Main Logo

Showing posts with label Gevindu. Show all posts
Showing posts with label Gevindu. Show all posts

Monday, 23 December 2019

ජ වි පෙ වටා කතා

   සිංහල ලිත් ඉලක්කම්


ජ වි පෙ වටා කතා



ජ වි පෙරමුණේ ඉන්න හොඳ සහෝදරයකු කියල ඇතැමුන්ගේ ප්‍රසාදයට ලක් වෙන ලාල්කාන්ත තමා කවුද යන්න හොඳහැටි ප්‍රකාශ කරමින් ගානියා පැහැර ගෙන ගිය බව කියල තිබුණා. ලාල්කාන්ත ඒ බව දැන ගත්තෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ජ වි පෙ කිසිවකු හොඳ වෙන්නෙ කොහොමද යන ප්‍රශ්නය තියෙනවා. 1971 හරි 1987-90 කාලයෙ හරි ජ වි පෙ හිටිය කිසිවකු එකල ජ වි පෙරමුණෙන් සිද්ධ වෙච්ච මිනීමැරුම් ගැන අඩු තරමෙන් පසුතැවෙන්නෙවත් නැත්නම්  ඒ කිසිවකු හොඳ වෙන්නෙ කොහොමද? ඒ සියල්ල ගැන දැන දැනත් අදත් ජ වි පෙරමුණෙ ඉන්න අය ගැන මොනව කියන්න ද? 

Monday, 28 October 2019

කුඩේ රට හා ජාතික ව්‍යාපාරය

     සිංහල ලිත් ඉලක්කම්


කුඩේ රට හා ජාතික ව්‍යාපාරය 




පසුගිය දා නෙළුම් පොකුණේ ජාතික අපේක්‍ෂක ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතියට පිළිගැන්වීමෙන් පසු දින මා මාතලේ ආවා. ඊයේ (ඔක්තෝම්බර් 27 වැනි දා) මාත් බිරියත් ඇගේ සොහොයුරියකුත්  සොහොයුරියගේ සැමියාත් ගෝඨාභයගේ මාතලේ රැස්වීමට ගියා. අප එහි යන විට පිටියෙහි පුටු සියල්ලෙහි ම මෙන් පැමිණ සිටි අය අසුන් ගෙන සිටියා. මගේ වාසනාවකට තරමක් ඈත කිසිවකු වාඩි වී නොසිටි පුටුවක් තිබුණා. එය අනෙක් අය අසුන් ගෙන සිටි පෙදෙසට ගෙනාවා. මා එහි අසුන් ගත්තා. දැන් අහන්න එපා භාර්යාවට අසුන නොදී මා වාඩි වූයේ ඇයි කියා. මා නරක මිනිහකු බව කලින් ලිපිවල කියා ඇති. 

Monday, 3 December 2018

විද්වත් කතා

විද්වත් කතා


අද සවස මරදානේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වන ලෙස අද උදේ ගෙවිඳු කුමාරතුංගගෙන් ආරාධනයක් ලැබුණා. ඒ ඊනියා විද්වත් කතාවක් කිරීමට  නො වෙයි. සමහරවිට වේදිකාවේ අසුන් ගන්නලා ඊනියා විද්වත් කතාවලට සවන් දීමට සලස්වන්න වෙන්න පුළුවන්.