පාක්‍යසෝතිගෙ ගල් වරුසාව
පාක්‍යසෝති සරවනමුත්තු රෝම ලන්දේසි (ක්‍රිස්තියානි) නීතිය යටතෙ අස්ගිරි මහානායක හාමුදුරුවන්ට විරුද්ධ ව පැමිණිලි කරලා. ඔහු නීතිපතිට පැමිණිළි කර බවයි මාධ්‍යයෙන් කියැවෙන්නෙ. උසාවිය ඉදිරියට ගියා ද කියන එක පැහැදිලි නැහැ. මොනව වුණත් රෝම ලන්දේසි නීතිය සාධාරණ හැටියටයි උගන්නලා තියෙන්නෙ. පාක්‍යසොතිගෙ පැමිණිල්ල මහානායක හාමුදුරුවො මොනව කිව්ව එක ගැන ද කියන එක මාධ්‍ය කියන්නෙ නැහැ. ඒත් මාධ්‍ය පාක්‍යසෝතිට තරම් ප්‍රසිද්ධියක් මහානායක හාමුදුරුවන්ට දෙන්නෙ නැහැ කියන එක නම් පැහැදිලියි.