන ලිව්වා. ඔහු අස්ගිරි මහානායක හාමුදුරුවන් අත් අඩංගුවට ගැනීමට ඒ වන විට යෝජනා කර තිබූ බව ඔවුබිම පුවත්පත කියා තිබුණා. අද වන විට පාක්‍යසෝති කියන්නේ තමන් මහානායක හාමුුදුරුවන් අත් අඩංගුවට ගැනීමට යෝජනා නොකළ බවයි. ඒත් අදාළ පුවත්පත කියන්නේ තමන් සතු ව පාක්‍යසෝතිගේ හඬපටය තිබෙන බවයි.

Wednesday, 26 June 2019

පාක්‍යසෝතිගෙ ගල් වරුසාව

පාක්‍යසෝතිගෙ ගල් වරුසාව 

පාක්‍යසෝති සරවනමුත්තු රෝම ලන්දේසි (ක්‍රිස්තියානි) නීතිය යටතෙ අස්ගිරි මහානායක හාමුදුරුවන්ට විරුද්ධ ව පැමිණිලි කරලා. ඔහු නීතිපතිට පැමිණිළි කර බවයි මාධ්‍යයෙන් කියැවෙන්නෙ. උසාවිය ඉදිරියට ගියා ද කියන එක පැහැදිලි නැහැ. මොනව වුණත් රෝම ලන්දේසි නීතිය සාධාරණ හැටියටයි උගන්නලා තියෙන්නෙ. පාක්‍යසොතිගෙ පැමිණිල්ල මහානායක හාමුදුරුවො මොනව කිව්ව එක ගැන ද කියන එක මාධ්‍ය කියන්නෙ නැහැ. ඒත් මාධ්‍ය පාක්‍යසෝතිට තරම් ප්‍රසිද්ධියක් මහානායක හාමුදුරුවන්ට දෙන්නෙ නැහැ කියන එක නම් පැහැදිලියි.