සිංහලයන්ට වින කරන පක්‍ෂ දේශපාලනය
දයාසිරි ජයසේකර නිතර අතහරින බෝම්බ ගැන පොහොට්ටුවේ උදවිය මෙයට වඩා කල්පනා කරන්න ඕන. ඔහු මෛත්‍රිපාලත් සමග ම මෙන් යහපාලනයට ගිය කෙනෙක්. යහපාලනයට ගිය ශ්‍රී ල නි පාක්‍ෂිකයන් දළ වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෛත්‍රිපාල මෙන් ම එක් කොටසක් ගියේ ඇතැම් රාජපක්‍ෂලාගේ තාඩන පීඩන ඉවසා ගන්න බැරුව. ඒ රාජපක්‍ෂලා හිතුවේ තමන් මහා බලසම්පන්න රජවරුන් කියා. අනෙක් අයට තිබුණේ ඔවුන්ට සවන් දී කියන දෙකක් කිරීම පමණයි.
තවත් කොටසක් යහපාලනයට ගියේ තනතුරු වරප්‍රසාද ලබා ගැනීමට. ඒ අතර තවත් පිරිසක් හිටියා දෙගිඩියාවෙන්. ඔවුන් ඉහත සඳහන් හේතු දෙකෙන් එකකින් හෝ දෙකෙන් ම හෝ යහපාලනයට යෑමට සිටි නමුත් මහින්ද ළඟ ඉන්න එක වඩාත් පෞද්ගලික ව වාසි නිසා නොගිය අය. මේ අය අද වීරයන් වගේ කතා කරාට එදා ජනවාරි අටවැනි දා ආසන්නයේ මහින්දට දුරකතනයටවත් සම්බන්ධ කර ගැනීමට බැරි වූ උදවිය.
ඔවුන් නොවෙයි නුගේගොඩ රැස්වීමට පැමිණියේ. ඔවුන් මෙරට හෝ පිටරට හෝ තමන්ගෙ ම ගෙවල්වල හෝ තමන්ගේ ම නොවන තමන්ගේ ගෙවල්වල සිටියා. නැත්නම් නුගේගොඩ කඩවල හිටියා. දිලුම් අමුණුගම හැරෙන්න ඔය වීරයන් එක් අයකුටවත් වේදිකාවට නැගීමට තරම් ධෛර්යයක් තිබුණේ නැහැ. මහින්දගේ පණිවුඩය කියවා ගැනීමට ශ්‍රී ල නි පාක්‍ෂිකයකු හිටියේ නැහැ. අද නම් ඔවුන්ට වඩා වීරයන් නැහැ.
මේ වීරයන් අද පොහොට්ටුවෙන් උද්දාමයට පත් වෙලා. පොහොට්ටුව ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ගේ නිර්මාණයක් නො වෙයි. එය දිනේෂ්, විමල්, වාසුදේව, ගම්මන්පිල ආදීන්ගේ නිර්මාණයක්. බැසිල් කෙළේ ඒ සංවිධානයට නමක් හා ලිපිනයක් ලබා දීම පමණයි. මෙරට සිංහල බෞද්ධයන් 70%ක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඔවුන්ගෙන් 60%ක් පමණ මහින්දට ඡන්දය දෙනවා. ඒ කියන්නේ මහින්දට 42%ක ඡන්ද ප්‍රතිශතයක් පක්‍ෂයක් ඇතත් නැතත් ඇති බව. පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුවට ලැබුණේ 40%ක් පමණයි. එය පොහොට්ටුවේ ජයග්‍රහණයක් නො වෙයි.
මෛත්‍රිපාලට ඒ ඡන්දයේ දී 16%ක ප්‍රතිශතයක් ලැබුණා. පොහොට්ටුවත් මෛත්‍රිපාලත් එකතු වුවහොත් 56%ක ඡන්ද ප්‍රතිශතයක් තියෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු එය තවත් වැඩිවෙලා. මෛත්‍රිපාලගේ ජනප්‍රියතාව අඩු වී ඇතැයි සැලකුවත් එය 5%කට අඩු වෙන්න බැහැ. පොහොට්ටුවට මෛත්‍රිපාල සමග එකතු නොවුණහොත් දිනන්න බැහැ. පොහොට්ටුවේ අය තම උද්ධච්ච කම පැත්තකට දමා දයාසිරිට සවන් දෙන්න ඕන. දයාසිිරිත් බෝම්බ නොගහ ඉන්න ඕන.
අද ඒ වෙනුවට දෙපැත්තේ ම, විශේෂයෙන් ම පොහොට්ටුවේ නායකයන් කරන්නේ ඊනියා සුළු ජාතික ඡන්ද ලබා ගැනීමට විවිධ දේ සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට අහිමි කිරීම. අස්ගිරියේ මහානායක හිමියන් අත්අඩංගුවට ගන්නැයි පාක්‍යසෝති සරවනමුත්තු ඔව්බිමට කළ ප්‍රකාශය දෙපැත්තෙන් ම අත්හැර දමනු ලැබුවා. ඊනියා මානව හිතවාදීන්ට විරුද්ධ ව මහානායක හිමියන් වෙනුවෙන් වචනයක් කතා කරන්න මේ නිවට නායකයන්ට බැරි වුණා. ඒත් ඔවුන් අටපිරිකර උස්සා ගෙන අස්ගිරියට යනවා. මහානායක හිමියන් මොවුන්ට වහා පිටවීමට අණ නොකරන්නේ බෞද්ධ ඉවසීම නිසා වෙන්න ඇති.
අද ගුරුකන්ද විහාර භූමියේ විග්නේෂ්වරන් ඇතුළු පිරිස බෞද්ධයනට හිමි ව තිබූ සිද්ධස්ථානයක් අයිති කර ගන්න උත්සාහ කරනවා. මේ භූමිය ඓතිහාසික එකක්. එහෙත් පුරාවිද්‍යා කොමිසම නිහඬයි. මේ නිවට උගතුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු වන්න බැහැ. ඔවුන්ට අවශ්‍ය තනතුරු ලබා ගැනීම හා රැක ගැනීම පමණයි. ගුරුකන්ද ගැන මහින්ද, මෛත්‍රිපාල ආදීන් කියන්නේ කුමක් ද? ගෝඨාභය ඉන්නේ සිංගප්පූරුවේ. ඔහු බීබීසියට නම් ප්‍රකාශයක් කරල තිබුණා. දෙරණෙන් නරක ද චතුර අල්විස් හරි වෙනත් කවුරු හරි සිංගප්පූරුවට යවල ටෝක් විත් චතුර, බිග් ෆෝකස් (මේ වැඩසටහන්වලට සිංහල නම් දාගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා ද?) වැඩ සටහනකට ගෝඨාභය එක් කර ගන්න එක.
මහින්දලා මෛත්‍රිපාලලා ගුරුකන්ද ගැන නිහඬ දෙමළ කතා කරන ජනයාගේ ඡන්ද බලාපොරොත්තුවෙන් ද? ඒ ඡන්ද ඔවුන්ට කිසි දිනෙක ලැබෙන්නට වෙල්ලාල නායකයන් ඉඩ තියන්නේ නැහැ. ඒත් අර බොරු පංඩිතයන්ගේ ව්‍යාජ සංඛ්‍යා ලේඛන මත පදනම් වෙලා මහින්දත් මෛත්‍රිපාලත් බෞද්ධයන්ට සියල්ල අහිමි කරමින් සිටිනවා. රනිල් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔහු උපන් ගෙයි සිංහල බෞද්ධ විරෝධියෙක්. රතන හිමියන් වසර දෙකකට පමණ ඉහත කිව්වෙ රනිල් ජාතිකත්වය අගය කරන අයකු කියා. චම්පකට ඇත්තේ ජනාධිපති සිහිනය පමණයි. ඔහු ඒ වෙනුවෙන් ජාතිය විකුණන ඊනියා ජාතික මගක් හදා ගෙන.
මෙරට බෞද්ධ නොවන සිද්ධස්ථාන බොහොමයක් හදා ගෙන තියෙන්නෙ බෞද්ධ සිද්ධස්ථාන තිබුණු තැන්වල. පොළොන්නරුවේ ශිව කෝවිල තියෙන තැන බෞද්ධ සිද්ධස්ථානයක් තිබූ බව අද පැහැදිලි වෙලා. පත්තිනි දේවාල කීයක් වෙනත් ආගමික සිද්ධස්ථාන කර ගෙන ද? 1892 ඉංගිරිසින් බෞද්ධ නොවන සිද්ධස්ථාන තැනීම සම්බන්ධයෙන් පැණ වූ අංක 4 දරණ ආඥා පනත ගැන දේශපාලනඥයන්ට කොච්චර කිව්වත් ඇහෙන්නෙ නැහැ. සමහරවිට දේශපාලනඥයන් හිතනවා ඇති අප කිසිවක් නොදත් මෝඩයන් කියා.
මහින්දත් මෛත්‍රිපාලත් එකතු වෙනවා නම් දෙමළ වෙල්ලාල නායකයන්ට හා මුස්ලිම් අන්තවාදී නායකයන්ට හිස නමන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. අවාසනාවකට අද භික්‍ෂූන් වහන්සේත් කිහිප නමක් හැරෙන්න දේශපාලනඥයන්ට උපදෙස් දෙනු වෙනුවට දේශපාලනඥයන් පසුපස වඩිනවා. භික්‍ෂූන් වහන්සේ මහින්ද, ගෝඨාභය, විමල්, බැසිල්, රනිල්, සජිත් පසුපස වඩිනවා. මේ තත්වය යටතේ භික්‍ෂූන් වහන්සේ එකතු වී ජනාධිපති අපේ’ක්‍ෂකයකු තෝරා ගැනීම ප්‍රශ්නයක් වෙලා. පක්‍ෂ දේශපාලනයේ භයානකකම බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. අද බොහෝ දෙනා පක්‍ෂපාත රට දැය සමයට නොව දේශපාලන පක්‍ෂවලට. ජාතික ව්‍යාපාරත් දේශපාලනඥයන් පසුපස පෙළ ගැහිලා. පක්‍ෂ දේශපාලනය නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය නැති වී යෑම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.