දුර්වල කෙරුණු සිංහල බෞද්ධ සංස්කෘතිය
රන්ජන් රාමනායක වැදගත් පුද්ගලයෙක් නොවෙයි. ඔහු තම කතාවකින් පොදුවේ මහා සංඝයා වහන්සේට අපහාස කරලා. ඔහු දැන් නම් කියන්නෙ ඇතැම් භික්‍ෂූන් වහන්සේ ගැනයි කිව්වෙ කියලා. රනිල් ඔහුගෙන් කරුණු විමසලා. රනිල්ගේ කරුණු විමසීම්වල ඇති වැඩේ මොකක් ද? අද වන විට පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තෙක් නැහැ. සහරාන් නොමැරුණා නම් ඔහුත් නිදහස් වෙනවා. දැන් වුණත් නිදහස් කරන්න පුළුවන්. සහරාන් මිය ගියේ වෙන අයකු පිපිරවූ බෝම්බයකට වෙන්න පුළුවන්. පොලීසියට බද්‍යුද්දින්ට විරුද්ධ ව ඉදිරිපත් කරන්න තරම් චෝදනාවක් නැහැ. කොහොමටත් අධිකරණයට කලින් තීරණ ගැනීමේ හැකියාව පොලීසියට තියෙනවා. හොරාගෙ අම්මගෙන්වත් පේන අහන්නෙ නැතිව ඉන්න පොලීසියට පුළුවන්.
මාධ්‍ය ඒ ගමන සජිත්ගේ භාර්යාව කී කතාවක් අල්ලා ගෙන. ඇයට වැරදීමක් වුණත් නැතත් ඇගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් තිබෙන බවයි. ඔහුට එ ජා පක්‍ෂයෙන් නාම යෝජනා ලැබේවි ද යන්න ප්‍රශ්නයක් හැටියට තියෙනවා. ඒක තීරණය කරන්නෙ රනිල්. ඒ අතර ජනමාධ්‍ය විවිධ පුද්ගලයන්ගෙන් වොයිස්කට් ලබා ගන්නවා. අපේ වොයිස් කොහොමත් කට් කර ඇති බැවින් (කට්වොයිස්) මේ මාධ්‍ය සංදර්ශනවලින් බේරිලා ඉන්න පුළුවන්.
මෙරට ජනමාධ්‍ය බොහොමයක් කරන්නේ කුකුළන් කෙටවීම. ජනමාධ්‍යවේදීන් යැයි කියා ගන්නා අය දේශපාලනඥයන් එකිනෙකාට විරුද්ධ ව යොදා ගන්නවා. දේශපාලනඥයනුත් මේ වැඩේට බොහොම කැමතියි. දේශපාලනඥයන්ට නළු නිළියන්ට වෙනත් කලාකරුවන්ට ඕන ප්‍රසිද්ධිය. රන්ජන් රාමනායකටත් අවශ්‍ය ප්‍රසිද්ධිය. අප හිතුවාට ඔහුගේ මෑත ප්‍රකාශයෙන් ඔහුට පාඩුවක් වේය කියා එසේ වන්නේ නැහැ. ඔහුට ඉන් අත් වන්නේ ලාභයක්. දැන් ඔහු ගැන හැමෝ ම කතා කරනවා. ඔහුට අවශ්‍ය එපමණයි.
අපට ප්‍රශ්නය වී ඇත්තේ මේ කුකුළන් කෙටවීම නොවෙයි. මෙහි දී බොහෝ දෙනා මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට වරද කරුවකු තවමත් නැහැ. වැඩි කල් යෑමට පෙර වැරදිකරුවා සිංහල බෞද්ධ සංස්කෘතිය වෙන්න පුළුවන්. සිංහල බෞද්ධයන් මුස්ලිම් ජනයා පිළිබඳ ඇති සැකය මේ සියල්ලට හේතුව යැයි පඬියන්, පඬි පෝතකයන් හා පඬි නැට්ටන් කියන්න පුළුවන්.
සිංහල බෞද්ධයන් සැකයක් ඇති කර ගෙන ඇත්නම් එය ප්‍රතික්‍රියාවක් මිස ක්‍රියාවක් නො වෙයි. ඇතැම් මුස්ලිම් ජනයා ක්‍රියා කරන ආකාරය නිසා ඇතැම් සිංහල බෞද්ධයන් අතර සැකයක් ඇති වෙන්න පුළුවන්. ක්‍රියාව නැති නොකර ප්‍රතික්‍රියාව නැති කරන්න බැහැ. එහෙත් පඬියන් කියන්නේ පළමුව ප්‍රතික්‍රියාව නැති කිරීමටයි.
ජනමාධ්‍ය පවතින්නේ දේශපාලනඥයන් නළු නිළියන් වෙනත් කලාකරුවන් ආදීන් නිසා. එමෙන් ම දේශපාලනඥයන් හා කලාකරුවන් පවතින්නේත් ජනමාධ්‍ය නිසා. ඒ අයට එකිනෙකා අවශ්‍ය වෙනවා. ජනමාධ්‍ය මොනවා කිව්වත් ඔවුන් ද අවසානයේ දී කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමක්.
ඇතැම් භික්‍ෂූන් වහන්සේ (පහළොස්නමකට අඩුයි) අද සිංහල බෞද්ධ සංස්කෘතියේ ආරක්‍ෂකයන් බවට පත් වෙලා. ජනමාධ්‍යත් ඒ භික්‍ෂූන් වහන්සේ සොයා ගෙන යනවා. එහෙත් මේ වොයිස්කට්වලින් පැමිණිළිවලින් කර ඇති සේවය කුමක් ද යන්න ප්‍රශ්නයක්.
මා හිතන්නේ ඊනියා නිදහසෙන් පසුව සිංහල බෞද්ධ සංස්කෘතිය මෙතරම් දුර්වලතාවකට පත් වෙලා නැහැ. යටත්විජිත සමයෙහි භික්‍ෂූන් වහන්සේ වෙඩි තබා ඝාතනය කළා. අද නොකෙරෙන්නේ එය පමණයි. එහෙත් 1987 -90 සමයෙහි ජ වි පෙ හා එ ජා ප එකතු වී එය ද කළා. දේශපාලනඥයන් භික්‍ෂූන් වහන්සේට කරන ගෞරවය ව්‍යාජ එකක් බව මා කියන්නේ බොහෝ කලක සිට. වරක් තමා ඉදිරියේ මා එසේ කීම ගැන බණ්ඩාරගම රාජා සමරනායකට කේන්ති ගොස් තිබුණා.
එ ජා පක්‍ෂය මූලික වශයෙන් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ පක්‍ෂයක්. පොහොට්ටුව ඊනියා වාමාංශික ප්‍රගතිශීලී පක්‍ෂයක්. මාක්ස්වාදය කිසි දා වලංගු නොවුණත් අදත් ඇතැමුන් එය හිස්මුදුනින් පිළිගන්නවා. පසුගිය දා ඩිව් ගුණසේකරගේ දේශපාලන දිවියට හැට වසරක් සම්පූර්ණ වුණා. ඔහුට නැති කම්කරු පංතිය ද ඇති සිංහල ජාතිය ද වඩා ලොකු? වාම කේන්ද්‍රීය පක්‍ෂවලට ජාතිකත්වයක් නැහැ. ඔවුන්ට ඇත්තේ නැති කම්කරු පංතියක් ගැන විශ්වාසයක් පමණයි. ජ වි පෙරමුණට පෙරටුගාමීන්ට කම්කරු පංතියක් තේරෙන්නේ නැහැ. ඔවුන් ඊනියා නිර්ධන පංතියක් ගැන කියවනවා. මොවුන් සියල්ලන් ම වාගේ පරොත්තමවාදී නිවට පුස්සන්.
මෙරට ජාතිකත්ව පක්‍ෂ වූයේ ශ්‍රී ල නි පක්‍ෂය හා මහජන එක්සත් පෙරමුණයි. ජාතික හෙළ උරුමය ජාතිකත්වය ගසා කෑවා. මෛත්‍රිපාල 2014 අවසන ශ්‍රී ල නි ප මරා දැමීමට කටයුතු කළා. පොහොට්ටුව ජාතිකත්වයට පැමිණිය යුතුයි. ඊනියා වාම කේන්ද්‍රීය පක්‍ෂයක් ලෙස එයට රටේ තැනක් තැනක් නැහැ. පහුගිය පෙබරවාරියේ පොහොට්ටුවට ලැබුණේ ඡන්දවලින් 40%ක් පමණයි. එය සිංහල බෞද්ධ ඡන්දවලින් 60%කට අඩුයි. මහින්ද සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ ඡන්දවලින් 60%ක් එනම් මුළු ඡන්දවලින් 42%ක් අවමයක් ලෙස ගන්නවා. පළාත් පාලන ඡන්දයේ දී පොහොට්ටුවට 42%ක් ලැබුණේ නැහැ.
රන්ජන් රාමනායකලාට බද්‍යුද්දීින්ලාට පාඩමක් ඉගැන්විය හැක්කේ ජාතිකත්ව බලවේග එකතු වීමෙන් පමණයි. ජාතිකවාදීන්ට එහි දී වාම කේන්ද්‍රීය පක්‍ෂත් එකතු කර ගන්න පුළුවන්. ට්‍රොට්ස්කි එවැනි එකතුවීම් ඊනියා මහජන පෙරමුණු ලෙස හඳුන්වා හෙළා දැක්කා. අද මෙරට ඇතැම් ට්‍රොට්ස්කිවාදීන් රනිල් සමග මහජන පෙරමුණු හදා ගෙන අන්තිම සටනට සැරසිලා.
ජාතිකත්ව බලවේග එකතු විය යුත්තේ ජාතිකත්ව නායකයකු යටතේයි. රන්ජන් රාමනායකලා කටමැත දොඩන්නේත් පාස්කු ප්‍රහාරයට වරද කරුවන් නැත්තේත් දොන් රනිල් නිසා. ඔහු ඉවත් කිරීම අද බොහෝ ප්‍රශ්නවලට විසඳුමක්. ඒ සඳහා භික්‍ෂූන් වහන්සේ එකතු වී අපට නායකයකු ඉදිරිපත් කරන්නේ නම් එය ජාතියේ යහපතට හේතු වේවි. ගෝඨාභය නාවොත් මොකද කරන්නෙ?