Main Logo

Showing posts with label Podujana Peramuna. Show all posts
Showing posts with label Podujana Peramuna. Show all posts

Monday, 27 January 2020

ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද?

 සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද?



පොහොට්ටුවාදීන් පොහොට්ටුව ගැන කතා කරන්නේ නැතිව ම බැරි ලකුණක් ලෙස. හරියට ගෝඨාභය රාජපක්‍ෂ දිනුවෙ පොහාට්ටුව හින්ද වගේ. මට අහන්න තියෙන්නෙ පොඩි ප්‍රශ්නයක්. ගෝඨාභය වෙන ලකුණකින් ඉදිරිපත් වුණා නම් පරදිනවා ද? පරදන්න තිබුණ ද කියල අහමු. 

Friday, 1 November 2019

සිරිජාතිකවාදී මා

    සිංහල ලිත් ඉලක්කම්


සිරිජාතිකවාදී මා 




ඊයේ (ඔක්තෝම්බර් 31) මෙරට වැදගත් දිනයක්. පක්‍ෂ හා සංවිධාන දහහතක් එකතු වී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය ගොඩ නැගුවා. එහි ඇතැම් පක්‍ෂ හා සංවිධාන මැතිවරණ කොමිසමේ ලියා පදිංචි නැහැ. එය එතරම් වැදගත් නැහැ. ඇතැමුනට මේ නව සංධානය මීළඟ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වූ වාහකයක් පමණයි. එයත් ඇතැමුන් තම පාක්‍ෂිකයන් ඉදිරිපත් කිරීම සඳහා උපක්‍රමයක් ලෙස යොදා ගන්නවා. පොදුජන පෙරමුණට හා ශ්‍රී ල නි පක්‍ෂයට හැරුණු විට අනෙක් පක්‍ෂ හා සංවිධාන සියල්ලට ම ලැබෙන්නේ අපේක්‍ෂකයන්ගෙන් 18%ක් පමණයි. එය පක්‍ෂ හා සංවිධාන පහළොවක් අතර බෙදී යන්න ඕන. ඒ පක්‍ෂකයට සාමාන්‍යයෙන් අපේක්‍ෂකයන් තුන්දෙනකු පමණ ලැබෙන්න පුළුවන්. ඇතැම් පක්‍ෂයකට එයට වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුළුවන්. ඊයේ සිට මහා මැතිවරණයට අපේක්‍ෂකයන් තේරීම නිල වශයෙන් ආරම්භ වුණා.

Sunday, 11 August 2019

පොදුජන පෙරමුණට ජාතිකත්ව නායකත්වයක්


    සිංහල ලිත් ඉලක්කම්


පොදුජන පෙරමුණට ජාතිකත්ව නායකත්වයක්




අද පැවැත්වෙන පොදු ජන පෙරමුණේ ජාතික සම්මේලනයට සුබ පතනවා. ඒ එය පොදු ජනයාගේ, සිංහල පොදු ජනයාගේ පක්‍ෂයක් නිසා මිස පුද්ගලයකුගේ පක්‍ෂයක් නිසා නොවෙයි. පුද්ගලයකු පක්‍ෂය නිර්මාණය කළා නම් ඒ දිනේෂ් ගුණවර්ධන  බව මා කියනවා. ඇතැමුන් පක්‍ෂයත් ගෝඨාභයත් තමන්ගේ බවට පත් කර ගන්න හදනවා. එයට ඉඩ නොදිය යුතුයි. මේ පක්‍ෂය නිර්මාණය කෙරුණේ ජනතාව අතින්. මේ ජනතාව කවුද යන්න පළමුවෙන් හඳුනා ගන්න ඕන. 

Tuesday, 9 October 2018

අද වහීවි ද?


අද වහීවි ද?



මේ දිනවල වහිනවා. ඒත් අද වහීවි ද? අද රටේ දේශපාලනයේ වැදගත් දවසක් වෙන්න පුළුවන්. සමහරුනට නම් මේකත් රංගනයක කොටසක්. දැන් තියෙන්නෙ රනිල් මෛත්‍රිපාල රංගනයත් ඉක්මවා ගිය රනිල් මෛත්‍රිපාල මහින්ද රංගනයක් බව ඔවුන් කියාවි. ඒ කුමක් වුවත් අද ඒකාබද්ධ විපක්‍ෂෙ/ පොහොට්ටුවෙ අය ජී එල් පීරිස්ගෙ ගෙදර භාරකාර ආණ්ඩුවක් ගැන තීරණය කරන්න රැස්වෙන බවට ආරංචි තියෙනවා. මේ රටේ සම්ප්‍රදාය අනුව රැස්වීමේ දී කිසිම තීරණයකට නොඑළඹෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් නැවත දිනයක හමුවන්න පමණක් තීරණය වන්නත් පුළුවන්.

Monday, 18 June 2018

දහසය දෙනා සාදරයෙන් පිළිගනිමු


දහසය දෙනා සාදරයෙන් පිළිගනිමු



අද රනිල් ඉවත් කර ගතහොත් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන්. එය 2019 ට හෝ 2020 ට හෝ කල් දැමීමෙන් සිදුවන්නේ රනිල්ට තව තවත් සිංහල බෞද්ධ විරෝධී රටට අහිතකර පනත් සම්මත කර ගැනීමට ගිවිසුම් අත්සන් කිරීමට අවස්ථාව ලබා දීම පමණයි.

Tuesday, 13 February 2018

මා හා දේශපාලනඥයන්



මා හා දේශපාලනඥයන්


මා මහින්දවාදීන්ගේ හා මාක්ස්වාදීන්ගේ (ව්‍යාජ සමාජවාදීන්ගේ) තරම් වෙනත් කිසිවකුගේ වෛරයට පාත්‍ර වී නැහැ. ඒ කියන්නේ දේශපාලනඥයන් මා කෙරෙහි යහපත් ආකල්පයක් දක්වා ඇති බව නො වෙයි. 1987-88 සමයේ දී එ ජා ප ආණ්ඩුවේ මෙන් ම ජ වි පෙරමුණේ ද මරණීය තර්ජන මට තිබුණා. මට රට හැර යෑමට පවා සිදු වුණා. ව්‍යාජ සමාජවාදීන් මට වෛර කෙළේ මා මාක්ස්වාදය පට්ට ගැසූ නිසයි. අද මාක්ස්වාදයට මෙරට කිසිම තැනක් නැහැ. ඔවුන්ගෙන් ඇතැමකු තවමත් කම්කරු පංතිය හොයනවා.