Main Logo

Showing posts with label Chandraprema. Show all posts
Showing posts with label Chandraprema. Show all posts

Sunday, 24 November 2019

චන්ද්‍රප්‍රේමගේ වික්‍රමය හා සුමන්තිරන්

 සිංහල ලිත් ඉලක්කම්

චන්ද්‍රප්‍රේමගේ වික්‍රමය හා සුමන්තිරන්



කොළපාට සමාජය ලියූ සී ඒ චන්ද්‍රප්‍රේම අද ඉරිදා අයිලන්ඩ් පුවත්පතට හොඳ ලිපියක් ලියා තියෙනවා. ඔහු කියනවා ජනාධිපතිවරණ ප්‍රතිඵලය පීඩාවට පත් වූ සිංහල බහුතරයෙහි ප්‍රතික්‍රියාව කියා. සමාජයේ සිදුවන ප්‍රතික්‍රියාව නිව්ටන්ගේ තුන්වැනි නියමය සමග කිසිම සම්බන්ධයක් නැති බව මා දන්නවා. ඒත් මට මේ චන්ද්‍රප්‍රේම කියන ප්‍රතික්‍රියාව ගැන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව අහඹු සිද්ධියක් ද? අර ඇමරිකාවේ සංඝනායක වල්පොල පියනන්ද හාමුදුරුවන් කියනව වගේ රංජන්ට හා මංගලට සිංහල බෞද්ධයන් දැක් වූ ප්‍රතිචාරයක් ද? එහෙම නැත්නම් එ ජා ප ඊනියා යහපාලනයට දැක් වු ප්‍රතික්‍රියාවක් ද? සිංහලයන් පීඩාවට ලක් වූයේ 2015න් පසුව ද? 

Wednesday, 16 May 2018

පළාත් සභා තබා ගනිමින් විධායකය අහෝසි කිරීම


පළාත් සභා තබා ගනිමින් විධායකය අහෝසි කිරීම



දි අයිලන්ඩ් පත්‍රයේ දින දෙකක් පුරා ලියූ ලිපියකින් සී ඒ චන්ද්‍රප්‍රේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් ඒකීය රාජ්‍යය නැති නොවන බවට තර්ක කරනවා. ඔහු ජාතිකවාදීන් ගැන විවේචනයක් ද කරනවා ජාතිකවාදීන් පළාත් සභා ක්‍රමය තබාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ වීම ගැන. ඔහු දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දු පදනම් කර ගෙන කියන්න හදනවා විධායක ජනාධිපති ක්‍රමය නැතිව පළාත්සභා තිබීමෙන් ඒකීය රාජ්‍යය ක්‍රමය අහෝසි නොවන බව.

Tuesday, 17 October 2017

මහින්දගේ ව්‍යවස්ථා නිවේදනය  


මහින්දගේ ව්‍යවස්ථා නිවේදනය



මහින්ද රාජපක්‍ෂ ඊයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරලා. එයින් කියැවෙන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මේ ආණ්ඩුවට ජනවරමක් නැති බවයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තබා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටවත් මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ. එ ජා පෙරමුණට ලැබුණේ මන්ත්‍රීධුර 106ක් පමණයි. ජනතාව සියළු ආකාරයේ ව්‍යවස්ථා සංශෝධන ප්‍රතික්‍ෂෙප කර තිබෙනවා. ජනාධිපතිවරණයේ දී නම් මෛත්‍රිපාලට ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධනවලට ජනවරමක් තිබෙනවා. එහෙත් මෛත්‍රිපාල ඒ ජනවරම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද?