Main Logo

Showing posts with label Ben Emerson. Show all posts
Showing posts with label Ben Emerson. Show all posts

Wednesday, 19 July 2017

බෙන්ගේ ඩෙන්න ඩෙනා


බෙන්ගේ ඩෙන්න ඩෙනා



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා මානව අයිතිවාසිකම් වර්ධනය කිරීමටත් ත්‍රස්තවාදය නැතිකිරීමටත් කතාකරන, එකී සංවිධානයේ විශේෂ වාර්තාකරුවකු වූ බෙන් එමර්සන් ලංකාවට තර්ජනය කරලා. 2015 ඔක්තෝබරයේ දී ලංකාවේ ද සහායෙන් ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාව පූර්ණ ව ක්‍රියාත්මක නොකළහොත් දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව එමර්සන් ප්‍රකාශ කරලා. ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිෂ්ඨයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී. එක්සත් ජාතීන්ගේ සංවිධානය අද අප පාලනය කරනවා.