Main Logo

Showing posts with label Janaka Bandara. Show all posts
Showing posts with label Janaka Bandara. Show all posts

Friday, 10 July 2020

දහනවය හා ඉන්ඩො

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9





දහනවය හා ඉන්ඩො

ජාවඩ් යුසුෆ් කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ සාමාජිකයෙක්. ඔහු දහනවවැනි සංශෝධනය තියා ගන්න ඕන කියනවා. එපමණක් නොවෙයි ඔහු පොදුජන පෙරමුණට විරුද්ධ ව කතා කරනවා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඊනියා ස්වාධීන කොමිසන් සභා කිහිපයක් පිහිටුවා තියෙනවා. ඒවාට සාමාජිකයන් පත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන්. මැතිවරණ කොමිසම ද ඉන් එක් කොමිසන් සභාවක්. ඒ වගේ ම විනිසුරුවන්ගේ පත්වීම් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරියට එන්න ඕන. 

Sunday, 8 March 2020

දහනවය හා ද්විත්ව පුරවැසිකම

    සිංහල ලිත් ඉලක්කම්


  දහනවය හා  ද්විත්ව පුරවැසිකම



දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නිසා නො වෙයි. ජනාධිපති මෛත්‍රිපාලගෙ බලතල අඩුකරලා අගමැති රනිල්ගෙ බලතල වැඩි කරන්න. ජනාධිපතිගෙ ධුර කාලය අවුරුදු හයෙන් පහට බැස්සුවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට අවුරුදු හතරහමාරකට බැරි වෙන විධියට වගන්තියක් ගෙනාවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීම වැළැක්වීමට ද්විත්ව පුරවැසියන්ට තරග කරන්න බැරි වෙන විධියට වගන්තියක් ඇතුල් කළා. 

Tuesday, 8 October 2019

ශ්‍රි ල නි ප චන්ද්‍රිකා හැව ඇරිය යුතුයි

       සිංහල ලිත් ඉලක්කම්


ශ්‍රි ල නි ප චන්ද්‍රිකා හැව ඇරිය යුතුයි

ශ්‍රී ල නි පක්‍ෂය තවමත් පොහොට්ටුව සමග එක්වීමේ තීරණය ප්‍රකාශ කරල නැහැ. පක්‍ෂය ඒ ගැන තීරණයක් අරගෙන ඇති. ඒත් එය ප්‍රකාශ කිරීමට යම් යම් බාධා තිබෙන බව පැහැදිලියි. ශ්‍රී ල නි පක්‍ෂයේ එක් කණ්ඩායමක් තීරණයට විරුද්ධ ව විවිධ උපක්‍රම මගින් තීරණය ප්‍රකාශ කිරීම කල් දමා ගන්නා බවත් පැහැදිලියි. ඒ කණ්ඩායම චන්ද්‍රිකා විසින් මෙහෙයවෙනව කියා හිතන්න පුළුවන්. ඇල්පිටිය ඡන්දය තීරණය ප්‍රකාශ කිරීම කල් දැමීමට ගත් නිදහසට කරුණක්. චන්ද්‍රිකාට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය රැක ගන්න නොව ආදාහන කරන්න. 

Tuesday, 25 June 2019

දහනවය, විස්ස හා මහින්ද


දහනවය, විස්ස හා මහින්ද 

දැන් ඒ ගමන මහින්දගෙ පිළ කියාගෙන යනවා ඔවුන් දහනවයට ඡන්දය දුන්නෙ විස්ස ගේන බවට මෛත්‍රිපාල පොරොන්දු වුණ නිසා කියල. මහින්දත් ඒ වගේ කතාවක් පහුගිය දා කිවුවා.  ශ්‍රී ල නි පක්‍ෂය දහනවයට ඡන්දය දුන්නෙත් මෛත්‍රිපාල ඔවුන්ටත් විස්සක් ගේන බවට පොරොන්දු වුණු නිසා ද? ඊයේ මා අසා සිටියා ඩලස් අලහප්පෙරුම මහා බුද්ධිමත් ස්වයං විවේචනාත්මක වෙසක් ගනිමින් තමන් දහනවයට ඡන්දය දීම වරදක් බව පිළිගන්නා බවත් එහෙත් එසේ කෙළේ විස්ස ගෙනෙන බවට පොරොන්දු වූ නිසා බවත් කියනවා. මේ ඩලස් අලහප්පෙරුම නුගේගොඩ රැස්වීම දවස්වල හිටියේ කොහෙද?  

ඒ ප්‍රශ්නය විස්සට අදාළ නැති බව පැහැදිලියි. නමුත් මා ඒ ප්‍රශ්නය අහනවා. දහනවය ගෙනාවෙ ඊනියා දින සීයේ යහපාලන ආණ්ඩුවෙන්. ඩලස් ඒ බව දන්නවා. දහනවය ගෙනාවෙ නුගේගොඩ රැස්වීමට පස්සෙ කියන එකයි මගේ මතකය. ඩලස් ඒ වන විට මහින්දගෙ හොඳ හිතවතෙක් වෙලා. ඒත් ජනවාරි මාසෙ නම් මහින්දට දුරකථනයටවත් ඔහු සම්බන්ධ කර ගන්න බැරි වුණා. කෙහෙළිය රඹුක්වැල්ලත් කියල තිබුණ දහනවයට ඡන්දය දුන්නෙ විස්ස ගේන බවට පොරොන්දුවක් දුන් නිසා කියල. කෙහෙළිය කියන්නෙ ජී එල් සමග පළාත්සභා පොදු ලැයිස්තුව අස් කර ගන්න බවට ලියුමක් දුන් තැනැත්තා. ඒ අවුරුද්දකට දෙකකට කලින්. මහින්දගෙ අනුග්‍රහයක් නැතිව ඔවුන් ඒ ලිපිය දෙයි කියල හිතන්න බැහැ. 

මහින්ද කියන ඕන දෙයක් පිළිගන්න රටේ අර පනස්අට ලක්‍ෂයෙන් අති විශාල බහුතරය සූදානමින් ඉන්නවා. ඔවුන් මා කියන දෙයක් සතපහකට ගණන් ගන්නේ නැහැ. මහින්ද කොටි පරදවන්නෙ අරකෙන් ද කියල සෝමවංශ අමරසිංහගෙන් අහන්න අවුරුදු විස්සකටත් ඉස්සර කොටි පැරදවිය හැකි බව හා යුතු බව මා කියා තිබුණා. එහෙත් මා කියන දේට වඩා මහින්ද කියන දේ මිනිසුන්ට විශ්වාසයි. ඔවුන් මා සලකන්නේ කිසි වැඩක් කරල නැති නිකම් ලිපි ලියන්නකු හැටියට පමණයි. සමහරු හිතන්නෙ මට පුළුවන් ඊනියා තියරි විතරයි කියලයි. මා ප්‍රායෝගික ව කර ඇත්තේ කුමක් දැයි ඔවුන් අහනවා. මා ආයුධයක් ගෙන සටන් බිමට ගිය නැති බව ඇත්තයි. ඒහෙත් මා කිසිවක් නොකළ අයකු ලෙස සැලකීම නම් තරමක ප්‍රශ්නයක්. ඒත් ඒ ගැන මා පුදුම වෙන්නේ නැහැ. හතරවැනි සියවසෙන් පමණ පසුව අප හිතන එක නතර කරලා. අප දන්නේ හිතන අය ගැන නොව අනුන්ගේ සින්දු කියන ඩ්‍රීම් ස්ටාර්ලා ගැන පමණයි. මා කියන්නේ පඬියන් ගැන ම පමණක් නො වෙයි.  

අවාසනාවකට ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ සම්පූර්ණ ගෞරවය ම මෙන් මහින්දට හිමිවෙලා. වැඩිම වුණොත් ගෝඨාභය ගැන කියාවි. එහෙත් සරත් ෆොන්සේකා වසන්ත කරන්නාගොඩ ආදීන් ද සිටිනවා. මේ ගෞරවය නිසා මහින්ද කියන ඕනෑම දෙයක් පනස්අට ලක්‍ෂය පිළිගන්නවා.   

පනස්අට ලක්‍ෂය මා ප්‍රතික්‍ෂෙප කරාවි. මට ලැබුණු කුට්ටිය කීයද කියලා අහාවි. එහෙත් මා ඉතා හොඳින් දන්න දෙයක් තියෙනවා. දහනවය සාකච්ඡා වෙන කාලෙ විස්සක් ගැන ඒකාබද්ධ විපක්‍ෂය කතා කෙළේ නැහැ. මා එය දැන ගත්තේ කෙසේ ද කියා මා කියන්නේ නැහැ. එකල මා ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානීන්ට පෞද්ගලික ව  ලිපියක් යැවුවා අඩු තරමෙන් දහනවයේ යම් යම් කොන්දේසි ඉවත් කරවන්න කියා. එහෙත් ඔවුන් ඒ ලිපිය සතපහකට ගණන් ගත්තේ නැහැ. ඒ වන විට මහින්ද දහනවයට ඡන්දය දෙන්න තීරණය කරල ඉවරයි. පසු දිනෙක පවිත්‍රා වන්නිආරච්චි ඉතා පැහැදිලි ව කියා තිබුණා තමන් දහනවයට ඡන්දය දුන්නෙ සර් (මහින්ද) කී නිසා කියල. විස්සක් ගැන කතාවක් තිබුණෙ නැහැ. 

විස්සෙ කතාව ඊයෙ පෙරේදා ඇදල ගත්ත එකක්. දහනවයට ඡන්දය දීම වරදක් බව පෙන්නුවා ම තමයි විස්සක් ඇදල ගත්තෙ. ඊට ඉස්සර විස්සක් ගැන කියැවුණෙ නැහැ. පසු කාලෙක 2018 මැයි මාසෙ වගේ ජ වි පෙ ආණ්ඩුව වෙනුවෙන් විස්සක් ගෙනාවා. ඒක විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් ම වගේ අහෝසි කරන්න ගෙනාපු එකක්. ජනාධිපති තෝරන ක්‍රමයත් වෙනස් කරන්න ඒකෙ කියල තිබුණා. 2018 මැයි මාසෙ විස්ස ගැන මා ලියා ඇති මහින්දගෙ මුට්ටි දේශපාලනය ගැනත් කියලා. දහනවය ගෙනාපු දවස්වල විස්සක් ගැන කතාවක් තිබුණෙ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ මහින්දගෙ කීමට දහනවයට ඡන්දය දුන්නා. අද ඔවුන් විස්ස ගැන බයිලා කියනවා. 

හොඳයි අපි හිතමු මෛත්‍රිපාල විස්ස ගේන බවට පොරොන්දු වුණා කියල. දැන් ඒ විස්සෙ තියෙන්න යන්නෙ මොනව ද කියල ඩලස් හරි කෙහෙළිය හරි පවිත්‍රා හරි දැන ගෙන හිටිය ද? දැන ගෙන හිටිය ම කියමු. එත් මේ අනාගතයෙ සිද්ධ වෙන දෙයක් ගැන දුන් ඊනියා පොරොන්දුවක් නිසා දහනවයට ඡන්දය දෙනවා ද? ජනාධිපති ධුරයක් දැරූ අයකු කිසිම ලියවිල්ලක් නැතිව මෛත්‍රිපාල දුන් පොරොන්දුවක් මත පමණක් ඒ සා වැදගත් පනතකට ඡන්දය දෙනවා ද? 

අනෙක් අතට ඒකාබද්ධ විපක්‍ෂයෙ ම අය තමයි කිව්වෙ මෛත්‍රිපාල විශ්වාස කරන්න බැහැ කියලා. රෑ එකට ආප්ප කා පසුදා උදේ තමන්ට විරුද්ධ වූ අයකු ගැන මාස කිහිපයක් යන්නට මත්තෙන් එවැනි විශ්වාසයක් ඇති කර ගත්තේ කෙසේ ද? මට මෛත්‍රිපාල ගැනවත් මහින්ද ගැනවත්  තදබල විශ්වාසයක් නැහැ.  ඒත් ඒ දෙදෙනා එකතු නොවී රනිල් ඉවත් කරන්න බැරි බව මා දැන සිටියා. මා ඒ සඳහා ලිව්වා. පහුගිය ඔක්තෝම්බරයෙ එය එලෙසමත් ඉටු වුණා. මයිලෝ කාරයන් නොවන්නට අපට හුඟක් දේ කර ගන්න තිබුණා.  

මහින්ද දහනවයට ඡන්දය දෙන්න ඒකාබද්ධ විපක්‍ෂය පෙළඹෙව්වේ තමාට ඊනියා විධායක අගමැතිකම ලැබේවිය යන බලාපොරොත්තුවෙන් විධායක ජනාධිපති බලතල කපා දැමීමට කියන එක දැන් කියන එකක් නැහැ. ඔහු අඩු වශයෙන් දහතුන ගැනවත් හිතුවේ නැහැ. පළාත් සභා තිබිය දී විධායක ජනාධිපති බලතල කප්පාදු කිරීම ඔහුට ප්‍රශ්නයක් වුණේ නැහැ. රට ගැන නොව පෞද්ගලිකත්වය ගැන පමණක් සිතා තීරණ ගැනීමේ වරදින් අද රට ම අස්ථාවර වෙලා. මහින්ද ඒකාබද්ධ විපක්‍ෂයේ ඡන්ද ලබා නොදෙන්න දහනවය සම්මත කර ගන්න බැහැ.  

2018 මැයි 05, 08, 16, 26, 27, 30 හා ජූනි 08 කාලය වෙබ් අඩවියේ පළ වූ ලිපි කියෙව්වොත් විස්ස ගැන තව යමක් කමක් දැන ගන්න පුළුවන්. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා. දහනවයට පමණක් නොව යහපාලන අයවැයටත් ඒකාබද්ධ විපක්‍ෂය ඡන්දය දුන් බවයි මගේ මතකය. වැරදි නම් කියන්න. මේ රටේ තියෙන්නෙ දරුණුම ගණයෙ ගණුදෙනු (ඩීල්) දේශපාලනයක්. දහනවයට විරුද්ධ ව ඡන්දය දුන්නෙ සරත් වීරසේකර පමණයි. ජානක බණ්ඩාර ඡන්දය නොදී ගෙදර ගියා.