Main Logo

Showing posts with label MEP. Show all posts
Showing posts with label MEP. Show all posts

Monday, 28 October 2019

කුඩේ රට හා ජාතික ව්‍යාපාරය

     සිංහල ලිත් ඉලක්කම්


කුඩේ රට හා ජාතික ව්‍යාපාරය 




පසුගිය දා නෙළුම් පොකුණේ ජාතික අපේක්‍ෂක ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතියට පිළිගැන්වීමෙන් පසු දින මා මාතලේ ආවා. ඊයේ (ඔක්තෝම්බර් 27 වැනි දා) මාත් බිරියත් ඇගේ සොහොයුරියකුත්  සොහොයුරියගේ සැමියාත් ගෝඨාභයගේ මාතලේ රැස්වීමට ගියා. අප එහි යන විට පිටියෙහි පුටු සියල්ලෙහි ම මෙන් පැමිණ සිටි අය අසුන් ගෙන සිටියා. මගේ වාසනාවකට තරමක් ඈත කිසිවකු වාඩි වී නොසිටි පුටුවක් තිබුණා. එය අනෙක් අය අසුන් ගෙන සිටි පෙදෙසට ගෙනාවා. මා එහි අසුන් ගත්තා. දැන් අහන්න එපා භාර්යාවට අසුන නොදී මා වාඩි වූයේ ඇයි කියා. මා නරක මිනිහකු බව කලින් ලිපිවල කියා ඇති. 

Tuesday, 8 October 2019

ශ්‍රි ල නි ප චන්ද්‍රිකා හැව ඇරිය යුතුයි

       සිංහල ලිත් ඉලක්කම්


ශ්‍රි ල නි ප චන්ද්‍රිකා හැව ඇරිය යුතුයි

ශ්‍රී ල නි පක්‍ෂය තවමත් පොහොට්ටුව සමග එක්වීමේ තීරණය ප්‍රකාශ කරල නැහැ. පක්‍ෂය ඒ ගැන තීරණයක් අරගෙන ඇති. ඒත් එය ප්‍රකාශ කිරීමට යම් යම් බාධා තිබෙන බව පැහැදිලියි. ශ්‍රී ල නි පක්‍ෂයේ එක් කණ්ඩායමක් තීරණයට විරුද්ධ ව විවිධ උපක්‍රම මගින් තීරණය ප්‍රකාශ කිරීම කල් දමා ගන්නා බවත් පැහැදිලියි. ඒ කණ්ඩායම චන්ද්‍රිකා විසින් මෙහෙයවෙනව කියා හිතන්න පුළුවන්. ඇල්පිටිය ඡන්දය තීරණය ප්‍රකාශ කිරීම කල් දැමීමට ගත් නිදහසට කරුණක්. චන්ද්‍රිකාට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය රැක ගන්න නොව ආදාහන කරන්න. 

Friday, 16 August 2019

ජාතික අපේක්‍ෂකයා හා මෛත්‍රිපාල

                  සිංහල ලිත් ඉලක්කම්   



ජාතික අපේක්‍ෂකයා හා මෛත්‍රිපාල 

දේශපාලනඥයන් කියන කතා පළමුවත්, දෙවනුවත්, තුන්වැනුවත් විශ්වාස නොකළ යුතුයි. ඉන් පසුවත් විශ්වාස කළ යුත්තේ කල්පනා කිරීමෙන් හා තාර බර ඇරීමෙන් පසුවයි. මෛත්‍රීපාලත් දේශපාලනඥයෙක්. ඔහු විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට කළ ප්‍රකාශ විශ්වාස කළ අයට දෙවියන්ගේ ම පිහිටයි. මෛත්‍රීපාලට උපදෙස් දෙන අය අතර දක්‍ෂයන් නැහැ. සුවාදීන බත් බැළයන්, ඉන්දීය ඒජන්තයන්, පශ්චාත් පශ්චාත් නූතනවාදීන් (පශ්චාත් නූතනවාදය තම හිත සුව පිණිස පසු කළ යන අර්ථයෙන්- ඔවුන් ජනමාධ්‍යයෙහි, දේශපාලනයෙහි, සිනමාවෙහි, සාහිත්‍යයෙහි, සංගීතයෙහි, විශ්වවිද්‍යාලවල, ඊනියා පර්යේෂණ ආයතනවල සහ තවත් ගුබ්බෑයම්වල දැක ගන්න පුළුවන්. මුහුණු පොතෙහි නම් තවමත් පශ්චාත් නූතනවාදීන් කිහිප දෙනකු ඉන්නවා) ආදීන් ඉන්නවා. පළාත් සභා මැතිවරණ කල් දැමීමට ක්‍රියා කළ මෛත්‍රිපාල අද සුවාදීනයන්ගේ උපදෙස් මත ඒ පැවැත්මීමට හැකි ද කියා බලනවා. ඒ අතර දයාසිරි වැන්නවුන් ශ්‍රී ල නි පක්‍ෂය තව තවත් දිය කරන්න වෙහෙස ගැනීමේ දී පළාත් සභා මැතිවරණ පැවැත්වීමටත් අනුබල දෙනවා. 

Monday, 13 August 2018

දයාන්ගේ පත්වීම


දයාන්ගේ පත්වීම



දයාන් ජයතිලක රුසියාවේ ලංකා තානාපති ලෙස පත්කිරීමට තීරණය වෙලා. ඔහුගේ නාම යෝජනාව පාර්ලිමේන්තුවේ විශේෂ තනතුරු පිළිබඳ කමිටුව මුල දී අනුමත කෙළේ නැහැ. ඒ සිවල් සංවිධාන රාශියක් ඔහුගේ නාම යෝජනාවට විරුද්ධ වූ නිසා. ඒත් දැන් මෛත්‍රිපාලගේ මැදිහත් වීමෙන් නාම යෝජනාව අනුමත වූ බවයි කියන්නෙ. මෙය අවසන් වරට සාකච්ඡා කරන දවසේ  ඒ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයන් කී දෙනකු රැස්වීමට සහභාගි වුණා ද? එය ඒකමතික ව සම්මත වුණා ද? ඇතැමුන් ඒ රැස්වීමට සහභාගි නොවූයේ ඇයි? ඒ ප්‍රශ්නයට කිසි දා පිළිතුරක් ලබා ගත හැකි ද?