සීගිරිය ද සිහිගිරිය ද
සීගිරිය ගැන මුළුමනින් ම නැවත හිතන්න කාලය එළඹිලා. ඒ වෙන කිසිවක් නිසා නොව ශූන්‍යය සඳහා සිංහලයන් ලිත් ඉලක්කම් යොදා ගනිමින් නිර්මාණය කරගත් හල් කිරීම ( ්) සීගිරියෙන් හමු වී ඇති නිසා. ඒ බව කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ හර්ෂ විජයවර්ධන. ඔහු අදාළපත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ දශකයටත් වැඩි කාලයකට පෙර. මේ පත්‍රිකාව මට එකල ම නොලැබීම ගැන මා කණගාටු වෙනවා. ලිත් ඉලක්ම්වලින් සංඛ්‍යාංක ලියන්නේ මෙසේයි. එය පහත සඳහන් සබැඳියෙන් ලබා ගන්න.