Main Logo

Showing posts with label Dual Citizenship. Show all posts
Showing posts with label Dual Citizenship. Show all posts

Sunday, 10 May 2020

අභිනව පාර්ලිමේන්තුව හා මාස තුන

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 




අභිනව පාර්ලිමේන්තුව හා මාස තුන

මේ රටේ තරම් කුහක දුර්දාන්ත අදමිටු විපක්‍ෂයක් තවත් කොහේවත් ඇතැයි කියල හිතන්න බැහැ. විපක්‍ෂය සජිත්ගෙ නායකත්වයෙන් නැවතත් උසාවියට ගිහිල්ල. එකක් කල් ඉකුත් වූ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා ගැනීමේ අරමුණින්. අනෙක ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස පත්වීම අවලංගු කර ගැනීමේ අරමුණින්. විපක්‍ෂය කොවිඩ් මැඩීමට ආණ්ඩුවට ආධාර කරන්නේ නැහැ. වගකිව යුතු විපක්‍ෂයක් නම් කළ යුත්තේ පාර්ලිමේන්තුවක් නැති අවස්ථාවක වෙනත් ආකාරයකින් හරි ආධාර කරන්න. එහෙත් ඔවුන් එයට සූදානම් නැහැ. අගමැති මහින්ද රාජපක්‍ෂ සියලු හිටපු (2015 පාර්ලිමේන්තුව පමණක් නො වේ) මන්ත්‍රින් කැඳවූ අවස්ථාවෙ සජිත්ලා අනුරලා එයට ගියේ නැහැ. සුමන්තිරන්ටත් වැඩියෙන් ඕන කළේ දෙමළ ජනතාවගෙ ඊනියා ප්‍රශ්න කතා කරන්න. 

Tuesday, 10 March 2020

සිරිසේන නැවත යැවීමේ දේශපාලනය

 සිංහල ලිත් ඉලක්කම් 


සිරිසේන නැවත යැවීමේ දේශපාලනය 


නැවත වරක් සිරිසේන හා ශ්‍රී ල නි පක්‍ෂයේ කිහිප දෙනකු ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරෙන් පන්නා දැමීමට කටයුතු කෙරෙමින් තියෙන බව පැහැදිලියි. ඉතා පැහැදිලිව පොදු ජන පෙරමුණේ උද්ධච්ඡයන් කිහිප දෙනකු ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයට එකතු වුණු ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට කෙණෙහිළිකම් කරනවා. මේ උද්ධච්ඡයන් පිටුපස ඉන්නා තැනැත්තාට අවශ්‍ය මෙරට ජනාධිපති වීමට. ඔහු ඒ බව කෙළින් කියන්නේ නැහැ. ඔහු ගෝඨාභය රාජපක්‍ෂට විරුද්ධයි. 

Sunday, 8 March 2020

දහනවය හා ද්විත්ව පුරවැසිකම

    සිංහල ලිත් ඉලක්කම්


  දහනවය හා  ද්විත්ව පුරවැසිකම



දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නිසා නො වෙයි. ජනාධිපති මෛත්‍රිපාලගෙ බලතල අඩුකරලා අගමැති රනිල්ගෙ බලතල වැඩි කරන්න. ජනාධිපතිගෙ ධුර කාලය අවුරුදු හයෙන් පහට බැස්සුවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට අවුරුදු හතරහමාරකට බැරි වෙන විධියට වගන්තියක් ගෙනාවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීම වැළැක්වීමට ද්විත්ව පුරවැසියන්ට තරග කරන්න බැරි වෙන විධියට වගන්තියක් ඇතුල් කළා.