Main Logo

Showing posts with label Fernandopulle. Show all posts
Showing posts with label Fernandopulle. Show all posts

Friday, 16 August 2019

ජාතික අපේක්‍ෂකයා හා මෛත්‍රිපාල

                  සිංහල ලිත් ඉලක්කම්   



ජාතික අපේක්‍ෂකයා හා මෛත්‍රිපාල 

දේශපාලනඥයන් කියන කතා පළමුවත්, දෙවනුවත්, තුන්වැනුවත් විශ්වාස නොකළ යුතුයි. ඉන් පසුවත් විශ්වාස කළ යුත්තේ කල්පනා කිරීමෙන් හා තාර බර ඇරීමෙන් පසුවයි. මෛත්‍රීපාලත් දේශපාලනඥයෙක්. ඔහු විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට කළ ප්‍රකාශ විශ්වාස කළ අයට දෙවියන්ගේ ම පිහිටයි. මෛත්‍රීපාලට උපදෙස් දෙන අය අතර දක්‍ෂයන් නැහැ. සුවාදීන බත් බැළයන්, ඉන්දීය ඒජන්තයන්, පශ්චාත් පශ්චාත් නූතනවාදීන් (පශ්චාත් නූතනවාදය තම හිත සුව පිණිස පසු කළ යන අර්ථයෙන්- ඔවුන් ජනමාධ්‍යයෙහි, දේශපාලනයෙහි, සිනමාවෙහි, සාහිත්‍යයෙහි, සංගීතයෙහි, විශ්වවිද්‍යාලවල, ඊනියා පර්යේෂණ ආයතනවල සහ තවත් ගුබ්බෑයම්වල දැක ගන්න පුළුවන්. මුහුණු පොතෙහි නම් තවමත් පශ්චාත් නූතනවාදීන් කිහිප දෙනකු ඉන්නවා) ආදීන් ඉන්නවා. පළාත් සභා මැතිවරණ කල් දැමීමට ක්‍රියා කළ මෛත්‍රිපාල අද සුවාදීනයන්ගේ උපදෙස් මත ඒ පැවැත්මීමට හැකි ද කියා බලනවා. ඒ අතර දයාසිරි වැන්නවුන් ශ්‍රී ල නි පක්‍ෂය තව තවත් දිය කරන්න වෙහෙස ගැනීමේ දී පළාත් සභා මැතිවරණ පැවැත්වීමටත් අනුබල දෙනවා.