සීගිරිය ද සිහිගිරිය ද
සීගිරිය ගැන මුළුමනින් ම නැවත හිතන්න කාලය එළඹිලා. ඒ වෙන කිසිවක් නිසා නොව ශූන්‍යය සඳහා සිංහලයන් ලිත් ඉලක්කම් යොදා ගනිමින් නිර්මාණය කරගත් හල් කිරීම ( ්) සීගිරියෙන් හමු වී ඇති නිසා. ඒ බව කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ හර්ෂ විජයවර්ධන. ඔහු අදාළපත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ දශකයටත් වැඩි කාලයකට පෙර. මේ පත්‍රිකාව මට එකල ම නොලැබීම ගැන මා කණගාටු වෙනවා. ලිත් ඉලක්ම්වලින් සංඛ්‍යාංක ලියන්නේ මෙසේයි. එය පහත සඳහන් සබැඳියෙන් ලබා ගන්න.
සීගිරි ගී වලත් හල් කිරීමත් ඇ කාරයත් දැක්වෙනවා. මේ සංකේත හදිසියේ සීගිරියේ ලියැවුණා කියා මා විශ්වාස කරන්නේ නැහැ. සීගිරි කැටපත් පවුර සාමාන්‍ය ජනයාට විවෘත වීමෙන් පසු එකලත් නිල නොවන වශයෙන් තිබූ සංකේත එහි ලිවීමට ඔවුන්ට හැකි වී යැයි මට හිතෙනවා. මා සීගිරි ගී ගැන අධ්‍යයනයක් කර නැහැ. ගී කිහිපයක් පමණක් කියවා තියෙනවා. ඒත් වෙනත් අයගේ අර්ථවිවරණ සමග.
ඒ අර්ථවිවරණ ඉදිරිපත් කෙරෙන්නේ සම්භාව්‍ය ග්‍රන්ථවලට සාපේක්‍ෂවයි. සම්භාව්‍ය ග්‍රන්ථවල ඇති සිංහල සීගිරියේ සාමාන්‍ය ජනයාගේ සිංහල සමග සංසන්දනය කිරීම නිවැරදි ද (එය නිවැරැදි විය යුතු ද) යන්න මට ප්‍රශ්නයක්. අපට සීගිරියේ කලා ශිල්ප භාෂාව ආදිය ගැන නැවත හිතන්න වෙලා තිබෙනවා. ඒ සියල්ල අනෙක් තැන්වල දකින්න ලැබෙන කලා ශිල්පවලින් භාෂාවෙන් වෙනස් වෙනවා. සකර්බර්ග්ට පෙර කාශ්‍යප (කසුබ්) රජු සාමාන්‍ය ජනයාට පවුරක් විවෘත කර තිබෙනවා. එය පව්රක් ලෙස ලිවිය යුතු ද?
සීගිරිය ගැන මා කියවූ සිගිරි ගීවල සඳහන් වන්නේ සිහිගිරිය ලෙසයි. එහි ය් යන්න මෙන් ම යි යන්න ද සඳහන් වෙනවා. යි යනු ය් නො වෙයි. අද අප ය් යන්නක් යොදා ගන්නේ නැහැ. ය් + ඉ > යි ලෙස හිතන්න පුළුවන්. අයියා කියා ලිවිය යුත්තේ අයියා ලෙස ද නැත්නම් අය්යා ලෙස ද?
අප ව යන්න හල් කිරීමෙන් ලැබෙන ව් මෙන් ම උ ප්‍රත්‍යය යෙදීමෙන් ලැබෙන ව් + උ > වු ද තවමත් යොදා ගන්නේ ඒ ශබ්ද අතර සුළු වෙනසක් තිබෙන නිසා ද? ව් යන්නට ඌ යෙදුවොත් වූ ලැබෙනවා. ය් හා යි අතර වෙනසක් නැද්ද? ය් යන්නට ඊ යෙදුවොත් ලියන්නේ යී ලෙස ද? යී යන්න ලියැවෙන්නේ කිනම් අවස්ථාවල ද?
මා දැනට සිගිරිය ගැන ප්‍රශ්න නගනවා පමණයි. මගේ සිංහල දැනුම සාමාන්‍ය පෙළ සම්මාන සාමාර්ථයකට සීමා වෙනවා. අඩු තරමෙන් විශිෂ්ට සාමාර්ථයක්වත් නැහැ. බුද්ධාගම දැනුමත් එසේමයි. සිංහල භාෂාවට සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථ උසස් පෙළ සිංහල සමත් සිංහල උපාධිධාරීන් පශ්චාත් උපාධිධාරීන් දසදහස් ගණනක් රටේ ඉන්නවා. මගේ ප්‍රශ්න ඔවුන්ටයි.
සිහිගිරිය සීගිරිය කෙළේ කවුද? සිහිගිරිය යනු සිහිපත් කරන ගිරියක් ද? එහි ඇති සිංහයාගේ කකුල්වල ඇඟිලිවල අඩුවක් ඇත්තේ ඇයි? එහි ඇත්තේ ඇඟිලි කැඩූ සිංහයෙක් ද? ඇඟිලි කැඩූ සිංහයන් මැදින් යෑමට කසුබ් රජුට අවශ්‍ය වූයේ ඇයි? ඔහු ඇඟිලි කැඩූ සිංහයන් හිටියේ කොහේ ද? බුද්ධිමතකුවත් උගතකුවත් නොවූ මගේ හිතට විවිධ ප්‍රශ්න එනවා. සමහර ප්‍රශ්නවලට මා පිළිතුරු සපයා ගන්නවා. උගතුන් ඒ පිළිගන්නේ නැහැ. මගේ නමට පොතක් පිළිගැන්වූ එක් මහතකුට විවිධ තිස්සලාගෙන් ප්‍රශ්න ඇති වී තිබෙනවා. ඉතිහාසයේ තිස්සලා ගැනත් මට ප්‍රශ්න තියෙනවා.
අපි පසු දිනෙක සිහිගිරිය ගැන තවදුරටත් කතා කරමු. සිහිගිරිය මගේ සිහියට විවිධ දේ ගෙන එනවා.